IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ලංකාවෙන් මුරුසි රාජ්‍යයට ධීවර බෝට්ටු

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ධීවර හා ගිලන් සේවා බෝට්ටු මිලදී ගැනීමට මුරුසි රාජ්‍යය එකඟත්වය පළ කර තිබේ.

සී නෝර් පදනම නිෂ්පාදනය කරන ධීවර යාත්‍රා සම්බන්ධයෙන් මුරුසි රාජ්‍යයේ අවධානය යොමු වී තිබෙන අතර එරටට අවශ්‍ය බහුදින යාත්‍රා සඳහා වන ගිවිසුමට කඩිනමින් අත්සන් තැබීමට නියමිත යැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉකුත් දිනෙක ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ මුරුසි රාජ්‍යයේ සාගර කටයුතු අමාත්‍ය ප්‍රෙම්ඩුත් කුන්ජු මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එකඟත්වය පළ කර තිබේ.

මාසයක කාලයක් ඇතුළත නවීන පහසුකම්වලින් හා නව තාක්ෂණයෙන් සමන්විත අඩි 55ට වඩා විශාල ධීවර යාත්‍රා නිෂ්පාදනය කිරීමට සී නෝර් පදනමට හැකි යැයි ද  අමරවීර මහතා කුන්ජු මහතා සමග පැවැති සාකච්ඡාවලදී පවසා තිබේ.



අදහස් (4)

ලංකාවෙන් මුරුසි රාජ්‍යයට ධීවර බෝට්ටු

siri Wednesday, 06 September 2017 06:49 PM

වෙන අයට දෙන්න කලින් "මාසයක් ඇතුලත නවීන පහසුකම්වලින් හා නව තාක්ෂණයෙන් සමන්විත ධීවර බෝට්ටු" අපේ ධීවරයන්ට දෙන්න කටයුතු කලොත් නරකද?

:       52       45

විශාකා Friday, 08 September 2017 09:28 AM

කඩිනමින් අත්සන් තැබීමට නියමිතයි කියන පුවත් වෙනුවට අත්සන් තැබූ බව සහ මුදල් ගෙවූ බව කියන පුවතක් පළවුනා නම් තමයි ඕක වෙයි කියලා පිළිගන්න පුළුවන්.. වෙන රටවල් අපේ රටත් එක්ක මොන තරම් දේවල් කරන්න සාකච්ඡා කරලා තියෙනවද ..? එ්ත් කියෙන් කීයද හරියටම සිද්ධ වුණේ.. මේවා මේ එක එක අමාත්‍යාංශ ලකුණු දාගන්න කරන ප්‍රතිචාර පමණයි...

:       2       174

මම1Wednesday, 13 September 2017 03:38 PM

දාන්නන් වාලේ නෙගටිව් කමෙන්ට් දානවා වගේ. මේ අපේ රටේ තේ පිටරට නොයවා රටේ අයට නොමිලේ බෙදල දෙන්න කියනවා වගේ. බෝට්ටු ඕන අයට ගන්න සැපයුම් කරුවෝ, පහසු ණය ක්‍රම ඕන තරම් තියෙනවා. ලංකාවට අඩු බටහිර රටවල ජපානයේ තියෙනවා වාගේ විශාල ධීවර නෞකාවන්. මුරුසි දිවයිනට මේවා නිකන් දෙන්නේ නැහැ. මේ කියන්නේ අපනයන ඇණවුමක් ගැන. රටේ නිෂ්පාදන අපනයන කලාම විදේශ මුදල් ලැබෙනවා.

:       1       0

anura Sunday, 10 September 2017 05:59 PM

කඩදාසි බෝට්ටු වෙන්නැති!

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 417 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 449 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site