ශ්රී ලංකාවේ වඩාත් කීර්තිමත් අභ්‍යන්තර නිර්මාණකරණයේ විශේෂඥයකු වන ලීමා ක්‍රියේෂන්ස්, මෙම වසරේදී සිය සාඩම්බර 25 වැනි සංවත්සරය සමරයි. එය අභ්‍යන්තර සැලසුම් සහ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේ විශිෂ්ටත්වය තහවුරු කරන්නකි. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍ර වී ඇති ලීමා ක්‍රියේෂන්ස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස ප්‍රචලිතය.
ලීමා ක්‍රියේෂන්ස් විසින් නිර්මාණාත්මක, නව්‍ය අහ්‍යන්තර නිර්මාණ කිරීමේ කීර්තිමත් ඉතිහාසය පුරාවට වාණිජ අංශයේ ආයතන රැසකට තම සේවාව ලබා දී ඇති. වාණිජ අභ්‍යන්තර නිර්මාණයේ කැපී පෙනෙන ජයග්‍රහණ සඳහා පසුගිය දශකය තුළ සමාගමට ජාත්‍යන්තර සම්මාන රාශියක් හිමි වී තිබේ. තිරසර බව, තාක්ෂණික ප්‍රශය සහ විශ්වසනීයත්වය යන අංශ ඔස්සේ ඔවුන් මෙම සම්මාන ලබා ඇත.
නවීන කාර්යාල අවකාශ, සුඛෝපභෝගී නිවාස හෝ නව්‍ය ආයතනික පරිසරයක් සැලසුම් කිරීම සඳහා ලීමා හි වෘත්තීය නිර්මාණකරුවන් සහ ප්‍රවීණ ශිල්පීන්ගෙන් සමන්විත කණ්ඩායම උසස් තත්වයේ සහ නිර්මාණශීලීත්වයේ ඉහළම ප්‍රමිතිවලට අනුකූලව කටයුතු කරනු ලබයි.
“නිර්මාණය යනු දෘශ්‍යමය අවකාශය මනසින් රූපණය කිරීමයි,” ලීමා ක්‍රියේෂන්ස් (පුද්.) සමාගමේ සභාපති චන්න විජේසේකර මහතා පැවැසීය.
“මෙම මූලධර්මය සෑම ව්‍යාපෘතියක් සඳහාම අපගේ ප්‍රවේශයට මඟ පෙන්වන අතර, සෑම නිර්මාණයකම පරිපූර්ණත්වයට එය වැදගත් වේ. අලංකාරය සහ උපයෝගීතාව යන දෙකම වැඩි දියුණු කරන සුවිශේෂ නිර්මාණ අප විසින් ලබා දෙන අතරම අපගේ පාරිභෝගිකයන්ගේ ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපගේ කණ්ඩායම ගනුදෙනුකරුවන් සමඟ සමීපව කටයුතු කරයි.” ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ISO 9001:2015 සහතික ලත් සමාගමක් ලෙස, ලීමා ක්‍රියේෂන්ස් සෑම ව්‍යාපෘතියකම ඉහළම ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාව සහිත සේවාවක් ලබා දෙයි. ලීමා හි අති නවීන නිෂ්පාදන කර්මාන්ත ශාලාව, අති නවීන යන්ත්‍රෝපකරණ සහ උපකරණවලින් සමන්විත වන අතර, නිෂ්පාදන සඳහා ගුණාත්මක බවින් ඉහළ අමුද්‍රව්‍ය යොදා ගනු ලබයි.
අනාගත ව්‍යාපාර අභියෝගවලට මුහුණ දෙමින් ගුණාත්මකභාවය පවත්වා ගනිමින් අඛණ්ඩ සේවාවක් ලබා දීමට ලීමා ක්‍රියේෂන්ස් ආයතනය සිය කැපවීම ඉදිරියටත් ස්ථාපිත කරයි.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලීමා ක්‍රියේෂන්ස් විශිෂ්ටත්වයේ වසර 25ක් සමරයි