“Introduction ක්‍රමවේදය හරහා ලැයිස්තුගත කිරීමට සූදානමින් සිටින සමාගම් වෙත පවතින මෙම සීමාවන් ගැන දැනුවත් කර තිබෙනවා. එතැනදී අවම මහජන කොටස් හිමිකාරීත්ව අවශ්‍යතාව ප්‍රධානයි.“ කොළඹ කොටස් හුවමාරුව පවසයි.
ඒ අනුව මෙම Introduction ක්‍රමවේදය හරහා කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන පුවරුවේ සහ දිරිසවි පුවරුවෙහි ලැයිස්තුගත වීමට සූදානම් වන සමාගම් වෙත අදාළ වන “අනුකූලතාවන් ඉවත් කිරීම“ සම්බන්ධ යෝජනාවක් ගෙන ඒමට එම හුවමාරුව කටයුතු කර තිබේ. එහිදී අදාළ සමාගම් වෙත එම අවම මහජන කොටස්හිමිකාරීත්ව අවශ්‍යතාව පුර්ණය කිරීම සඳහා ලැයිස්තගත කිරීමෙන් මාස 18ක් දක්වා කාලය ලබා දෙන බව සදහන් වෙයි.
එසේම මෙම යෝජනා යටතේ අදාළ සමාගම් වෙත එම අවශ්‍යතාවල සියයට 50ක් සැපිරීමට මාස හයක කාලයකුත්, සම්පූර්ණ අව්‍යතාව සැපිරීම මාස 18ක කාලයකුත් ලබා දීමට යෝජනා වී ඇත. කෙසේ වෙතත් එම කාලසීමාව තුළදී මෙම රෙගුලාසි වෙත අනුකූලතාවක් නොදක්වන සමාගම් මුදල් දඩයකට යටත් වන බවත්, මාස 24ක කාලයක් යනතුරුම එම අවශ්‍යතාව සැපිරීමට අපොහොසත් වන සමාගම් දෙවැනි පුවරුව වෙත ඇතුළත් කරන බවත් කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සදහන් කරයි.
එම හුවමාරුවට අනුව මෙම යෝජිත ක්‍රමය යටතේ සමාගම් වැඩි ප්‍රමාණයකට ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත වීමේ අවස්ථාව හිමි වෙයි. ඒ හරහා එම සමාගම්වල ද්‍රවශීලතාව සහ තරගකාරීත්වය වර්ධනය කරගැනීමටත් නියාමන අවශ්‍යතා පිළීබඳ අවධානයෙන් පසුවිය හැකි වනු ඇති බවත් පවසයි.
මේ අතර කොළඹ කොටස් හුවමාරුව මගින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව සම්බන්ධයෙන් ලබන ජූනි 21 වැනිදාට පෙර [email protected] ඊ-මේල් ලිපිනය ඔස්සේ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන නියාමන නිලධාරීවරයා වෙත අදහස් දක්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලැයිස්තුගත කිරීම් වැඩි කරගැනීමට CSE නීති ලිහිල් කිරීමට යෝජනා