භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් මිලියන 500ක් වටිනා සුකුක් නිකුතුව (Sukuk Issuance) සඳහා A+(lka) අවසන් ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බව ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනය පවසයි.
එසේම මෙය එම සමාගම වෙත ලබා දී ඇති ජාතික දිගුකාලීන ශේණිගත කිරීමට සමාන මට්ටමක් බවත් එම ආයතනය සඳහන් කරයි. විදුල්ලංකා පීඑල්සී සමාගම මේ වසරේ ජනවාරි 03 සිදු කළ අනාවරණයකට අනුව මෙම සුකුක් නිකුතුව පිළිබඳව සඳහන් කර තිබුණි. එහිදී වසර පහක කාලයක් සඳහා වන ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත, පිරිමුදවාගත හැකි රුපියල් මිලියන 500ක් වටිනා සුකුක් නිකුතුවක් සිදු කිරීම සැලසුම වී තිබේ. සුකුක් නිකුතුවක් යනු ඉස්ලාමිය මූල්‍ය සහතිකකරණයක් වන අතර, එය ෂරියා නීතියට අනුකුල බැඳුම්කර ලෙසින්ද සැලකෙයි. මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් විදුල්ලංකා සමාගමෙහි කෙටිකාලීන ණය ප්‍රතිමූල්‍යයනය කිරීම සඳහා සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහාත් යොදා ගැනීමට නියමිතව තිබේ.
2025 දෙසැම්බර් මස 18
540
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුල්ලංකා සුකුක් නිකුතුවට ෆිච් වෙතින් A+(lka) ශ්‍රේණිගත කිරීමක්