IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ලාංකික ව්‍යාපාර ඉලක්ක කරගත් රැන්සම්වෙයා ප්‍රහාර යළිත් ඉහළට

Kaspersky  සමාගමේ විශේෂඥයෝ පෙන්වා දෙති


ඉකුත් වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාස 12ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආයතන ඉලක්ක කරගත් රැන්සම්වෙයා පරිගණක වෛරස ප්‍රහාර 2,803ක් හඳුනාගැනීමටත්, ඒවා වැළැක්වීමටත් Kaspersky සයිබර් ආරක්ෂණ විසඳුම්වලට හැකියාව ලැබී තිබේ. මෙය 2023 වසරට සාපේක්ෂව සියයට 6ක රැන්සම්වෙයා ප්‍රහාරවල වර්ධනයක් වන අතර මෙරට ව්‍යාපාරික ආයතන සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමුකළ යුතු බව ඉන් පිළිබිඹු වේ. 
රැන්සම්වෙයා ප්‍රහාර අතිශය සූක්ෂම ලෙස ව්‍යාපාරවලට මූල්‍ය මෙන්ම කීර්තිනාම ඉලක්ක කරගන්නා බැවින් ලොකු කුඩා සෑම ව්‍යාපාරයක්ම සිය තොරතුරු තාක්ෂණ ආරක්ෂාව ශක්තිමත් කිරීමට අවධානය යොමුකළ යුතු බව Kaspersky  සමාගමේ විශේෂඥයෝ පෙන්වා දෙති. 
2024 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගම් මෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක් ද සයිබර් ප්‍රහාරවලට ගොදුරු විය. දේශීය වශයෙන් සයිබර් ආරක්ෂණයේ වැදගත්කම ඉන් මනාව පිළිබිඹුවන අතර, මෙම සයිබර් අපරාධකරුවන් ඉතාම සවේදී තොරතුරු දඩයම්කරන අතර, අතිශය වැදගත් තොරතුරු පද්ධති කරා ප්‍රවේශවීමේ අවදානම ද පවතියි. 
වර්තමානය වනවිට මෙම රැන්සම්වෙයා ප්‍රහාරකයන් ශ්‍රී ලංකාවේ සෑම කර්මාන්ත ක්ෂේත්‍රයක්ම පාසා ඉලක්ක කරගනිමින් සිටින බව අපගේ අධ්‍යයන තුළින් පෙනීයනවා. සමස්ත ප්‍රහාර සංඛ්‍යාව දෙස බැලූ විට එය සාමාන්‍ය අගයක් ලෙස කෙනකුට අර්ථකථනය කළ හැකියි. එහෙත් අතිශය බරපතළ මූල්‍ය සහ කීර්තිනාම හානියක් කිරීමට එක් රැන්සම්වෙයා ප්‍රහාරයක් පමණක් ප්‍රමාණවත්. එමනිසා විධිමත් සහ රැන්සම්වෙයා වළක්වාගැනීමේ හැකියාවෙන් යුතු සයිබර් ආරක්ෂණ විසඳුම් වෙත ආයෝජනය කිරීමට ව්‍යාපාර කටයුතු කළයුතුයි, යනුවෙන් Kaspersky  සමාගමේ ආසියානු නැගී එන වෙළෙඳපොළ විකුණුම් ප්‍රධානී සෑම් යන් මහතා ප්‍රකාශ කරයි. 
Kaspersky  සමාගම හඳුන්වා දී ඇති සයිබර් ආරක්ෂණ විසඳුම් අතරට Kaspersky Endpoint Security for Business, Kaspersky Small Office Security, සහ Kaspersky Standard  අයත් වේ. අඛණ්ඩව සිදුකරන ඇගයීම් මගින් මෙම විසඳුම් හරහා සියයට 100ක් රැන්සම්වෙයා ප්‍රහාර වළක්වාගත හැකි බවට සහතිකකර තිබීම විශේෂත්වයකි. 
තව ද 2016 වසරේදී පිහිටුවාගත්  No More Ransom වැඩසටහන හරහා යුරෝපා පොලිසිය, නෙදර්ලන්ත ජාතික පොලිසිය සහ වෙනත් ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ හවුල්කරුවන් සමඟ එක්ව රැන්සම්වෙයා ප්‍රහාර වළක්වාගැනීමට මෙන්ම වින්දිතයන්ට සහාය වීමට ද Kaspersky ක්‍රියාකරයි. 
2024 වර්ෂය වනවිට වර්ෂ 8 කාලයක් ප්‍රධාන හවුල්කරුවකු ලෙස No More Ransom වැඩසටහනට දායක වීමට Kaspersky සමාගමට හැකිවී තිබේ. මෙම කාලපරිච්ඡේදය තුළ Kaspersky නොමිලයේ ලබාදෙන decryption tools එදදකි හරහා විවිධ රැන්සම්වෙයා කාණ්ඩ 42ක් හඳුනාගැනීමටත්, ගෝලීය වශයෙන් වින්දිතයන් මිලියන 2.3ක් ආරක්ෂාකරගැනීමටත් සමත්වී ඇති බව යුරෝපා පොලිසිය වාර්තා කරයි. ගෝලීය සයිබර් ආරක්ෂාව වෙනුවෙන් සහ රැන්සම්වෙයාවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් Kaspersky හි කැපවීම ඉන් මනාව පිළිබිඹු වේ. 
ඔබත්, ඔබේ ව්‍යාපාරයත් රැන්සම්වෙයා ප්‍රහාරවලින් ආරක්ෂා කරගැනීමට පහත දැක්වෙන ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස Kaspersky විශේෂඥයෝ පෙන්වා දෙති. එනම්, RDP, MSSQL ආදී desktop/management services අත්‍යවශ්‍යම මොහොතක හැරුණු විට පොදු පරිගණක/ අන්තර්ජාල ජාලවලට සම්බන්ධ නොකිරීම, සෑම අවස්ථාවකදීම ශක්තිමත් රහස් කේත භාවිත කිරීම, two-factor authentication භාවිත කිරීම, firewall භාවිතය ආදී පියවර අනුගමනය කිරීම වැදගත් වේ. තව ද නිවසේ සිට රාජකාරිකරන සේවකයන් වෙනුවෙන් අන්තර්ජාල ප්‍රවේශය ලබාදෙන වාණිජ VPN  සේවාවල ආරක්ෂාව පිළිබඳව ද වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ඊට අමතරව සෑම මෘදුකාංගයක්ම නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම ද රැන්සම්වෙයා වළක්වාගැනීමට උපකාරී වනු ඇත. 
අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රවේශවීම සහ දත්ත සොරාගැනීම පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමුකළ යුතුය. එමෙන්ම offline backup ක්‍රමෝපාය ගැන සැලකිලිමත්වීම ද වැදගත් ය. එතුළින් ඕනෑම හදිසි අවශ්‍යතාවකදී ක්ෂණයකින් දත්ත වෙත ප්‍රවේශවීමේ හැකියාව ඔබට ඇත. නීත්‍යනුකූල නොවන මෘදුකාංග ඩවුන්ලෝඞ් කිරීම හෝ නොදන්නා මූලාශ්‍රවලින් මෘදුකාංග ලබාගැනීමෙන් වැළකීසිටීම ද සයිබර් ආරක්ෂණයේ වැදගත් පියවරකි. සැපයුම් ජාලය ඇගයීමට සහ විගණනයට බඳුන් කර, ඔබේ තොරතුරු පද්ධතියට පිවිසීමට ඇති ඉඩකඩ අවුරාලීම ද වැදගත් ය. එමෙන්ම යම් හෙයකින් දත්ත කොල්ලයක් සිදුවුවහොත් එමගින් ඔබේ ව්‍යාපාරයට ඇතිවිය හැකි කීර්තිනාම හානිය වළක්වාගැනීමට ක්‍රියා සැලැස්මක් සැකසීම ද සයිබර් ආරක්ෂණයටම අයත් පියවරකි.



අදහස් (0)

ලාංකික ව්‍යාපාර ඉලක්ක කරගත් රැන්සම්වෙයා ප්‍රහාර යළිත් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 170 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2059 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site