IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රම්බොඩ කහට තේ නව අලෙවි මධ්‍යස්ථානය විවෘත කෙරේ

 


සුදත් එස්. කුමාරසිරි


කොත්මලේ රම්බොඩ බ්ලූෆීල්ඩ් තේ සමාගමේ නවතම නිෂ්පාදනයක් වන රම්බොඩ කහට, දීප ව්‍යාප්තව දේශීය වෙළෙඳපොළට හඳුන්වා දීමේ අරමුණින් රම්බොඩ කහට තේ නව අලෙවි මධ්‍යස්ථානයක් බ්ලූෆීල්ඩ් පරිශ්‍රයේ ආරම්භ කර ඇත.

එම තේ අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරීම රම්බොඩ කහට තේ අලෙවි මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එස්. කියාෂ්, බ්ලූෆීල්ඩ් කළමනාකර අධ්‍යක්ෂ ආෂික් නිසාර් යන මහත්වරුන් ප්‍රමුඛ තවත් ආරාධිත පිරිසකගේ සහභාගීත්වයෙන් උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි. මෙලෙස ආරම්භ කරන ලද රම්බොඩ කහට තේ අලෙවි මධ්‍යස්ථානයෙන් තේ පාරිභෝගිකයන් හා අලෙවිකරුවන් ට උසස් වර්ගයේ තේ මිලදී ගැනීමට අවස්ථාව උදා කර දීමට බ්ලූෆීල්ඩ් පාලනාධිකාරිය පියවර ගෙන ඇත. ඒ හරහා රම්බොඩ කහට තේ දිවයින පුරා ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වේ.

රම්බොඩ කහට තේ නව අලෙවි මධ්‍යස්ථානය පසුගියදා උත්සවශ්‍රීයෙන් විවෘත කළ අවස්ථාව ඡායාරූප වලින් දැක්වේ.



අදහස් (0)

රම්බොඩ කහට තේ නව අලෙවි මධ්‍යස්ථානය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site