IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ලාච්චුවට දැනෙන තරම් බිස්නස් එකක් දැන් නැහැ

රටක ආර්ථිකය කඩා වැටීමට ගෝලීය ආර්ථික ව්‍යුහයේ සිදුවන වෙනස්වීම්, දේශපාලන අස්ථාවරත්වය, ගෝලීය ව්‍යසන, යුද්ධ, ස්වාභාවික විපත් යනාදිය හේතුවේ. ශ්‍රී ලංකාවද එවැනි කාල පරිච්ඡේදයක් පසුකරමින් කඩාවැටුණු ආර්ථිකය යථාතත්වයට පත් කරගැනීමේ ප්‍රයත්නයක නිරතව සිටි.

මෙම ආර්ථික කඩාවැටීම හමුවේ ජනතාව පීඩාවට පත්වනවා සේම ව්‍යාපාරිකයන්ද ඉන් පීඩාවට පත්ව සිටින තවත් පාර්ශවයකි. මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ බොරැල්ල වෙළෙඳ නගරයේ ගමගේ ස්ටෝර්ස් රෙදිපිළි වෙළෙඳසැල වෙතටයි. එහි හිමිකරු වන සනත් ගමගේ මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි, 

කොරෝනා එක්ක හැම අංශයකම කඩාවැටීමක් වුණා. ඒත් එක්කම අපේ බිස්නසුත් කඩා වැටුණා. ඒ දවස්වල කඩාවැටුණු  බිස්නස් නිසා තවමත් 
අපිට ගොඩනැගෙන්න අමාරුයි. 

බොරැල්ල ගමගේ ස්ටෝර්ස් හිමිකරු  
සනත් ගමගේ

Q මේ දිනවල බිස්නස් කොහොමද?

මම වසර තිස්පහක කාලයක ඉඳන්  බිස්නස් කරනවා. මීට පෙර වෙළෙඳ  සහයකයන් කිහිප දෙනෙක් හිටියත් මේ වෙද්දී එහෙම නැහැ.ගිය වසරට සාපේක්ෂව ගත්තම මේ වසරේ බිස්නස් සරුයි කියන්න බැහැ. අපේ ලාච්චුවට දැනෙන තරම් බිස්නස් එකක් දැන් නැහැ.

Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?

කොරෝනා එක්ක හැම අංශයකම කඩාවැටීමක් වුණා. ඒත් එක්කම අපේ බිස්නසුත් කඩා වැටුණා. ඒ දවස්වල කඩාවැටුණු  බිස්නස් නිසා තවමත් අපිට ගොඩනැගෙන්න අමාරුයි. අපි ලොකු මුදලක් යොදවලා රෙදි ගෙනාවට ඒවා මිලදී ගන්න පාරිභෝගිකයෝ ආවේ නෑ. කොරෝනා වලට කලින් අපේ කඩවල පාරිභෝගිකයෝ පිරිලා. සීසන් එකක් එනකන් පාරිභෝගිකයෝ බලන් ඉන්නේ නෑ. අතේ සල්ලි තියනකොට ඇවිත් ඇඳුමක් අරන් යනවා. දැන් එහෙම නෑ.

ඇඳුමක් ගන්න කෙනෙක් ආවත් ඒවා තෝරනවා විතරයි මිලදී ගන්නේ නෑ. කඩේට දහදෙනෙක් දවසට ආවොත් ඒ අයගෙන් දෙන්නෙක් විතර තමයි බඩුවක් මිලදී ගෙන යන්නේ. රෙදිවල මිලේ කියලා ලොකු අඩුවීමක් වෙලා නෑ. අපිට  ලාබය ගැන හිතලා බඩුවක් විකුණන්න බැහැ. පාරිභෝගිකයෝ අතේ සල්ලි නැති නිසා රෙදිපිළි මිලදී ගන්න එන්නේ නෑ. ව්‍යාපාරිකයන් වන අපිත් මේ වෙද්දී ලොකු පීඩනයකින් තමයි බිස්නස් එක කරගෙන යන්නේ.

මනීෂා වීරසිංහ 
ඡායාරූප : ඉසුරු පෙරේරා 



අදහස් (0)

ලාච්චුවට දැනෙන තරම් බිස්නස් එකක් දැන් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1640 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 645 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site