IMG-LOGO

විදුලි තොරතුරු දැනගැනීමට මෘදුකාංගයක්

(බිඟුන් මේනක ගමගේ)
 

ලංකා විදුලි (පෞද්ගලික) සමාගම (ලෙකෝ) සිය පාරිභෝගික සේවා වඩාත් පහසු හා කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් මයි ලෙකෝ MYLECO නමින් මෘදුකාංගයක් (ඇප්) හඳුන්වා දී ඇත.

විදුලි බිල්පත් ගෙවීම, විදුලිය කප්පාදු ගැන තොරතුරු, බිල්පත් ඉතිහාසය, ණය ශේෂ පිළිබඳ කරුණු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම දැනගැනීමට මෙමගින් හැකි බව ලංකා විදුලි පෞද්ගලික සමාගම පවසයි.

ඊට අමතරව 1910 කෙටි දුරකථන අංකය මගින් විදුලිය කප්පාදු හා බිඳවැටීම් ගැන තොරතුරු දැනගැනීමට ද පාරිභෝගිකයන්ට හැකියාව ඇත.

මෙම සන්නිවේදන මාර්ග නිසා විදුලි පාරිභෝගිකයන්ට ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක සේවා සපයන්නන් සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙන්නේ යැයි ලෙකෝ සභාපති තිස්ස නානායක්කාර මහතා පවසයි.



අදහස් (2)

විදුලි තොරතුරු දැනගැනීමට මෘදුකාංගයක්

D Jaya Friday, 22 November 2019 12:47 AM

මේක කලින් ඉඳලා තිබුනා. නමුත් තවමත් විදුලි බිල් පත් ගෙවීමට AMEX කාඩ් මගින් නොහැකි වීම මෙහි දුර්වලතාවයක්. තවද LECO ආයතනයේ බොහෝ ගෙවීම් ශාඛාවල කාඩ් පත් මගින් ගෙවීමට නොහැකිවීමත් දුර්වලතාවයක්. තවදුරටත් මෙම බිල්පත් ගෙවීම පාරිභෝගිකයාට හිතවත් ආකාරයට දියුණු විය යුතුය.

:       0       3

Saman Saturday, 23 November 2019 01:02 PM

කළුතරට විදුලිය කැපුවාම කතාකරන්න කියන්නේ පයාගල තිබෙන ලෙකෝ එකට... ගොඩක් වෙලාවට ලයිට් ගිය ගමන් ඒ ෆෝන් නම්බර් එකත් ස්ට්‍රයික්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 156 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 681 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site