

බහරේන් මනමාහීදී පැවැති 2025 උද්‍යාන ප්‍රදර්ශනයක් සඳහා සහභාගී වීමට කොත්මලේ රම්බොඩ බ්ලූ ෆීල්ඩ් තේ කර්මාන්ත ශාලාවට පසුගියදා අවස්ථාව උදාවිය. ඒ බහරේන් රැජිණගේ විශේෂ ආරාධනාවකට අනුවය.
එහිදී රම්බොඩ බ්ලූෆීල්ඩ් තේ කර්මාන්ත ශාලාව මගින් ප්‍රීමියම් සිලෝන් තේ වර්ග රාශියක් ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණි. එම අවස්ථාවේදී ප්‍රදර්ශනය සඳහා සහභාගි වී සිටි එකම ශ්‍රී ලංකා සමාගම වශයෙන් රම්බොඩ බ්ලූ ෆීල්ඩ් තේ කර්මාන්තශාලා ප්‍රදර්ශන කුටිය ඉතා සාර්ථක අයුරින් පැවැත්වීම සඳහා බහරේන් ශ්‍රී ලංකා තානාපතිනි මධුකා සිල්වා මහත්මියගෙන් විශාල සහයෝගයක් ලැබුණු බව බ්ලූෆීල්ඩ් විකුණුම් සහ අලෙවි ප්‍රධානී හාතිම් කසනදීන් මහතා පැවසීය.
ඊට අමතරව එම ප්‍රදර්ශනයට සහභාගී වීමට අවස්ථාව ලැබීමෙන් බ්ලූෆීල්ඩ් තේ නාමය හරහා හොදම තේ ලොවට ගෙන යමින් ගෝලීය වේදිකාවේ සිලෝබ් ටී ශූරයා බවට පත් වීමට අවස්ථාව උදා වූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
එහිදී රම්බොඩ බ්ලූෆීල්ඩ් අධිපති මොහොමඩ් නිශාර් මොහොමඩ් ආශික් මහතා බහරේන් ශ්‍රී ලංකා තානාපතිනි මධුකා සිල්වා මහත්මිය සමග තේ නිෂ්පාදනයට හා අලෙවියට අදාළ තොරතුරු හුවමාරු කරගත් අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.
සුදත් එස් කුමාරසිරි- කොත්මලේ
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රම්බොඩ බ්ලූෆීල්ඩ් තේ බහරේන් ප්‍රදර්ශනයේදී