IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රබර් මිල පහළ බසී

(අජිත්ලාල් ශාන්තඋදය)

රබර් මිල පහළ බැසීම නිසා කුඩා සහ මහා පරිමාන රබර් වතු හිමියන් මෙන්ම රබර් ක්ෂේත‍්‍රය ආශ‍්‍රිතව විවිධ රැකියාවල නියුතු පිරිස් දැඩි අසීරුතාවට පත්ව සිටිති.

මේ දිනවල වේලන ලද ෂීට් රබර් කිලෝවක මිල රුපියල් දෙසිය විස්සත් දෙසිය පනහත් අතර පහළ මට්ටමක පවතින බව රබර් වතු හිමියෝ කියති. රත්නපුර, කලූතර, ගාල්ල, මාතර සහ මොණරාගල දිස්ත‍්‍රික් ආශ‍්‍රිතව රබර් වගාකරුවෝ වැඩිපුර සිටිති. 

මහා පරිමාන වතු සමාගම් ද රබර් මිළ පහළ බැසීමෙන් දැඩි අසීරුවට පත්ව සිටිති. කර්මාන්ත නඩත්තු සේවක වැටුප් ගෙවීම් ආදී ගැටලූ රැසකට ඔවුහුද පත්ව සිටිති.

ලංකාවේ රබර් ආශ‍්‍රිත කර්මාන්ත රැසක් ක‍්‍රියාත්මක නමුත් ඒවාට අවශ්‍ය රබර් කිරි අඩු මිලට පිටරටින් ආනයනය කිරිම නිසා මෙරට රබර් කර්මාන්තය කඩා වැටීමට ප‍්‍රධාන හේතුව බව ද රබර් ක්ෂේත‍්‍රයේ  නියැලි සිටින පිරිස් කියති.

දැනට වසර පහ හයක සිට රබර් මිල පහත වැටීම ආරම්භ වූ බව පවසන රබර් වතු හිමියන් පැවති හෝ පවතින කිසිදු රජයක් මේ රබර් මිළ පහත වැටීමේ ගැටලූවට විසඳුම් ලබාදීමට අසමත් වූ බව කියයි.



අදහස් (7)

රබර් මිල පහළ බසී

raawana Sunday, 18 February 2018 06:21 PM

ගෙනාපල්ලා තවත් රබර් කිරි පිට රටින්.ගම්මිරිස් වලට කලෙත් ඔය දේමනේ.බිස්නස් කාරයින්ටම හදපියවූ.

:       318       364

PerakumMonday, 19 February 2018 03:48 PM

ඇයි අපේ ඊනියා දේශපාලුවන්ට මේවා නොපෙනේද? විපක්ෂයේ ඉන්න අයට ඇති එකම අරමුණ කෙසේ හෝ බලයට ඒමයි. ආණ්ඩු පක්ෂයේ ඇති එකම අරමුණ කෙසේ හෝ බලයේ රැදී සිටීමයි. ජනතා ප්‍රශ්න විසඳීමට මොකෙක්වත් නෑ.

:       0       1

PerakumTuesday, 20 February 2018 03:51 PM

දන්නේ නැද්ද මේක ඉන්දියන් සාගරයේ අමුතු ඇටයනේ...

:       0       13

prabash Wednesday, 21 February 2018 12:42 PM

රටේ කිසි ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ නැහැ. මේ අය කරන එකම දේ පක්ෂයේ ප්‍රශ්න ගැන කතාකරන එක විතරයි. පක්ෂය හැදුවට රට හැදෙන්නේ නැහැ. රට හැදුවොත් පක්ෂය නිකන්ම හැදෙනවා. මෙහෙම රටක් කවදවත් දියුණු වේවිද? ටී.වී, රේඩියෝ කාරයින්ට වෙන කියන්න කිසිම විස්තරයක් නැහැ. ප්‍රවෘත්ති බැලුවොත් පක්ෂයක් ගැන විස්තරයක් විතරයි.

:       0       64

KirikapannaaSaturday, 24 February 2018 11:13 AM

රබර් මිල වසර පුරා නිශ්චිත මට්ටමක පවත්වා ගැනීමට රබර් වගාවට අදාළ ආයතන කටයුතු කළ යුතුයි.

:       0       2

Sajith sasindu Tuesday, 22 January 2019 02:47 PM

රබර් මිල ඉහල දැම්මොත් හොදයි

:       0       0

නයනී වරාගොඩ Sunday, 12 February 2023 02:10 PM

රබර් මිල මෙහෙම එකපාරට අඩුකරන එක අසාධාරණයි... හයසීයේ ඉඳන් පහළ දැම්මා. ඩයමන්ඩ් කරන්න රොටියකට දහයක් දීලා ඇසිඩ් බෝතලයක් දාහකට අරන්..., වේලන්න විසිපහක් ගෙවලා මිනිස්සුන්ට ලාභයක් කෝ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site