IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලාංකික බැංකු වෘත්තිකයන් ගෝලීයව බලගැන්වීමට APBSL සහ SLBA-UAE උපායමාර්ගික හවුල්කාරීත්වයක


ශ්‍රී ලංකා මූල්‍ය වෘත්තිකයන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඔවුන්ගේ පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් වශයෙන් ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමය (APBSL) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය (SLBA-UAE) පසුගිය 20 දා, ඩුබායි සහ උතුරු එමීරේට්ස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. 

ඩුබායි සහ උතුරු එමිරේට්ස් සඳහා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අත්සන් තැබීමේ උත්සවය පැවැති අතර, APBSL හි සභාපති ඇන්ටන් ආරුමුගම් සහ SLBA-UAE හි සභාපති ඉස්තියාක් රාසික් යන මහත්වරු එය නිල වශයෙන් අත්සන් කළහ. මෙම උපායමාර්ගික ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර වෘත්තීය සංවර්ධනය හා මූල්‍ය සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම සංගම් දෙකෙහි අන්‍යෝන්‍ය අවශ්‍යතා ප්‍රවර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ. 

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් APBSL හි සභාපති ඇන්ටන් ආරුමුගම් මහතා මෙසේ පැවසීය. “මෙම හවුල්කාරිත්වය APBSL ගෝලීය වශයෙන් වර්ධනය වීමට සහ ලොව පුරා සිටින අපගේ සාමාජිකයන්ට සහාය වීම සඳහා වන වැදගත් පියවරකි. ලාංකික බැංකු වෘත්තිකයන් සඳහා ජාත්‍යන්තර සම්බන්ධතා කෙතරම් දුරට වැදගත් වනු ඇත්දැයි අපි අවබෝධ කරගෙන සිටින බැවින් ඔවුන්ට ඉහළ අවස්ථා නිර්මාණය කරන හවුල්කාරීත්ව ගොඩනැගීමට කැප වී කටයුතු කරන්නෙමු.”

මෙම ගිවිසුම මගින් දෙරටෙහි වෘත්තීය සංවර්ධනයට මනා අවකාශයක් සැලසෙන අතර, ඒකාබද්ධ පුහුණු වැඩසටහන්, වෙබ්නාර් සහ මූල්‍ය වෘත්තිකයන් සඳහා සහතිකලත් පාඨමාලා මෙන්ම ජාලකරණ (networking) අවස්ථා ද නිර්මාණය වනු ඇත. මෙකී හවුල්කාරීත්වය යටතේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවණතා පිළිබඳ ඒකාබද්ධ පර් යේෂණ කිරීම, වෘත්තීය මාර්ගෝපදේශන සැපයීමට මෙන්ම සංගම් දෙක අතර ශක්තිමත් සම්බන්ධතාවක් ඇති කිරීම උදෙසා ඒකාබද්ධ සමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට ද සහාය වේ.

“බැංකු වෘත්තිකයන් ආර්ථික ස්ථාවරත්වයේ හා වර්ධනයට බලපාන මූලික සාධකයක් වන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික බැංකුකරුවන්ට සහාය වීම සඳහා ඔවුහු ඉතා වැදගත් කාර්යභාර්යක් ඉටු කරමින් සිටිති. එබැවින් මෙම මුලපිරීම උදෙසා මම පූර්ණ සහයෝගය ලබා දීමට කැමැත්තෙමි. මෙම හවුල්කාරීත්වයෙන් සැබෑ ලෙසම දිගුකාලීන ප්‍රතිලාභ අත්කර දෙන බවට වග බලා ගනිමින් කොන්සල් කාර්යාලය, මෙම සංගම් ද්විත්වයටම අඛණ්ඩ සහයෝගය ලබා දෙනු ඇත,” යනුවෙන් මෙහිදී කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. 

මීට අමතරව, SLBA-UAE හි සභාපති ඉස්තියාක් රාසික් මහතා අවධාරණය කළේ මෙම අවබෝධතා ගිවිසුම, සිය සාමාජිකයන්ගේ දැනුම පුළුල් කර ගනිමින් අධ්‍යාපනික හා වෘත්තීයමය වශයෙන් ඉදිරියට යාමට හැකි අගනා අවස්ථාවක් වන බවයි. 

ගතික හවුල්කාරීත්වයක ආරම්භයක් සනිටුහන් කළ මෙම ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවේ බැංකු වෘත්තිකයන්ට දේශීයව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකු අතර ද වඩා හොඳ සම්බන්ධතා වර්ධනය කර ගැනීමට සහ ක්ෂේත්‍රය තුළ ඉහළ ප්‍රගතියක් ළඟා කර ගැනීමට ද හැකි වනු ඇත.



අදහස් (0)

ලාංකික බැංකු වෘත්තිකයන් ගෝලීයව බලගැන්වීමට APBSL සහ SLBA-UAE උපායමාර්ගික හවුල්කාරීත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site