IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදුලිය ඛනිජතෙල් වෙ​ෙළඳපොළට පීඩනයක් නොවන ලකුණු

ඉන්ධන හා විදුලිය ගාස්තු වැඩිකිරීමේ රජයේ තීන්දුව වෙළෙදපොළ කෙරෙහි තද පීඩනයක් ඇති කර නොමැති බව නිරීක්ෂණය වේ. සමාගම්වල ප්‍රතිලාභ එම වැඩිකිරීම් සමබර කර ඇත. කෙසේ වෙතත් අපනයන අංශයට මෙහි බලපෑමක් එල්ලවනු ඇතැයි සැලකේ. දැනට වැඩිම අවධානයක් බැංකු හා මුල්‍ය අංශයේ කොටස්වලට තිබේ. ඩොක්යාඩ් ගනුදෙනුව ගැන මෙරට ආයෝජකයන් යුහුසුළුවී ඇති අතර කොටස් මිල දී ගැනීමේ තරඟයක නිරතය. 
ගනුදෙනුවල දී ද විදේශීය සහභාගීත්වය සලකා බලන පසු විකිණීමේ ප්‍රවණතාව තව දුරටත් ඉහළ ගියේය. ඊයේ (ජුලි 02) ගනුදෙනුවල දී මිලදී ගැනීම් රු. මිලියන 67.92 ක් වූ අතර විකිණීම් රු. මිලියන 3436.47 කි. ශ්‍රී ලංකාවෙන් පිටතට ගිය ශුද්ධ විනිමය ප්‍රමාණය රු. මිලියන 3,369 කි. ජුනි මාසයේ පළමු දින දෙක තුළ පමණක් රු. මිලියන 3,504 ක මුදලක් මෙරටින් ඉවත්ව ගොස් තිබේ. මෙම තත්වය ඉතා පරීක්ෂාකාරීව අවධානයට ගත යුතුවේ. 
ඊයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,142.79 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 145.06 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,359.04 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 16.07 ක වර්ධනයක් සේ වාර්තා වේ. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 40,634 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 248.3 ක් විය. සමාගම් 154 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 85 කි. 
ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 681, රීල් ප්‍රොපටි රු. මිලියන 599 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 333 ක්, පෑන් ඒෂියා රු. මිලියන 185, සම්පත් රු. මිලියන 172 ක්, පෑන් ඒෂියා රු. මිලියන 285 ක්, ඩොක්යාඞ් රු. මිලියන 257 ක්, පෑන් ඒෂියා පවර් රු. මිලියන 248 ක්, සී.අයි.සී. නිෂ්ඡන්ද රු. මිලියන 197 ක්, සී.අයි.සී. රු. මිලියන 195 ක්, එල්.වී.එල්. එනර්ජි රු. මිලියන 178 ක්, සෙලාන් බැංකුව නිෂ්ඡන්ද රු. මිලියන 159 ක්, ඩිප්ප්‍රඩක්ට් රු. මිලියන 151 ක්, සහ ඒ.සී.එල්. රු. මිලියන 137 ක් වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.

නිරීක්ෂක



අදහස් (0)

විදුලිය ඛනිජතෙල් වෙ​ෙළඳපොළට පීඩනයක් නොවන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site