IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත අගයකට

වසරේ මේ දක්වා රන් මිල සියයට 31කින් ඉහළ ගිහින්


භානුක අමරසිංහ සහ යොහාන් භාසුර


ලෝක වෙළෙඳ පොළේ රන් මිල ඊයේ දිනයේදී වාර්තාගත ඉහළ අගයකට පත් වූ බව වාර්තා වෙයි. ඒ අනුව ඊයේ (22) දිනයේදී රන් අවුන්සයක මිල එක්සත් ජනපද ඩොලර් 3,500.05ක් දක්වා ඉහළ නැගි අතර, දිනය අවසානයේදී එය ඩොලර් 3,479.50ක් බවට පත්විය.

විශේෂයෙන්ම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැනවූ තීරුබදු හේතුවෙන් ආසන්න දින කිහිපයේදී ඩොලරයේ වටිනාකම්හි සිදුවූ පසුබැසීම මෙලෙස රන් මිල ඉහළ යාමට දායක විය. එසේම එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුවෙහි ප්‍රධානියා වන ජෙරොම් පවෙල් එම ධුරයෙන් ඉවත් කිරීමට ට්‍රම්ප් සූදානම් වන බවට පවතින අදහසත් සමගින්ම ආයෝජකයන් තුළ පැවැති අවිනිශ්චිතතාවත් මේ සඳහා හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මේ අතර 2025 වසරේ මේ දක්වා කාලය තුළ ලෝක වෙළෙඳ පොළේ රන් මිල සියයට 31 කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇතැයි සඳහන් වෙයි. ඊයේ දිනයේදී මෙරට වෙළෙඳ පොළ තුළ කැරට් 22 පවුමක මිල රුපියල් 268,050.00 ක් ලෙස සටහන්ව තිබුණි. පෙරේදා දිනයේදී එය රුපියල් 262,250.00 ක් විය.



අදහස් (0)

ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත අගයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 554 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site