IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ලාබ ඉපැයීම අරමුණු කරගත් විකිණීම් රැලි කිහිපයක්

ඉකුත් කාලයේ මිලදී ගත් කොටස් ලාබ සහිතව විකිණීමට ගන්නා උත්සාහයක් වෙළෙඳපොළ හැසිරීමෙන් නිරීක්ෂණය කළ හැකිය. ඉදිරි දින කිහිපය තුළ උච්ඡාවචන රැලි කිහිපයක් අපේක්ෂා කළ හැකි වේ. සියලු කොටස් මිල දර්ශකය පැමිණ ඇති ඉහළම අගය තුළ ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට කලින් මෙවැනි ස්වභාවයක් තිබිය හැකිය. 
අපනයන වර්ධනය, සංචාරක පැමිණීම හා රජයේ බදු ආදායම සලකා බලන පසු ආර්ථික කටයුතුවල යම් ප්‍රසාරණයක් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් අලුත් රැකියා උත්පාදනය හා පරිබාහිර ධනය ගෙන එන පසුබිම සක්‍රීය වී නැත. විදේශ ආයෝජකයෝ පවා තවමත් කොටස් විකුණන ප්‍රවණතාවක පසුවෙති. 
මෑත සති කිහිපය තුළ දේශීය මිලදී ගැනීම් ඉදිරියට පැමිණ තිබුණු අතර විදේශීය අංශයේ අපේක්ෂා කරන වර්ධනයක් සනිටුහන් නොකෙරේ.
ගනුදෙනු අවසන් වන විට (සැප්. 02) සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,990.67 ක් දක්වා පහළ වැටිණ. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 71.78 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,027.71 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 43.75 ක පහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුමරුපියල් බිලියන 7.53 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 44,893 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 311.4 ක් විය. සමාගම් 107 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණු සමාගම් ගණන 132 කි. 
ලංකා ඇලුමීනියම් සමාගමේ කොටස් මිලියන 42 ක් හුවමාරු වූ අතර එය දිනයේ පිරිවැටුම සඳහා ඉහළම සහභාගිත්වයක් දැක්වීය. 
ඇලුමීනියම්රුපියල් මිලියන 841 ක්, සියෙරා කේබල්රුපියල් මිලියන 343 ක්, ලංකා මිල්ක් ෆුඩ්රුපියල් මිලියන 250 ක්, අහුන්ගල්ල හොටෙල්රුපියල් මිලියන 184 ක්, ජෝන්කීල්ස්රුපියල් මිලියන 156 ක්, ඊබී ක්‍රීසිරුපියල් මිලියන 135 ක් කොනයිසන්ස්රුපියල් මිලියන 115 ක්, ප්‍රයිම් ලෑන්ඩ්රුපියල් මිලියන 114 ක්, එල්බී ෆිනෑන්ස්රුපියල් මිලියන 110 ක්, ජැට් හෝල්ඩිංරුපියල් මිලියන 110 ක්, සී.අයි.සී. මිලියන 110 ක් සහ පෑන් ඒෂියා බැංකුව මිලියන 99 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය.
නිරීක්ෂක

 



අදහස් (0)

ලාබ ඉපැයීම අරමුණු කරගත් විකිණීම් රැලි කිහිපයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1584 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site