IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


විකුණුම් ප්‍රමුඛයන් අගයමින් 2025 ජාතික විකුණුම් සම්මාන උළෙල සාර්ථකව ඇරැඹේ

අලෙවිකරුවන් සඳහා වූ ජාතික ආයතනය ලෙස 1970 වසරේ සිට ආරම්භ කරන ලද ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ මනා කැපවීමක් සහ වෘත්තීය හැකියාවක් ප්‍රදර්ශනය කළ අලෙවිකරුවන් ඇගයීම සඳහා ජාතික අලෙවි සම්මාන රාත්‍රිය 2025 (NSA 2025) සංවිධානය කර තිබේ. මෙවර මෙම සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ ‘ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා පිටුබලය ලබාදෙන අලෙවිකරුවන්‘ යන තේමාව මුල් කරගනිමිනි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත මහතා මෙසේ ප්‍රකාශ කළේය. ”‍සැබෑ විකුණුම් විශිෂ්ටත්වය යනු ඉලක්ක සපුරා ගැනීමෙන් ඔබ්බට විහිදෙන්නක්. අර්ථවත් වටිනාකමක් සේවාදායකයන් වෙනුවෙන් නිර්මාණය කිරීම, ඔවුන්ගේ උපායමාර්ගික අවශ්‍යතා මැනවින් අවබෝධ කර ගැනීම,ව්‍යාපාරික කටයුතු සදාචාරාත්මක ලෙස පවත්වා ගැනීම සහ දිගු කාලීන හවුල්කාරිත්වය වර්ධනය කිරීම ආදී කරුණු රාශියක් ඊට ඇතුළත් වෙනවා. අපේ රටේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයන්ට තිරසාර ව්‍යාපාර වර්ධනයක් සහිතව විශිෂ්ටත්වය කරා ළඟා වීම සඳහා සුවිශේෂී වේදිකාවක් ජාතික විකුණුම් සම්මාන මඟින් සපයනවා.”‍ 

අලෙවිකරුවන් ලබා දෙන දායකත්වය තවත් එක් කාර්යයක් පමණක් නොව, ඔවුන් ඉහළ යන සංඛ්‍යාවන් පිටුපස සිටින සවිමත් සහ ස්ථාවර ගාමක බලවේගයක් බවත්, ව්‍යාපාරය වෙත වටිනාකමක් එක් කිරීම පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් සිටින නායකයන් බවත් සිහිපත් කරමින් ඔවුන්ට උසස් ඇගයීමක් ලබාදීමට මෙවර ජාතික අලෙවි සම්මාන උළෙල හරහා අපේක්ෂා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් එකතු කරමින් SLIM හි ඉසව් කළමනාකරණය පිළිබඳ උප සභාපති ඉනොක් පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය. ”‍ජාතික අලෙවි සම්මාන 2025 ඔස්සේ දිවයින පුරා උපායමාර්ගික ව්‍යාපාරවල සාර්ථකත්වය කෙරෙහි මහඟු‍ මෙහෙවරක් ඉටුකළ අලෙවි වෘත්තිකයන් හඳුනාගනු ලබනවා. මෙම වසරේදී නව සම්මාන කාණ්ඩ කිහිපයක් සහ වැඩි කර්මාන්ත සහභාගීත්වයක් දකින්න තිබෙනවා. සුවිශේෂී දක්ෂතා සඳහා ඇගයීමක් ලබාදීම ඔස්සේ කර්මාන්තවල විශිෂ්ටතා ප්‍රමිතීන් ස්ථාපිත වන අතරම පුද්ගල වෘත්තීය නිපුණතාව ද වර්ධනය කර ගැනීමට මග සකසනවා.ඉහළම කාර්ය සාධනයක් පිළිබිඹු කළ වෘත්තිකයන් මෙම ජාතික ඇගයීම් වැඩසටහන සඳහා නම් කිරීමට අපි එම සමාගම් සහ සංවිධාන දිරිගන්වනවා.”‍ 

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ අධ්‍යාපන හා පර්‌යේෂණ උප සභාපති ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා මේ පිළිබඳ මෙසේ සඳහන් කළේය. “මෙරට අලෙවි වෘත්තිකයන් හඳුනා ගැනීමට මෙන්ම ඔවුන් නගා සිටුවීම සඳහා ජාතික අලෙවි සම්මාන උළෙල (NSA) කදිම වේදිකාවක්. එය ඔවුන්ගේ හැකියාව වෙනුවෙන් ඇගයීම් පිරිනැමීමෙන් ඔබ්බට විහිදෙන අතර එය අලෙවි වෘත්තිකයන් බලපෑම් සහිත නායකයන් බවට පරිවර්තනය කිරීමට උපකාරී වෙනවා. NSA හරහා, SLIM අඛණ්ඩව දක්ෂතා පෝෂණය කරමින් කාර්ය සාධනය ඉහළ නැංවීම සහ සංඛ්‍යා පිටුපස ඇති බලවේගය සැබවින්ම නියෝජනය කරන අලෙවිකරුවන් සැමරීම සිදුකරනවා. ඇගයීමේ සහ විශිෂ්ටත්වයේ මෙම චාරිකාව හරහා තවත් සුවිශේෂී පුද්ගලයන් රැසක් ඇගයීමට ලැබීම සම්බන්ධයෙන් අපි බෙහෙවින් සතුටු වෙනවා.”‍

වෘත්තීය වර්ධනය සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ කීර්තිනාමය රැකගනිමින් තරග‍යේ නිර්ණායක ඉතා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යෑමට දශක දෙකකට වැඩි දිගු කාලයක් පුරාවට සම්මාන උළෙලේ සංවිධායකයන් කටයුතු කර තිබේ.

මෙවර සම්මාන උළෙල වෙනුවෙන් ද ක්ෂේත්‍රයේ ගෞරවය දිනාගත් පුද්ගලයන්ගෙන් සමන්විත ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් පත්කිරීමට පියවර ගෙන ඇත.

මේ පිළිබඳ තවදුරටත් අදහස් එකතු කරමින් 2025 ජාතික අලෙවි සම්මාන උළෙලේ ව්‍යාපෘති සභාපති චන්න ජයසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය. ”‍ආයතනයක වර්ධනය මෙහෙයවමින් සහ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් අවිනිශ්චිත කාලවලදී පවා ප්‍රතිඵල ලබා දෙන අලෙවි වෘත්තිකයන් ඕනෑම ව්‍යාපාරයක සැබෑ තානාපතිවරුන් ලෙස සැලකිය හැකියි. අන් කවරදාටත් වඩා දිනෙන් දින පරිණාමය වෙමින් පවතින වර්තමාන වෙළෙඳපොළේ මෙම පුද්ගලයන් සවිබල ගැන්වීමේ සහ හඳුනා ගැනීමේ අවශ්‍යතාව මතු වී තිබෙනවා. සාර්ථක ව්‍යාපාර පසුපස ඇති සැබෑ පිටුබලය ලෙස එම වෘත්තිකයන් ඇගයීම සඳහා 2025 SLIM ජාතික අලෙවි සම්මාන උළෙල ඉතා උපකාරී වෙනවා .”‍

SLIM හි ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් එකතු කළේ මෙසේය. ”‍ අලෙවි ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයන් යනු ව්‍යාපාරයේ කටයුතු සඳහා දායක වන තවත් එක් වෘත්තීය කණ්ඩායමක් පමණක් නොවන බව SLIM හි අපි විශ්වාස කරනවා.



අදහස් (0)

විකුණුම් ප්‍රමුඛයන් අගයමින් 2025 ජාතික විකුණුම් සම්මාන උළෙල සාර්ථකව ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site