විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසර මුලදී විදුලිය ගාස්තුව සියයට 20කින් අඩු කිරීමෙන් පසුව 2023 වසරේ සිව්වැනි කාර්තුවේ සිට පිට පිට කාර්තු 5 ක් ලාබ ලැබූ ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 18 ක පාඩුවක් ලබා ඇතැයි එහි අතුරු මූල්‍ය වාර්තාව පෙන්වා දුන්නේය.
සියයට 20 කින් මෙම වසර මුලදී විදුලිය ගාස්තුව අඩු කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනද ප්‍රමදයකට ලක්වූ අතර, පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම එහි කැපවීමක් වීම එයට හේතුව විය.
ලංකා විදුලිබල මණ්ඩලයේ මෙම වසරේ පළමු කාර්තුවේ ආදායම රුපියල් බිලියන 93.9 ක් වූ අතර, එය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 44 ක ආදායම පහළ යෑමක් විය. එසේම මෙම වසරේ පළමු කාර්තුවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ විකුණුම් පිරිවැය රුපියල් බිලියන 112.1ක් වූ අතර, පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව එය සියයට 6.8 ක ඉහළ යාමකි.
ඒ අනුව පළමු කාර්තුවේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 18.2 ක දළ පාඩුවක් ලබා ඇත. ඉහළ විදුලිය ගාස්තුවක් සහ ස්ථාවර වෙමින් පැවැති මුදල් ඒකකයක් තිබූ පසුගිය වසරේ පළමු කාර්තුවේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 62.7 ක දළ ලාබයක් ලබා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිබල මණ්ඩලයට පළමු කාර්තුවේදී රුපියල් බිලියන 18 ක පාඩුවක්