IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


රට ගොඩනැගීමට නව වෙළෙඳපොළ සෙවීම

කෝටි දෙකකට ආසන්න විශාල ජනකායක් සෑහෙන කාලයක් තිස්සේ තම තමන්ගේ නිවෙස් තුළ රඳවා තැබීම සිතන තරම් ලෙහෙසි පහසු නැත. පසුගිය කාලය පුරාවට පාරක තොටක යන්නට බැරිතරම් උද්ඝෝෂණ පෙළපාලි තිබූ රටක මෙවැනි දෙයක් කිරීම ඊටත් දුෂ්කර කාර්යයකි. ඒ අතරට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබීමත් ලෙහෙසි නැත. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජය ඒ කාර්ය දෙකම සාර්ථක ලෙස ඉටුකර තිබේ. අනිවාර්යෙන් පිළිපැදිය යුතු සෞඛ්‍ය නීතිරීති ඇතුලත් නිරෝධායන නීතිය සහිතව රට තුළ සාමාන්‍ය ජන ජීවිතය දැන් දිග හැරෙමින් පවතියි.

ගතවූ මාස දෙකක කාලය තුළ නිවෙස්වලට වී සිටි අයට කොරෝනා ඉගැන්වූ පාඩම කෙබඳුද? ඔය එය වටහා ගත්තද? කොරෝනා අපට පමණක් නොව මුළු ලෝකයටම දුන් පණිවිඩය වූයේ හැකිනම් නැගිටිනු යන්නයි.  එසේ නැත්නම් රට පෙරට ගෙන යා යුතුය. ස්වභාව ධර්මයා අපට දෙන හොඳම සහ අවසාන අවස්ථාව බවද මතක තබාගත යුතුය.

දෙවැනි ලෝක යුද්ධ සමයේ අපට අපේ වැඩිමහල්ලන් නිතර කියාදුන් කථාවක් වන්නේ එකල ඔවුන් ගෙවූ දුෂ්කර ජීවිතය පිළිබඳවය. ඒ කාලේ රෑට අපි හිටියේ කලුවරේ. ලයිට් දාන්න තහනම්. අපි කෑවේ බත් නොවෙයි. බජිරි. ඒකත් එක වේලයි.  මේ කථාව කියමින් ඔවුහු අපට බත් කැවූහ. රෑට කලුවරේ නොතිබ්බේය.  අපට වැරැදුනේ එතැනය. අපිත් දැන හෝ නොදැන ඒ වැරැද්දම කළෙමු.

අපිට හොඳටම වැරැදී ඇති බව දැනුණේ කොරෝනා වසංගත මාරයා අපේ ගේ ඇතුළටම පැමිණි බව දැනුන නිසාය. කොරෝනා වසංගතය අපත් ඇතුළුව මුළු ලෝකයම ගිලගත් ගතවූ මාස දෙක තුළ අප උගත් එකම පාඩම වන්නේ දැන් ඉතින් නැගිටියව් යන්නය.

යහපත් ආර්ථික තත්ත්වයක් සහ හොඳ ජීවන රටාවක් තිබූ යුරෝපයේ වර්තමාන තත්ත්වය බලන විට විශාලා මහනුවර මහා ඛේදවාචකය ගැන වීදාගම හිමියන් ලියූ බුදුගුණ අලංකාරයේ එන කවියද නිතර සිහිවේ.

දොර දොර බිහි බෙර – ගෙයි ගෙයි හඬය බියකර

පිල පිල අදින මර – දුගී ගිලැණුන්ගෙන් නැනැව සර

පසුගිය මාර්තු මාසයේදී ලෝකය පුරා පැතිරී  කොරෝනා වසංගතය දරුණු ලෙස පීඩා ගෙන දුන්නේ යු​රෝපයටය. ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, ඇමෙරිකාව, කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස බැට කෑ ප්‍රමුඛ පෙළේ ධනවත් රටවල්ය. ඒ රටවල දක්නට තිබුණේ ඉහත කවි පදයෙන් කී ශෝචනීය ඛේදවාචකයයි. ඒ රටවල ආර්ථිකයේ යම් යම් පසුබෑම් දැනටමත් දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් නොවේ. ප්‍රධානම ප්‍රශ්නය වන්නේ උසුලාගත නොහැකි රාජ්‍ය ණය කන්දරාවය. ඊළඟට ආනයන වියදම්ය. එය අහස උසටය. අපනයන ආදායම කොරෝනා වසංගතය නිසා සියයට 42කින් අඩුවී ඇතිබව මහ බැංකු වාර්තා සඳහන් කරයි. ආනයන වියදම් වැඩි වීමට හේතුවී ඇත්තේ 1977 දී විවෘත ආර්ථික ක්‍රමය මගින් අපට හුරුපුරුදු කළ ආනයන වියදම් නිසාය. අපට අවශ්‍ය දේ පමණක් නොව අනවශ්‍ය දේ පවා මෙරටට ගලා ඒමේ ප්‍රවණතාව විවෘත ආර්ථික ක්‍රමය මගින් දක්නට ලැබුණි.  දැන් ප්‍රශ්නය වී ඇත්තේ කවර ආනයන වියදම් සීමා කළ යුතුද යන්නය.

ඊළඟ ප්‍රශ්නය වන්නේ රාජ්‍ය ආදායමයි. රාජ්‍ය භාණ්ඩාගාරය සිත් ගන්නා සුළු ස්ථානයක් නොවේ. අධික ණය බරක් උසුලාගෙන සිටින ස්ථානයකි. ජීවන වියදම් අහස උසටය. කොරෝනා වසංගතය නිසා රැකියා පිළිබඳ අස්ථාවර බවක්ද මතුවී තිබේ. සාමාන්‍ය ජනතාව පමණක් නොව ව්‍යාපාර පවා කඩා වැටී තිබේ. තවත් ප්‍රශ්නයක් වන්නේ අපේ අපනයන ආදායමේ අඩුවීමයි. එය කොරෝනා වසංගතය නිසා සියයට 42කින් අඩුවී ඇතිබව මහ බැංකු වාර්තා සඳහන් කරයි. මේ වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 1.5 දක්වා අඩුවනු ඇති බවට දැනටමත් මහ බැංකුව පුරෝකථනය කර ඇත.  අපි රටේ පමණක් නොව කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස බැට කෑ යුරෝපයේ තත්ත්වය මෙයට සමානය. යුරෝපයේ ධනවත්  රටක් වූ ඉතාලියේ දළ දේශීය නිෂ්පාදනය සියයට 6කින් අඩුවන ඇති බවට පුරෝකථනය කර ඇත.

ගිම්හානයේදී සංචාරකයන්ගේ පාරාදීසය යුරෝපයයි. සංචාරකයන් පිරී පවතින රටක් වූ ස්විස්ටර්ලන්තයේ මේ වසරේ සංචාරක  කර්මාන්තයෙන් අපේක්ෂිත ආදායම වූයේ ස්විස් ප්‍රැන්ක් බිලියන 6කි. එහෙත් එම අපේක්ෂිත ආදායම සපුරා ගැනීම අසීරු බව දැනටමත් විද්‍යාමාන වේ.  ලෝක සංචාරක සම්මේලනය (UNWTO) සඳහන් කරන්නේ ගිය වසර හා සසඳන විට මේ වසර තුළ සියයට 20ත් සියයට 30ත් අතර පසු බෑමකට සංචාරක කර්මාන්තය ලක්විය හැකි බවයි. විරැකියාවේ තත්ත්වයද අතිශයින් බරපතල බව වාර්තා වේ.

ගුවන් ගමන් අත්හිටුවීම නිසා බ්‍රිතාන්‍යයේ ප්‍රධානම ගුවන් සේවයට බ්‍රිටීෂ් එයාර්වේස් හි රැකියා 35,000ක් අඩුකර ඇති බව වාර්තාවීමෙන් තත්ත්වයේ බැරැරුම්කම පෙනේ.

එසේ නම් රට ගොඩ ගැනීමට මේ ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන නොගතහොත් අනාගතය අතිශයින් බැරැරුම් සහගත බව අමුතුවෙන් කිවයුතු නොවේ.  නිදහසින් පසු අප කළේම එක් එක් පාර්ශ්වවල දේශපාලනඥයන්ට බලය හුවමාරු කර දීමට විනා රට සංවර්ධනය කිරීමට නොවේ . සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා උතුරත් දකුණත් ඊට වන්දි ගෙවුවේ ලේ වලිනි.

ආනයන වියදම් වැඩිවී අපනයන ආදායම් අඩුවන්නට හේතු වූයේ 1977 ඇති කළ විවෘත ආර්ථිකය නිසාය. විවෘත ආර්ථිකය නිසා අනවශ්‍ය දෑ පවා මෙරටට ආනයනය කිරීමට ආනයන ව්‍යාපාරිකයෝ උත්සුක වූහ. එකල ව්‍යාපාරිකයන්ගේ එකම අරමුණ ලාභය පමණය.

පිටකොටුවේ පදිකවේදිකාවේ භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් තුළ පවා තිබුණේ ලාභය පිළිබඳව සංකල්පයයි. විවෘත ආර්ථික ක්‍රමය යටතේ ඔවුන් ඉන් ප්‍ර​යෝජන ගත්තේ ‘අලි ආවා බඩු ආවා’ යන අපූර්ව නිර්මාණාත්මක වෙළඳ පාඨ පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කරමිනි.

විවෘත ආර්ථික ක්‍රමය මෙරටට හඳුන්වා දුන්නේ 1977 දී බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන රජයයි. ඒ වනවිට අපට පසු පසින් සිංගප්පූරුව බංග්ලාදේශය කොරියාව (දකුණු) වැනි රටවල් හිටි අතර ඔවුන් අධ්‍යයනය කළේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳවය. අපි විවෘත ආර්ථික ක්‍රමයෙන් මෙරටට ලැබුණ නොයෙක් භාණ්ඩ වර්ග සහ ආම්පන්න දෙස බලමින් සිටියා මිසක ඊට එහා ගමනක් ගැන සිතුවේම නැත. එනිසා අප පසුපසින් සිටි එම රටවල් අප පසුකර ඉදිරියට ගිය අතර අප තවමත් සිටි තැනම බව වැටහෙන විට සියල්ල සිදුවී හමාරය.

සිංගප්පූරුව කොරියාව බංග්ලාදේශය ආදි සංවර්ධිත රටවල් අතර ප්‍රමුඛස්ථානය ගනිද්දී අපි අදටත් ඉන්නේ විවෘත ආර්ථික ක්‍රමයේ රස බලමින්ය. ආනයන වියදම් අඩු නොකර මේ ගමන යා නොහැකිය. ඒ සඳහා කැප කිරීම් කළ යුතුය. ඒ සමගම අපනයන ආදායමද වැඩිකර ගත යුතුය. යුරෝපය හති දමමින් සිටින මේ මොහොතේ ඔවුන්ගේ වෙළඳපොල අපි ආක්‍රමණය කළ යුතුය. අපිට ඕනෑ තරම් මත්ස්‍ය සම්පත සහ පලතුරු බහුලව ලැබෙන හෙයින් යුරෝපයේ නව වෙළඳපොළවල් සොයාගත හැකිය. පාරම්පරික අපනයන  භාණ්ඩ  වූ තේ, රබර්, පොල් විවිධාංගීකරණයට ලක්කොට එමගින් නව වෙළඳපොලවල් සොයාගත හැකිය. යුරෝපයේ ශ්‍රී ලංකා කුළුබඩු සඳහා තිබෙන ඉල්ලුම අපට ලබා ගැනීම සඳහා ක්‍රම සහ විධි සොයාගත යුතුය. මෙලෙස අපනයන ආදායම වැඩිකර ගෙන ආනයන වියදම් අඩුකර ගැනීමෙන් මිසක් රට ගොඩ ගැනීම නම් බොරුය.

(*** රත්නපාල ගමගේ)



අදහස් (0)

රට ගොඩනැගීමට නව වෙළෙඳපොළ සෙවීම

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 58 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 47 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 22 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 52 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 597 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1382 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 354 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site