භානුක අමරසිංහ
මෙරට නිවාස අතරින් සියයට 19.5ක් සතුව ඩෙස්ක්ටොප් පරිගණයක් හෝ ලැප්ටොප් පරිගණකයක් පවතින බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2024 වසරේ පළමු මාස හයක කාලය සඳහා වන පරිගණක සාක්ෂරතාව පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සඳහන් කර සිටියි.
ඒ අනුව මෙය මෙරට සෑම නිවාස පහක් අතරින් එකක් සතුව ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් පවතින අවස්ථාවක් ලෙස සටහන්ව තිබේ.
කෙසේ වෙතත් මෙම ප්‍රතිශතය 2023 වසරේ මුල් මාස හයේදී පැවැති සියයට 20.5 හා සැසඳීමේදී සියයට 1ක පහත වැටීමකි. 2022 දී එය සියයට 22.1 ක් ලෙස සටහන් විය.
මෙහිදී නාගරික නිවාස අතරින් සියයට 36.6ක් සතුව ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් පවතින අතර, ග්‍රාමීයව එය සියයට 16.8 කි. වතු නිවාස ආශ්‍රිතව එය සියයට 1.5කි. කෙසේ වෙතත් 2023 වසරේ මුල් මාස හයේදී වතු නිවාස ආශ්‍රිතව එය සියයට 4.7ක් විය.
පළාත් අනුව බැලූ විට වැඩිම ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් හිමිකාරිත්වයක් සහිත පළාත වන්නේ බස්නාහිර පළාතයි. එය සියයට 31.1කි. අඩුම ප්‍රතිශතය හිමි පළාත වන්නේ සියයට 11.5 ක් වන උතුරු මැද පළාතයි.
මේ අතර 2024 වසරේ පළමු මාස හයක කාලය තුළදී මෙරට පරිගණක සාක්ෂරතාව සියයට 36.4ක් ලෙස සටහන්ව තිබේ. කෙසේ වෙතත් එය 2023 වසරේ වාර්තා වූ සියයට 39.5 හා සැසඳීමේදී සියයට 3.1ක අඩුවීමකි.
මෙහිදී නාගරිකව මෙම පරිගණක සාක්ෂරතාව සියයට 48.2ක් ලෙසත්, ග්‍රාමීයව සියයට 34.9ක් ලෙසත් වතු ආශ්‍රිතව සියයට 16.3ක් ලෙසත් සටහන්ව තිබේ.
එසේම පිරිමින් අතර එය සියයට 38ක් ලෙසත් කාන්තාවන් අතර එය සියයට 34.9ක් ලෙසත් සටහන්ව තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලංකාවේ පරිගණක හිමිකාරිත්වය සියයට 1කින් පහළට