භානුක අමරසිංහ
නන්දන ලොකුවිතාන |
මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ ඡන්ද හිමි කොටස් හිමිකාරීත්වයෙන් සියයට 9.99 ක ප්‍රතිශතයක් මිලදී ගැනීමට සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඩ් (ලංවා) සමාගම ඊයේ (27) පියවර ගත් බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව බ්‍රවුන්ස් සමූහයෙහි ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සතුව තිබූ හැටන් නැෂනල් බැංකුවේ කොටස් 45,529,624 ක් මෙලෙස මිල දී ගැනීමට සිලෝන් ස්ටීල් කෝපරේෂන් (ලංවා) සමාගම පියවර ගෙන තිබේ.
සිලෝන් ස්ටීල් කෝපරේෂන් (ලංවා) සමාගම මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම ආයෝජකයකුද වන නන්දන ලොකුවිතාන මහතාට අයත් සමාගමකි. මෙහිදී හැටන් නැෂනල් බැංකුවේ කොටසක් රුපියල් 305.00 - 313.00 ත් අතර අගයකට අලෙවි වී තිබෙන අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 14 කට ආසන්න අගයක් ගෙන තිබේ. ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ දෛනික පිරිවැටුම වාර්තාගත ලෙස රුපියල් බිලියන 18.7 ක් බවට පත්වීමටද මෙම ගනුදෙනුව හේතු විය.
මෙම ගනුදෙනුවත් සමගින්ම බ්‍රවුන්ස් සමූහය හැටන් නැෂනල් බැංකුවේ කොටස් හිමිකාරීත්වයෙන් ඉවත්ව ගොස් තිබේ. 2025 මාර්තු 31 වැනිදා වනවිට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම හැටන් නැෂනල් බැංකුවේ තනි විශාලතම ආයෝජකයා ලෙස පැවතුණි. 2019 වසරේදී රුපියල් 130ක් බැගින් කොටස් මිලියන 8.47ක් මිලදී ගනිමින් එම සමාගම මෙලෙස බැංකුව තුළ තමන් සතු කොටස් හිමිකාරීත්වය මෙලෙස සියයට 9.99 ක් දක්වා වැඩිකර ගැනීමට සමත් විය.
එසේම බැංකුවේ දෙවැනි වැඩිම කොටස් හිමිකාරීත්වය වන සියයට 9.75 සේවක අර්ථසාධක අරමුදල වෙත හිමිව තිබේ. තෙවැනි වැඩිම කොටස් හිමිකරුවා ලෙස ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවන අරමුදල වෙත සියයට 8.27 ක කොටසක් හිමිය.
මේ අතර හැරී ජයවර්ධන මහතා සභාපතිත්වය දැරූ මිල්ෆෝර්ඩ් එක්ස්පෝර්ට්ස් (සිලෝන්) ලිමිටඩ්, ස්ටෙසන් එක්ස්පෝර්ට් ලිමිටඩ් සහ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී යන සමාගම් වෙත හැටන් නැෂනල් බැංකුවේ පිළිවෙළින් සියයට 7.91 ක, සියයට 6.85 ක සහ සියයට 3.07 ක කොටස් හිමිකාරීත්වයක්ද පවතී.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලංවා සමාගම රු.බි.14කට හැටන් නැෂනල් බැංකුවේ සියයට 9.99ක කොටස් මිලට ගනී