Sayora Healthcare පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සචිනි අත්තනායක මහත්මිය Entro Queen Excellence – Leading Lady in Business 2025 සම්මාන උළෙලේදී රූපලාවණ්‍ය, සෞඛ්‍යය සහ සුවතා අංශයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන ඇය Sayora Healthcare තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ පෙරළියක් කර ඇත.
Modern Aesthetics, Natural Aesthetics, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර, ඖෂධ, රසායනාගාර සේවා, භෞත චිකිත්සක ප්‍රතිකාර, Chiropractic වැනි සේවා රැසක් එම ආයතනය සපයයි. “Sayora Healthcareහි අප විශ්වාස කරන්නේ විද්‍යාව සහ සොබාදහම එකට එකතු කිරීමෙන් සැබෑ සුවපත්භාවය ලැබිය හැකි බවයි. හුදෙක් සුවපත් කිරීමෙන් ඔබ්බට ගොස් කායික, චිත්තවේගීය සහ ආධ්‍යාත්මික වශයෙන් සෑම කෙනෙක්ම බල ගැන්වීම අපගේ දැක්මයි.” ඇය පැවසුවාය.
පෞද්ගලික ජයග්‍රහණයක් නොවන මෙම සම්මානය ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ සහ ඉන් ඔබ්බට වෙනසක් සිදු කිරීමට දායක වන සෑම කාන්තාවකටම උපහාරයකි. ඒ තුළින් වඩා යහපත් අනාගතයක් උදෙසා කැප වූ නායකත්වය සහ කැපවීම අගය කෙරේ. “මෙම ජයග්‍රහණය Sayora Healthcare ආයතනයට අදාළව පමණක් නොවෙයි. සමස්ත ක්ෂේත්‍රය තුළම වෙනසක් කිරීමට මා දිරිමත් කරනවා. කාන්තාවන් එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරන විට විශිෂ්ට දෑ සිදු වන බව එය මට සිහි ගන්වනවා.” ඇය වැඩිදුරටත් පැවසුවාය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍ය සචිනි අත්තනායකට Entro Queen Excellence 2025 විශිෂ්ටතා සම්මාන