ජපන් අමතර කොටස් ලංකාවට ගෙනැවිත් අලෙවි කරන ප්‍රධානම වෙළෙඳ මහතකු වන්නේ නිශාන්ත ඉඳුනිල් කුරුප්පුය. පංචිකාවත්තේ ප්‍රධාන කඩ පේළිය මැදට වන්නට මෙම වෙළෙඳසල පිහිටා තිබේ. මේ ව්‍යාපාර ස්ථානයත් පියාගෙන් පුතාට උරුම වූ ව්‍යාපාර ස්ථානයකි. ‘ලීලා මෝටර්ස්’ මෙහි නාමයයි. මේ දවස්වල බිස්නස් කොහොමදැයි සොයාගෙන යන ගමනේ අපට හමු වූ තවත් ව්‍යාපාරික ස්ථානයකි මෙය.
Q: මේ දවස්වල බිස්නස් කොහොම ද?
“මෙහෙමයි. හැමදාම එක වගේ බිස්නස් නැහැ. දවසක් තිබුණොත් දවසක් නැහැ. සාමාන්‍ය පරිදි බිස්නස් තියෙනවා. ඉස්සර වගේ දැන් කොහොමත් ලොකුවට බිස්නස් නැහැ. සාමාන්‍ය පරිදි ශේප් වෙලා යනවා. කොරෝනාවලට කලින් බිස්නස් හොඳට තිබුණා. එතැනින් පස්සේ බිස්නස් හොඳටම වැටුණා. ඩොලර් ප්‍රශ්නය ආවා. ආර්ථික අවපාතය හොඳටම ආවා. ඒ කාලයේ බිස්නස් ගොඩක් අඩු වුණා. බිස්නස්වල ලොකු දියුණුවක් පේන්න නැහැ.”
Q: බිස්නස් අඩු වුණේ ඇයි?
“පිටරටින් බඩු ගෙන්නනවිට අයකරන ටැක්ස් එක අඩු කරන්න පුළුවන් නම් අඩු මිලට ජනතාවට බඩු දෙන්න පුළුවන්. එතකොට නිකන්ම වෙළෙඳාම වැඩි වෙනවා. වෙළෙඳ සමාගම්වලින් හරි ඉල්ලීම් කරන්න ඕනෑ අයවැයෙන් එහෙම කරන්න කියලා. නිෂ්පාදන වියදම එක්ක බලලා වෙන්න ඇති මේ ගණන් කියන්නේ. දැනට මේ ආයතනයේ තුන් දෙනෙක් සේවය කරනවා. කලින් මීට වැඩිය හිටියා. ඒත් කොරෝනාවලින් පස්සේ සේවකයෝ අඩු වුණා. දැන් ජනතාවත් ලොකුවට සල්ලි වියදම් කරන්න බලන්නේ නැහැ. හැම දෙයක්ම ගණන් නිසා ජනතාවටත් මුදල් අපහසුතා තිබෙනවා. එහෙම වුණාම බිස්නස් අඩු වෙනවා. මේවා ගැන හිතලා ආණ්ඩුව අපට බදු සහනයක් දුන්නොත් අඩු මිලට බඩු දෙන්න පුළුවන්.”
අමිල චින්තක ගමගේ (ඡායාරූපය - ඉසුරු පෙරේරා)
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලොකුවට බිස්නස් නැහැ