IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රටවල් අතර විද්‍යුත් වාණිජ්‍ කටයුතු බදුකරණය ගැන සොයා බැලීමට කමිටුවක්

නිමල කොඩිතුවක්කු


දේශ සීමා මායිම් හරහා රටවල් අතර සිදුවන විද්‍යුත් වාණිජ්‍ කටයුතු (Cross- Broder E-Commerce) මත බදුකරණය ගැන සොයා බැලීමට නිලධාරී කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
විද්‍යුත් වාණිජ්‍ කටයුතු සඳහා තාවකාලික වශයෙන් මෙහෙයුම් සහනයක් ලබා දීම සහ ඒ සම්බන්ධයෙන් දිගුකාලීන නියාමන රාමුවක් හඳුන්වා දීම සඳහා මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
විද්‍යුත් වාණිජ්‍ කටයුතුවල ශීඝ්‍ර වර්ධනයත් සමග රටවල් අතර සිදුවන විද්‍යුත් වාණිජ්‍ කටයුතු හරහා ශ්‍රී ලංකාව වෙත කෙරෙන ආනයන පරිමාව ද සැලකිය යුතු පරිදි ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කර තිබේ.
උපකාරී නියාමන පරිසරයක් ඇති කිරීම මගින් සුවිශේෂී ආර්ථික ප්‍රතිලාභ ලැබෙන විද්‍යුත් වාණිජ කටයුතු වැඩිදියුණු කිරීම සඳහා විද්‍යුත් වාණිජ්‍ කටයුතුවලින් බදු ආදායම රැස් කිරීම සංවිධිත කිරීම රජය විසින් සිදු කළ යුතු වේ.
විද්‍යුත් වාණිජ්‍ වේදිකා ඔස්සේ කෙරෙන ආනයන සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන රේගු නිෂ්කාශන කාර්ය පටිපාටියේ ඇතැම් දුර්වලතා හඳුනාගෙන මෑතකදී ශ්‍රී ලංකා රේගුව විසින් සිය රේගු නිෂ්කාශන කාර්ය පටිපාටිය සංශෝධනය කර ඇත.
එය ක්‍රියාත්මක කිරීමෙන් උද්ගත වී ඇති ප්‍රමාද වීම්, ඉහළ ගිය ගනුදෙනු පිරිවැය, මහජන විශ්වාසය පළුදු වීම, මිල ගණන් සම්බන්ධයෙන් විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව අඩුවීම වැනි තත්වය විද්‍යුත් වාණිජ්‍ වේදිකා භාවිත කරන්නන්ගේ අතෘප්තිමත්භාවයට හේතු වී තිබේ.
විශේෂයෙන්ම, විද්‍යුත් වාණිජ්‍ය කටයුතු මත දැඩිව රැඳී සිටින තනි පුද්ගල පාරිභෝගිකයන් සහ කුඩා පරිමාණ ආනයනකරුවන් බලපෑමට ලක්ව ඇත.
එම තත්වය සැලකිල්ලට ගෙන, විද්‍යුත් වාණිජ්‍ය කටයුතු සඳහා තාවකාලික වශයෙන් මෙහෙයුම් සහනයක් ලබා දීම සහ ඒ සම්බන්ධයෙන් දිගුකාලීන නියාමන රාමුවක් හඳුන්වා දීම සඳහා අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

රටවල් අතර විද්‍යුත් වාණිජ්‍ කටයුතු බදුකරණය ගැන සොයා බැලීමට කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site