IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


රඹුටන් අපනයනයට ක්‍රමයක් හදන්න බැරිද?

 සාර්ථක වගාවක් 

 

  • පොහොර මිල ගණන් අධිකවීමත් රඹුටන් වගාවට අහිතකර ලෙස බලපාලා
  • වසරකට එක්වරක් පමණක් අස්වැන්න නෙළීම නිසා වියදමට සරිලන මුදලක් ලබා ගැනීමට අපහසු තත්වයක්
  • රඹුටන් කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් සකස්කර දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි
  • පවතින ගැටලු‍ නිසා ඇතැම් අය රඹුටන් වගාවෙන් ඉවත්ව පොල් සහ අන්නාසි වගාකිරීමටත් යොමුවෙලා
  • රඹුටන් මද ටින් කිරීමට ඌරාපොල ප්‍රදේශයේ රජයේ ආයතනයකට ලබාදීමට එදා හැකියාව තිබුණත් අද එම අවස්ථාවද අහිමි වෙලා

ගම්පහ - තිලකරත්න දිසානායක

වසරකට එක් වරක් පමණක් අස්වැන්න ලැබෙන රඹුටන් කල් තබා ගැනීමේ ක්‍රමයක් සකස්කර දෙන්නේ නම් රඹුටන් අපනයනයෙන් වැඩි ආදායමක් රටට උපයා දීමට හැකියාව පවතින බව ගම්පහ දිස්ත්‍රික්කයේ රඹුටන් වගාකරුවෝ පෙන්වා දෙති.  

අතීතයේ මල්වාන රඹුටන් සඳහා වැඩි වශයෙන් ප්‍රචලිතව තිබූ මුත් වර්තමානයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකම උසස් තත්වයේ රඹුටන් වගාකිරීමට යොමුව ඇත. එම වගාකරුවන් පෙන්වා දෙන්නේ වගාවේදී රෝග වැළඳීමත් ගැටලු‍වක්ව පවතින බැවින්  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් කළයුතු බවය.

තවද  වසරකට දෙවරක් ඵලදාව ගැනීමේ ක්‍රම පිළිබඳව වගාකරුවන්ට අවශ්‍ය දැනුම ලබා දීමට  දැනුවත් කිරීම් ආදිය විය යුතු බවත් ඔවුහු පෙන්වා දෙති. 

එසේම අවශ්‍ය පොහොර මිල ගණන් අධිකවීමත් රඹුටන් වගාවට අහිතකර ලෙස බලපා ඇති බවත් වගාකරුවෝ සඳහන් කරති.

රඹුටන් වගාවේ පවතින ගැටලු‍ සම්බන්ධයෙන් වගාකරුවන් කිහිප දෙනෙක් මෙලෙස අදහස් දැක්වූහ.

ගම්පහ ඔස්මන් ගුණසේකර :- 
“මම මල්වත්ත ප්‍රදේශයේ අක්කර විසි පහක පමණ රඹුටන් වගාවක් පවත්වාගෙන යනවා. ඵලදාව මෙරට මෙන්ම විදෙස් රටවල් කිහිපයකටත් අපනයනය කරනවා. රඹුටන්වල ගෙඩි හටගැනීම වසරකට එක් වරක් පමණක් සිදුවෙන නිසා එක්වර අස්වැන්න නෙළීම මත අලෙවියෙන් වියදමට සරිලන මුදලක් ලබා ගැනීමට අපහසු තත්වයක් පවතිනවා. නිසියාකාර ආදායමක් උපයා ගැනීමට ක්‍රමවේදයක් අවශ්‍යයි. 

මේ සඳහා මම හිතන විදිහට වෙනත් පලතුරු කල්තබා ගැනීමට ශීතාගාර භාවිත කරන ආකාරයට රඹුටන් කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් සකස්කර දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ඇති කිරීම සුදුසුයි. මෙවන් වැඩපිළිවෙළක් ඇති කිරීමට හැකි නම් වගාකරුවන්ට විදේශීය වෙළෙඳ පොළට ඵලදාව යැවීමෙන් හොඳ ආදායමක් ලබාගන්න පුළුවන් වේවි.”‍

අත්තනගල්ල, ඌරාපොල ප්‍රදේශයේ වගාකරුවකු වන වරුණ ලක්මාල්:-

“එක් වාරයකදී රඹුටන් ඵලදාව ලැබෙන නිසා මිල අඩු වෙනවා. මීට විකල්පයක් ලෙස විය යුත්තේ කල් තබා ගැනීමේ ක්‍රමයක්. අනෙක් පලතුරු හැමදාම පාහේ තිබුණත් රඹුටන් එහෙම නැහැ. එසේම අපනයනය සඳහා අතරමැදියන් නැතිව රජය මගින් සමූපකාර ක්‍රමයක් හෝ ඇතිකර විදේශ ඇණවුම් අවලංගු නොවන සේ උසස් වර්ග යැවීමේ ක්‍රම ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. 

මඩකොටුව ප්‍රදේශයේ පදිංචි පාලිත ගුණසේකර අදහස් දැක්වූයේ මෙලෙසිනි. 

“වර්ෂයකට දෙවරක් ඵලදාව ගැනීමේ ක්‍රමයක් ඇති කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වගාකරුවන් යොමු කිරීම විය යුතුයි. එක්වරක් පමණක් රඹුටන් ඵලදාව ලබන නිසා මිල ගණන් අඩු වෙන තත්වයක් පවතිනවා. වර්තමානයේ පොහොර මිල සහ සේවක වියදම් අධිකයි. මේ නිසා අද මේ වගාවෙන් ඉවත්වෙන තත්වයකුත් පවතිනවා. රඹුටන් වගාවේ පවතින ගැටලු‍ නිසා මින් ඉවත්ව පොල් සහ අන්නාසි වගාකිරීමටත් යොමුව සිටිනවා. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුකරමින් නිසි වැඩපිළිවෙළක් ඇති කිරීම සුදුසුයි. අතීතයේ රඹුටන් මද ටින් කිරීම සඳහා ඌරාපොල ප්‍රදේශයේ රජයේ ආයතනයකට ලබාදීමට හැකියාව තිබූ බවත් වර්තමානය වනවිට එම අවස්ථාවද අහිමි වෙලා. 

කළගෙඩිහේනේ මාර්ගය අද්දර රඹුටන් අලෙවි කිරීමේ නිරත නවෝදනී වික්‍රමසිංහ අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.

අලෙවිය පිනිස වගාකරුවන්ගෙන් රඹුටන් ගස් බද්දට ගෙන සිල්ලරට අලෙවි කිරීම සිදු කරනවා. අස්වැන්න කල් තබා ගැනීමේ ක්‍රමයක් ඇති කර අපනයනය සඳහා අවස්ථාවක් සලසාදීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

රඹුටන් වගාකරුවන්ට ඇති ගැටලු‍ සහ ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා සන්ධ්‍යා කුමාරි මහත්මිය වෙත යොමු කිරීමේදී සඳහන් කර සිටියේ, ඒ ඒ ප්‍රදේශවල කටයුතු කරනු ලබන කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන නිලධාරීන් මගින් කෘෂි උපදේශකවරුන් දැනුවත් කිරීමෙන් අවශ්‍ය අයට උපදෙස් සහ සහාය ලබා ගැනීමට හැකිව ඇති බවයි. එම නිලධාරී හිඟයක් පැවතීම මත උපදෙස් ඉල්ලා සිටිනවිටදී පමණක් ලබාදීම සිදුවන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.  

වගාකරුවන් පවසන පරිදි වර්ෂයකට දෙවරක් රඹුටන් ඵලදාව ලබා ගැනීමට හෝමෝනයක් යොදා ගැනීමේ ක්‍රමවේදයකට යාහැකි බවත් අධ්‍යක්ෂවරිය පැහැදිලි කළ අතර ශීතාගාරවල තබා වසර පුරා තබාගැනීමේ ක්‍රමවේද ඉදිරියේදී ඇති කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් ඉදිරිපත්වීම සුදුසු බවද සඳහන් කළාය.

 



අදහස් (0)

රඹුටන් අපනයනයට ක්‍රමයක් හදන්න බැරිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 306 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 656 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site