විමුක්ති එස් රුද්‍රිගු
වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමග බදු ආදායම ඉහළ යාම මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ජූනි මාසය සඳහා වන ප්‍රධාන මූල්‍ය ඉලක්ක කල්වේලා ඇතිව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ පසුගිය ජූනි මාසය අවසන් වන විට මෙවර අයවැයේ ප්‍රාථමික ගිණුමේ ශේෂය රුපියල් බිලියන 130 ක් විය යුතු නමුත් පසුගිය ජූනි මාසය අවසන් වනවිට මෙරට ප්‍රාථමික ගිණුමේ ශේෂය රුපියල් බිලියන 859 ක අතිරික්තයක් වාර්තා කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන යටතේ මෙම වසරේ පළමු මාස 6දී රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,650 ක් විය යුතු අතර එම ඉලක්කය පහසුවෙන් පසුකර යමින් පසුගිය මාස 6 තුළදී රුපියල් බිලියන 2152 ක බදු ආදායමක් රජය උපයා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කවලට අනුව සැප්තැම්බර් මාසය අවසන් වනවිට රජයේ බදු ආදායම රුපියල් බිලියන 2750 ක් වියයුතු අතර වසර අවසන් වනවිට සමස්ත බදු ආදායම රුපියල් බිලියන 4350 දක්වා ඉහළ ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව ජූනි මාසයට අදාළ IMF ප්‍රධාන මූල්‍ය ඉලක්ක කලින්ම සම්පූර්ණ කරලා