භානුක අමරසිංහ
කොමර්ෂල් බැංකුවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස රොමනි පරාක්‍රම පත් කරගත් බව එම බැංකුව පවසයි. ඒ අනුව අගෝස්තු 11 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය බැංකුවෙහි ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කෙරී තිබේ.
ඇයගේ මෙම පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය හිමිව ඇති බවත් පවසයි. මෙම පත් කිරීම සිදු කරන අවස්ථාව වනවිට රොමනි පරාක්‍රම සතුව කොමර්ෂල් බැංකුවේ ඡන්ද හිමි කොටස් 123ක් පවතින බවත් බැංකුව සඳහන් කරයි. වසර 27කට අධික කාලයක් පුරා සමාගම් සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර බැංකු ආයතනවල අත්දැකීම් සහිත ඇය මීට පෙර සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් චාර්ටඩ් බැංකුවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේද ප්‍රධාන තනතුරු දරා තිබේ. එසේම ඇම්රෝ බැංකුව, ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුව සහ සෝසියේට් ජෙනරල් බැංකුව යන බැංකු තුළද ඇය සේවය කර තිබේ. වර්තමානයේදී ඇය වැලිබල් වන් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙසද කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රොමනි පරාක්‍රම කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට