IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.

චීන සහ විදේශීය සමාගම් විශාල සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට සිය මෝටර් රථමාදිලි රැසක් ඉදිරිපත් කර තිබිණි.

නව මෝටර් රථමාදිලි 117 කට ආසන්න ප්‍රමාණයක් ඒ අතර විය.

චීනයේ විද්‍යුත් මෝටර් රථ වෙළඳපොළ නැගීමෙන් පවතින බවට බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය හොඳම උදාහරණයක් වූවේය.

බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයේදී බී.වයි.ඩී , සීකර් සහ ෂියෝමි සමාගම් සිය නව මෝටර් රථ මාදිලි ප්‍රදර්ශනය කළේය.

සීකර් මික්ස් රථය

සීකර් සමාගම ඉදිරිපත් කළ සීකර් මික්ස් රථය ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි කා අතරත් කතාබහට ලක් විය.

සීකර් මික්ස් බහු කාර්ය මෝටර් රථයක් වන අතර එහි ඇති ආසන කැරකැවිය හැක.ඒ හේතුවෙන් මෝටර් රථය නතර කළ විට සීකර් මික්ස් රථය කාමරයක් බවට පරිවර්තනය කරගත හැක.

යැන්ග්වැන්ග් යූ8 එස්.යු.වී රථය

බී.වයි.ඩී චීන විද්‍යුත් මෝටර් රථ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකි.

ඊලෝන් මස්ක්ගේ නින්ද සොරා ගැනීමට බී.වයි.ඩී සමාගම සමත් වී ඇතැයිද මතයක් පවතී.

බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයේදී බී.වයි.ඩී සමාගම සිය නවතම මෝටර් රථ මාදිලිය වූ යැන්ග්වැන්ග් යූ8 මෝටර් රථය එළිදැක්වූවේය.

එම රථය ඇමරිකානු ඩොලර් 150,000 මුදලකට (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 450කට පමණ) මිල කර ඇති අතර මෙම රථයට ජලයේ විනාඩි තිහක කාලයක් පාවිය හැක.

එසේම යුද ටැංකියක් එක තැන සිට ආපස්සට හැරෙන ආකාරයෙන් හැරීමටද යූ 8 රථයට හැකියාව ඇත.

අමතර ඇමරිකානු ඩොලර් 14000 මුදලකට යූ8 රථයට අමතර ඩ්‍රෝන යානයක් ද සවිකර ගත හැක.

බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයේදී වැඩිම අවධානයක් හිමිවූ තවත් එක් මෝටර් රථමාදිලියක් වූයේ ෂෙපෙන්ග් සමාගමේ පියාසර කළ හැකි මෝටර් රථයයි.මෙම මෝටර් රථය ඒරෝ එච්.ටී ලෙස නම් කර තිබිණි.

එසේම ෂියෝමි සමාගමේ එස්.යූ 7 විද්‍යුත් මෝටර් රථයට ප්‍රදර්ශනයේ ප්‍රධාන චරිතය හිමිවිය.



අදහස් (0)

ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 575 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site