IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකාවේ මැලිබන් නිෂ්පාදන තායිලන්තයට හඳුන්වාදීමට සාකච්ඡා

  • මැලිබන් සමාගම තායිලන්තයේ CP Group හරහා එරට වෙළෙඳපොළට පිවිසීමේ අපේක්ෂාවක

භානුක අමරසිංහ

ශ්‍රී ලංකාවේ මැලිබන් නිෂ්පාදන තායිලන්තයට හඳුන්වාදීම සඳහා වන සාකච්ඡාවක් එරට CP Group හි නියෝජිතයන් සමගින් පසුගියදා බැංකොක් නුවරදී පැවැත්වුණු බව වාර්තා වෙයි. තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මේ සඳහා පහසුකම් සලසා තිබේ. 

ඒ අනුව මැලිබන් බිස්කට් මැනියුෆැක්චරීස් සමාගමේ සහ තායිලන්තයේ CP Group හි පරිපාලිත සමාගමක් වන Charoen Pokhand Foods Public Company Limited (CPF)හි නියෝජිතයන් අතර ඉහළ මට්ටමේ ව්‍යාපාරික හමුවක් ලෙස මෙය පැවැත්වී තිබේ.

මෙම CP Group යනු තායිලන්තයේ විශාලතම පෞද්ගලික සමාගම වන අතර, ඔවුන්ගේ විවිධාංගීකරණය වූ මෙහෙයුම් ලොව රටවල් 21ක් තුළ ව්‍යාපාර අංශ 14ක් පුරා ව්‍යාප්තව පවතී.

මෙහිදී මැලිබන් සමාගම CPF සමාගම වෙත සිය නිෂ්පාදන කළඹ හඳුන්වාදීමක් සිදු කර තිබේ. ඒ හරහා සමාගම් දෙක අතර වෙළෙඳ සහයෝගිතාවක් ඇති කරගැනීම සහ තායිලන්ත වෙළෙඳපොළ තුළ ඇති ව්‍යාපාරික අවස්ථා වෙත යොමුවීම මැලිබන් සමාගමේ අදහස බව පැවසෙයි. 

මීට අමතරව මැලිබන් සමාගම CPFහි නියෝජිතයන් වෙත සිය ජාත්‍යන්තර සාර්ථකත්වය, අපනයන සූදානම් බව පිළිබදව කරුණු දක්වා ඇති අතර, නිෂ්පාදන කිහිපයක රස බැලීමටද අවස්ථාව ලබා දෙමින් එම රස, ඇසුරුම්කරණය මෙන්ම වෙළෙඳපොළ විභවතාව පිළිබඳ ඔවුන්ගේ ප්‍රතිචාරද ලබා ගෙන තිබේ. ඒ අනුව ඉදිරියේදී මැලිබන් බිස්කට් සහ චොකලට් පාදක නිෂ්පාදන කිහිපයක් සම්බන්ධයෙන් CPF සමාගම දැඩි උනන්දුවක් දැක් වූ බවද තානාපති කාර්යාලය සඳහන් කරයි.

මෙහිදී මැලිබන් සමාගම නියෝජනය කරමින් එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන සහ සමූහ අලෙවිකරණ ප්‍රධානී මිලින්ද වීරසිංහ සහ පර්‌යේෂණ සහ සංවර්ධන සමූහ ප්‍රධානී ඉන්දික ධර්මවික්‍රම යන මහත්වරුන් සහභාගි වී තිබේ.  මීට පෙර පසුගිය ජූනි මාසයේදී ද මැලිබන් සමාගමේ ඉහළ මට්ටමේ නියෝජිතයන් පිරිසක් තායිලන්තය වෙත ගොස් එරට වෙළෙඳපොළ සමගින් උපායමාර්ගික හවුල්කාරීත්වයක් ඇති කරගැනීම සඳහා වන ආයෝජන අවස්ථා ගවේෂණය කර තිබේ. 

 



අදහස් (0)

ලංකාවේ මැලිබන් නිෂ්පාදන තායිලන්තයට හඳුන්වාදීමට සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site