IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රුපියලේ අගය වාර්තා ගත ලෙස පහතට

විදේශීය ආයෝජකයන් රජයේ සුරැකුම්පත් විකුණා දැමීමත් සමඟ අද (13) දින අවසානයේදී රුපියලේ අගය වාර්තා ගත ලෙස පහත ගියේය. 


පළාත් පාලන මැතිවරණයෙන් වත්මන් ආණ්ඩුව පරාජයට පත්වීමත් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
ඩොලරයට සාපේක්ෂාව රුපියලේ අගය වාර්තා ගත 155.00 දක්වා පහත වැටිණි. 

දිනය අවසානයේදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 154.95/155.05ක් ලෙස සටහන් විය. සිකුරාදා දිනය අවසන් වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 154.27/35ත් අතර විය. පසුගිය අඟහරුවාදා දිනයේදී රුපියල 154.60/70 ත් වාර්තාගත පහත වැටීමක් පෙන්නුම් කළ අතර අද (13) එයද ඉක්මවා රුපියලේ අගය පහත වැටිණි.  
 

දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමකට පත්ව ඇතැයි ද රොයිටර් පුවත්  සේවය සඳහන් කරයි. පසුගිය සතියේදී ඊට පෙර සතිය හා සැසඳීමේදී රුපියලේ අගය ස්ථාවර මට්ටමක පැවැතිය ද මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 0.95කින් රුපියල පහත වැටී ඇතැයි තොම්සන් රොයිටර්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි. 
 
රජයේ ණය නැවත ගෙවීම් නිසා මේ වසරේදී රුපියල ඉහළ ද්‍රවශීලතාවක් ගනු ඇතැයි ද සියයට 2ත් 3ත් අතර අගයකින් පහත වැටෙනු ඇතැයි ද අපේක්ෂා කෙරිණි. පසුගිය වසරේදී රුපියල සියයට 2.5ක අගයකින් පහත වැටුණු අතර 2016 වසරේදී සියයට 3.9කින් පහත වැටිණි. 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු වත්මන් ආණ්ඩුව ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 1.97කි. මේ වසරේදී පමණක් ගෙවිය යුතු එම ණය ප්‍රමාණය වාර්තාගත අගයක් වන අතර ඊට ඩොලර් බිලියන 2.9ක විදේශ ණය සහ ඩොලර් බිලියන 5.36ක පොළිය ද ඇතුළත් වේ.
 

පෙබරවාරි 7 වැනි දිනෙන් අවසන් වූ සතියේදී විදෙස් ආයෝජකයෝ රුපියල් මිලියන 6.03ක ශුද්ධ වටිනාකමක් සහිත රජයේ සුරැකුම්පත් විකුණා දැමූහ.
 
රොයිටර් ඇසුරිනි
 
055



අදහස් (3)

රුපියලේ අගය වාර්තා ගත ලෙස පහතට

Raveendra Tuesday, 13 February 2018 12:36 PM

ලෝකයේ හොදම මුදල් ඇමතියෝ හිටපු රටක් නේද අපේ රට ?

:       0       191

Bamunuarachchi Tuesday, 13 February 2018 03:48 PM

කෝ බැංකු හොරකම නිසා රුපියලේ අගය බාල්දු වුනේ නැහැ කියලා මගෙත් එක්ක වාද කරපු අය.

:       2162       74

Bamunuarachchi Wednesday, 14 February 2018 10:03 AM

දැන් ඉතින් මොනවා පලකරන්නද බලාගෙන ඉන්නේ?

:       12       89

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 670 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17765 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site