IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකා බිස්නස් ටී.වී. “ව්‍යවසායකයා” මහනුවර ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවට ඉහළ ප්‍රතිචාරයක්


අතිශයින් ජනාදරයට පත් ලංකාදීප FT සමග සංවිධානය කළ ලංකා බිස්නස් ටී.වී. “ව්‍යවසායකයා’’ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව පසුගියදා ව්‍යවසායකයන් 250 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් උත්කර්ශවත් අයුරින් මහනුවර රෝයල් කැන්ඩියන් හෝටලයේදී පැවැත්වුණි. 

මෙහිදී අදහස් දැක්වූ ලංකා බිස්නස් ටී.වී. නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජයන්ත කෝවිලගොඩගේ මහතා පැවසුවේ කොළඹින් පිට මෙතරම් ව්‍යවසායකයන් පිරිසක් සහභාගී වෙමින් මෙරට පවත්වන ජනප්‍රියම ව්‍යාපාරික සමුළුව බවට මෙය මේ වනවිට පත්ව තිබෙන බවයි. මෙම සමුළුවෙන් සැබෑ ලෙස ඔවුන්ගේ ව්‍යවසායක දිවිය ශක්තිමත් කිරීමට දැනුම ලබාදෙන හෙයින් “ව්‍යවසායකයා’’ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ ජනප්‍රියතාව දිනෙන් දිනම වැඩිවෙමින් තිබෙන බව කෝවිලගොඩගේ මහතා පැවසීය.

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය ව්‍යාපාර ලොව ජයගන්නට කළමනාකරණයෙන් සවියක් යන මැයෙන් කළමනාකරණ විශේෂඥ සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා සිදුකළ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කළමනාකාරිනී යසිනි විභූෂා රාජපක්ෂ, එන්.ඩී.බී. වෙල්ත් මැනේජ්මන්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුවන් පෙරේරා, ව්‍යවසායක මහේන්ද්‍ර ජයසේකර අන්තර්ජාල ව්‍යවසායක ජනිත් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු මෙම සමුළුවේ අනිකුත් දේශන සිදුකළහ. මෙම අවස්ථාවේදී ලංකා බිස්නස් ටී.වී. ඉංග්‍රීසි සහ සිංහල ආර්ථික පුවත් හා විශ්ලේෂණ වෙබ් අඩවි නිල වශයෙන් එළිදැක්වීමද සිදුකළේය. 

මහනුවර දිස්ත්‍රික්කයෙන් පමණක් නොව දුර බැහැර ප්‍රදේශවලින් පවා මෙම සමුළුවට සහභාගී වීමට සැලකිය යුතු පිරිසක් පැමිණ සිටි අතර, ඔවුන් සඳහන් කළේ ඔවුන් බලාපොරොත්තු වූ ව්‍යාපාරික සහ ආර්ථික දැනුම මෙමගින් ලැබුණු බවයි. මෙම සමුළුවට සහභාගී වූ අයකුට මැලේසියාවට ගොස් නැවත පැමිණීම සඳහා ගුවන් ටිකට් පතක් දිනා ගැනීමේ අවස්ථාවද හිමිවුණි.



අදහස් (0)

ලංකා බිස්නස් ටී.වී. “ව්‍යවසායකයා” මහනුවර ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවට ඉහළ ප්‍රතිචාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site