මෙරට සංචාරක කර්මාන්තය රුසියාවේ සහ යුක්රේනයේ ප‍්‍රචලිත කිරීම සඳහා සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාවක් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේදී අද ආරම්භ විය.
මෙම වසරේදී රුසියාවෙන් සහ යුක්රේනයෙක් වැඩි සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීම මෙහි අරමුණ වෙයි.
මෙම දැවැන්ක ප‍්‍රවර්ධන වැඩසටහන මොස්කව් සහ කිව් නගරයන්හි තෙසතියක් පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සංචාරක වෙළඳ කුටි ස්ථාපනය කිරීම, ශ‍්‍රී ලංකා සංචරණය පිළිබඳව වැඩමුළු, සංස්කෘතික සංදර්ශන, ජායාරූප ප‍්‍රදර්ශන සහ මාධ්‍ය හමුවීම් මෙම වැඩසටහන පැවැත්වෙන කාලය තුළ පැවැත් වෙන අතර මොස්කව්හි පැවැත්වෙන ලෝ සුපතල යුක්රේන සංචාරක සමුළුව වැනි සංචාරක සහ වෙළඳ ප‍්‍රදර්ශන රැසකටද මෙහිදී සහභාගී වීමට නියමිතය.
ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේද සහාය සහිතව රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙය සංවිධානය කර ඇත.
අද ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ සුප‍්‍රසිද්ධ ඩිබෙන්කෝ සුපිරි වෙළෙද සංකීර්ණයේදී ආරම්භ වූයේ මෙහි පළමු වැඩසටහනයි.
මේ සඳහා ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය, ලක්සල, සිද්ධාලේප, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සහ ප‍්‍රසිද්ධ සංචාර සහ සංචාරක කර්මාන්තයේ සමාගම් රුසක් සහභාගී වීමට නියමිතය. තවද ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් සංචාර සහ සංචාරක කර්මාන්තයේ සමාගම්වල රුසියාවේ සහ යුක්රේනයේ සිටින පාර්ශ්වකරුවන් මෙම වැඩසටහනට සහාය ලබාදෙයි.
පසුගිය වසර 5 තුළ රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ උත්සාහයෙන් යුතුව රුසියානු සමූහාණ්ඩුවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම සඳහා අමිල මෙහෙයක් ඉටුකර ඇති බව සංචාරක ප‍්‍රවර්ධන කාර්්‍යංශය කියයි.
2012 වසරේදී රුසියානු සමූහාන්ඩුවට අයත් රටවල් වෙතින් ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය 51,746 කි.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලංකාව යුක්රේනය, රුසියාව දෙසට හැරේ
දසරත්න Saturday, 30 March 2013 03:03 PM
ජීවන තරගය මැද රටට සෙතක් වේවා.(නදී)
රන්ජිත් Wednesday, 20 March 2013 03:50 PM
අන්න වැදගත් වැඩක් (දී)
ප්‍රේමන්ත Sunday, 31 March 2013 07:57 AM
අපි ඔවුන්ට අපේ නිෂ්පාදන අළෙවි කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. (නි)
නිත්‍යා Saturday, 23 March 2013 12:42 PM
මේවා දැකලා කට්ටිය පෝලීමේ ඒවිද අපේ රටට (ස)
නිත්‍යා Saturday, 23 March 2013 12:42 PM
හොඳ ඉදිරිපත් කිරීම් කිහිපයක්... (ස)
අමල් Wednesday, 20 March 2013 04:34 PM
ලුම්බිණි , ඔයා තංගල්ලේදී වෙන මුකුත් දැක්කේ නැද්ද ? (නි)
මාලක Thursday, 21 March 2013 12:37 PM
බලාගෙන යනකොට ඒකෙත් ඇති වැරද්දක් නැහැ (දී)
සිල්වා Tuesday, 26 March 2013 04:36 PM
සංචාරකයෝ මිලියනයක් ආවත් අපිට වුන සෙතක් නැහැ. ලොකු ලොකු ව්‍යාපාරිකයන්ට නම් හොදයි. අපිට වුන සෙතක් නැහැ.(නදී)
අමල් Monday, 25 March 2013 07:03 PM
කෙවින් ඔයා දන්නවද මාස් ප්‍රොඩක්ෂන් කියන සංකල්පය? අන්න ඒ සංකල්පය සංචාරකයන්ගේ පැමිණීමටත් පොදුයි. දන්නේ නැත්නම් පොඩ්ඩක් හොයලා බලන්න. (නි)
උෂාන් Friday, 05 April 2013 09:12 AM
මේ රුසියන් කට්ටිය වැඩිය වියදම් කරන්නේ නැහැ. අපි මීගමුව නිසා දන්නවා මේ ගොල්ලෝ ප්ලේන්ටි බොන්නේ. හැබැයි රුසියන් කට්ටිය බොන්න නම් දක්ෂයි. (නි)
නිමාලි Monday, 18 March 2013 02:55 PM
ලංකාවට ප්‍රශ්න වැඩියි මේ දවස් වල (දී)
ලුම්බිණි Wednesday, 20 March 2013 06:44 AM
මේ රටවලින් එන අයගෙන් ඇත්තම සංචාරකයන් ඉන්නේ බොහොම ටික දෙනයි. මම මේ අය කීප දෙනෙක් දැක්කා තංගල්ලේදී. (නි)
උෂාන් Thursday, 04 April 2013 03:34 PM
කොහොමත් දැන් මෙහෙට වැඩිපුර එන්නේ රුසියන් කට්ටිය තමයි (නි)
ප්‍රභා Monday, 18 March 2013 03:14 PM
යුක්රේනය ගැන නම් මගේ එච්චර පැහැදීමක් නැහැ. (නි)
කෙවින් Saturday, 23 March 2013 04:52 PM
අමල්, මෝඩයෙක් වගේ හිතන්න එපා. රුසියාවෙන් එන ගොඩක් අය ලග සල්ලි නැහැ. ප්ලේන්ටි බොන්නේ. මෙයාලා 100 ක් එනකොට යුරෝපා වලින් 10 ක් ආවත් ඇති.(නදී)
ප්‍රනාන්දු Saturday, 30 March 2013 09:18 PM
කෙවින් කියන දේ හරි. (නි)
හමීඩ් Saturday, 30 March 2013 09:18 PM
ලංකාව සාධරයෙන් භාර ගන්නවා (දී)
සුනිල් Saturday, 11 May 2013 01:26 AM
ගොඩක් හොද ඇති. විශිෂ්ටයි (නි)
වරුණ Tuesday, 19 March 2013 07:48 AM
ලංකා මාතාවට සුභපැතුම්
ලංකා Wednesday, 20 March 2013 07:30 PM
කරන දෙයක් හොද දෙයක් කරන්න (දී)
දිනේෂ් Monday, 25 March 2013 08:59 AM
සංචාරක ව්‍යාපාරයෙන් ඉහලම ඉන්නේ ලංකාවයි (දී)
දිලාන් Friday, 22 March 2013 04:11 AM
කන්න පුලුවන්නම් කබරගොයත් තල ගොයා වගේ තමයි.(නදී)
රෝහිත Tuesday, 19 March 2013 09:15 PM
ලස්සන රටවල්..!(නු)