IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලිට්රෝ ටෙන්ඩරෙන් හත් පොළේ ගාගෙන

රජය සතු ලිට්රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් ටොන් 250000 ක් මිලට ගැනීම සඳහා මිල ගණන් කැඳවීමේ දී ටෙන්ඩර් පටිපාටියේ යහපත් ගුණාංග වලින් බැහැර වී යැයි ප්‍රශ්නයක් මතු වී ඇත.

සිංගප්පූරු සම්භවයක් ඇති සමාගමකට ලංසු ඉදිරිපත් කිරීමේ දී වාසි සැලසෙන අයුරින් ටෙන්ඩර් පටිපාටිය සිඳ බිඳ දැමී යැයි තතු දත් ආරංචි කියයි.

එම සමාගම නියමිත කාල සීමාවේ දී ටෙන්ඩර් අවශ්‍යතා ඉටු නොකළැයි දැනගන්නට ඇත. ලිට්රෝ ගෑස් ටෙන්ඩර භාර ගැනීම 2016 මැයි 27 වැනි දා ප.ව 3.00 ට අවසන් වීමට නියමිතව තිබිණි. ටෙන්ඩර පත් සමඟ ඇමරිකා ඩොලර් 1000000 ක(රුපියල් 145809791) ලංසු බැඳුම්කරයක් ඉදිරිපත් කළ යුතුව තිබුනත් එම සමාගම ටෙන්ඩර් භාර ගැනීමේ අවසන් වේලාවට පෙර එම කොන්දේසිය සපුරා නොතිබූ බව කියති.

ටෙන්ඩර් භාර දිය යුතු අවස‍න් දිනය හා වේලාව ටෙන්‍ඩර් කැඳවුමින් 2016 අප්‍රේල් 24 වැනිදා සතිඅන්ත පුවත්පත් කිහිපයකම පළ කර ඇත. ඇමරිකා ඩොලර් 1000000 යේ ලංසු බැඳුම්කරය ඉදිරිපත් කිරීමේ දිනය පස්වරු 4.30 වන තුරු දීර්ඝ කළ  බව ටෙන්ඩර් පත් විවෘත කළ දා ටෙන්ඩර මණ්ඩලයේ නිලධරයෙක් වාචික ප්‍රකාශයක් කළ බව ද දැනගන්නට ඇත. ඔහුගේ ඒ ප්‍රකාශය අනූව ටෙන්ඩර්පත් ලංසු බැඳුම්කර ඉදිරිපත් කිරීමේ කාලය ප.ව. 4.30 වන තුරු දික් කළ බව සිතා ගත හැකි යැයි කියති.

ලංසු බැඳුම්කර ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කළත් සිංගප්පුරු සමාගම හා තවත් ලංසුකරුවන් දෙදෙනකු මැයි 27 වැනි දා 4.30 න් අවසන් පැය වනතුරු ලංසු බැඳුම්කර ඉදිරිපත් කර නොතිබු බව ලිට්රෝ ආරංචි කියයි. ඉන්පසුව ලිට්රෝ ගෑස් නිලධරයකු එම සමාගම වෙනුවෙන් ටෙන්ඩර ලියවිලි සමඟ ලංසු බැඳුම්කර ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වෙයි. ලිට්රෝ ගෑස් සමාගමේ ද පොදු ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ද සාමාජිකයන් ඇතුළු නිලධරයන් කිහිප දෙනෙකුම ටෙන්ඩර් මණ්ඩලයේ සිටියත් ලංසු බැඳුම්කර පරීක්ෂා කිරීමේ හැකියාව ඇත්තේ මෙම නිලධරයාට පමණක් බව ද සොයාගෙන ඇත. පිළිගත් ටෙන්ඩර් පටිපිටිය වනුයේ සියලු ලියවිලි සමඟ මූල්‍ය ගෙවීම් නියමිත කාල සීමාව ඇතුළත ඉදිරිපත් කිරීමට අපහසු වන ටෙන්ඩර කරුවන්ගේ ටෙන්ඩර අවලංගු වීමයි.



අදහස් (0)

ලිට්රෝ ටෙන්ඩරෙන් හත් පොළේ ගාගෙන

හෙට්ටිගේ Thursday, 09 June 2016 12:54 AM

අනේ මන්දා, ප්‍රශ්න නැතුවට ප්‍රශ්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 59 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site