හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාවට චීනයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියනයක හවුල්කාරීත්ව ණයක් ලැබෙන බවත් එහි පළමු වාරිකය මේ මසදී ලැබෙන බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (3) පැවැසීය.
පළමු වාරිකය වන එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක මුදල මේ මාසයේදීත් දෙවැනි වාරිකය ඔක්තෝබර් මාසයේදී ලැබෙන බවත් මහ බැංකු අධිපතිවරයා කීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කුමාරස්වාමි මහතා ඒ බව කීවේය.
චීන සංවර්ධන බැංකුවෙන් මෙම ණය මුදල ලැබෙන අතර මුදල ලැබෙන්නේ 5.25 % පොලී අනුපාතයක් අනුවය. මෙම ණය මුදල වසර 8කින් නැවත ගෙවිය යුතු වේ. ණය මුදල ගෙවීමේදී අවුරුදු තුනක සහන කාලයක් ද හිමි වේ.
මේ අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඊළඟ වාරික මුදල වන එක්සත් ජනපද ඩොලර් මිලයන 250ක මුදල ඉදිරියේදී ලැබීමට නියමිත බව ද මහ බැංකු අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලංකාවට චීනයෙන් හවුල්කාරීත්ව ණයක්
naicheena Saturday, 04 August 2018 09:02 AM
ජාතික පාඨය අපි ණයට කමු.