IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රුපියල මාස තුනට 3% කින් බහී

(හර්ෂණ තුෂාර සිල්වා)

ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා කාලය තුළදී ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.0කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
 

එපමණක් නොව මේ සතියේදී රුපියල මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය. 
 
තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව අප්‍රේල් 25 වැනිදා රුපියලේ අගය 159.04ක් දක්වා ඉහළ ගියේය.  

ඉහත සඳහන් කළ කාලයේදී ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියල සියයට 6.4කින් ද, යූරෝවකට සාපේක්ෂව සියයට 4.4කින් ද ජපාන යෙන් එකකට සාපේක්ෂාව සියයට 6.1කින් ද අවප්‍රමාණය වූ අතර අසල්වැසි ඉන්දියාවේ රුපියලට සාපේක්ෂව මෙරට රුපියල සියයට 1.1කින් අවප්‍රමාණය වී තිබේ. 
 
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි. 
 
 

 



අදහස් (0)

රුපියල මාස තුනට 3% කින් බහී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1044 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site