IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලැයිස්තුගත කිරීම් වැඩි කරගැනීමට CSE නීති ලිහිල් කිරීමට යෝජනා

 

  • IPO නිකුතුවක් තොරව Introduction ක්‍රමය හරහා සිදු කරන ලැයිස්තුගත කිරීම් ඉහළ නංවා ගැනීම අරමුණයි

භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන මූලික මහජන කොටස් නිකුතුවකින් (IPO) තොරව Introduction ක්‍රමවේදය යටතේ අලු‍තින් සමාගම් ලැයිස්තුගත කිරීම්වලට අදාළව පවතින අවම මහජන කොටස් හිමිකාරීත්ව අවශ්‍යතාව (MPH – Minimum Public Holding) සම්බන්ධ රෙගුලාසිය ලිහිල් කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබෙන බව කොළඹ කොටස් හුවමාරුව සදහන් කරයි. 
මෙම ලිහිල් කිරීම හරහා එම හුවමාරුව තුළ Introduction ක්‍රමවේදය යටතේ සිදු කරන ලැයිස්තුගත කිරීම් වැඩි කරගැනීම අරමුණ වී තිබේ. මෙම ක්‍රමවේදය පළමුවරට හඳුන්වාදුන්නේ 2000 වසරේදී වන අතර, එම වසරේ ජනවාරි 01 වැනිදා සිට 2012 වසරේ දෙසැම්බර් 31 දක්වා සමාගම් 46ක් මෙම ක්‍රමය යටතේ ලැයිස්තුගත වී තිබේ. කෙසේ වෙතත් 2013 සිට මේ දක්වා සමාගම් 07ක් පමණක් මෙම ක්‍රමවේදය යටතේ ලැයිස්තුගත වී ඇති අතර, අවසන්වරට සමාගමක් ලැයිස්තුගත වූයේ 2020 දීය. 
විශේෂයෙන්ම දැනට පවතින ලැයිස්තුගත කිරීමේ රෙගුලාසි යටතේ මෙම අවම මහජන කොටස් හිමිකාරීත්ව අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා සමාගම් මෙම Introduction ක්‍රමවේදය හරහා ලැයිස්තුගතවීමට මැලිකමක් දක්වන බව හඳුනාගෙන තිබේ. 

 



අදහස් (0)

ලැයිස්තුගත කිරීම් වැඩි කරගැනීමට CSE නීති ලිහිල් කිරීමට යෝජනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site