IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකාපේ 2024 දී රුපියල් ට්‍රි. 34ක ගනුදෙනු කරලා

භානුක අමරසිංහ 

මෙරට ජාතික ගෙවීම් ජාලය වන ලංකාපේ මගින් 2024 වසර තුළදී සිදුකළ ගනුදෙනුවල වටිනාකම රුපියල් ට්‍රිලියන 34ක් වන බව එහි ප්‍රධාන විධායක නිලධාරී චන්නද සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙම වටිනාකම මෙරට දළ ජාතික නිෂ්පාදිතයට වඩා වැඩි අගයක් බවත් ඔහු සඳහන් කරයි. 

ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන මෙරට පළමු ෆින්ටෙක් සමුළුව සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ පිළිබඳව අනාවරණය කළේය. 

“ඒ වගේම 2024 වසරේදී ලංකාපේ ආයතනය සිදු කළ තත්‍ය-කාල ගනුදෙනු (රියල්-ටයිම් ට්‍රාන්ස්ඇක්ෂන්ස්) ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 17ක්. එය මෙරට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 50කට අධිකයි.“ 

ඒ අනුව අද වන විට රට තුළ මෙම ඩිජිටල් ගනුදෙනුවල සාර්ථක ප්‍රවණතාවක් පවතින බවත් ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් මෙම ඩිජිටල් තාක්ෂණය නාගරිකව ක්‍රියාත්මක සමාගම් අතර, භාවිත වන බවත්, ගැටලු‍ව වන්නේ මෙම තාක්ෂණය සිල්ලර වෙළෙඳාම සහ ග්‍රාමීය ප්‍රදේශය වෙත ව්‍යාප්ත නොවීම බවත් ඒ මහතා පෙන්වා දෙයි. 

“ලංකාවේ මිලියන 22ක් පමණ වන ජනගහනෙයන් සියයට 80ක්ම ග්‍රාමීයව වාසය කරන්නේ. ඩිජිටල් ක්‍රමය හරහා ඔවුන් වෙත ළඟා වීම තමයි අභියෝගය. එතැනදී තමයි මේ ෆින්ටෙක් සමාගම්වල දායකත්වය අවශ්‍ය වෙන්නේ’’ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

ඡායාරූපය - ප්‍රදීප් පතිරණ

 



අදහස් (0)

ලංකාපේ 2024 දී රුපියල් ට්‍රි. 34ක ගනුදෙනු කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site