සාරා කන්දෙගොඩ
රාජ්‍ය සේවය අල්ලස් තිප්පොළ බව ප්‍රකාශ වී තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම චෝදනාව කර ඇත. රජයේ ඇතැම් කාර්යාලවල අල්ලස් පොකුරු පවතින බව සඳහන් කරන එම කොමිෂන් සභාවේ සභාපතිවරයා සංවිධානාත්මකව කෙරෙන මෙම දූෂිත තත්ව තුරන් කිරීමට පියවර ගන්නා බව දක්වා තිබේ. ස්වාධීනව කටයුතු කිරීම සඳහා කොමිෂන් සභා පත් කරන ලද ආණ්ඩුව රටට යහපත් සේ කාර්යය කරගෙන යන්නට ඉඩ දී තිබේ. එම ස්වාධීනත්වය අනුව දූෂණ හෝ අල්ලස් රහිත මහජන සේවාවක් අපේක්ෂා කළ යුතුවේ. රට තුළ අකටයුතුකම් මැඩ පවත්වන ව්‍යුහ ගණනාවක් ක්‍රියාත්මක නමුත් යමක් අතමිට මෙලවීමකින් තොරව කාර්යය කරගැනීම දුෂ්කර බව ජනතා තීන්දුව බව පෙනේ.
අල්ලස, දූෂණය හෝ වංචා ආර්ථිකයක කලු ලක්ෂණය. ඒවායේ පිරිවැය පාරිභෝගිකයන්ට ගෙවන්නට සිදුවීමය. ඕනෑම අතිරේක වියදමක් නිෂ්පාදන කාර්යයට එකතුවන අතර කාර්ය පහසුකරගැනීම සඳහා ගෙවන මුදල අවසාන පුද්ගලයාට ගෙවන්නට සිදුවේ. ආයතනයක අවසර පත්‍රයක්, ලියා පදිංචි කිරීමක් හෝ ආනයනික දේ රේගුවෙන් නිදහස් කරගැනීම සඳහා මුදල් හුවමාරු කරගන්නට සිදුවන පසු තරගකාරී ආර්ථිකයකට සැලකිය යුතු අවාසියක් එල්ල වේ.
දූෂිත තත්වයක් බවට මතවාදයත් බරපතළයි
රාජ්‍ය අංශය දූෂිත බව පුරවැසියෝ තදින් විශ්වාස කරති. පසුගිය දශක දෙක තුළ එම සැකය දෙගුණ තෙගුණ වී තිබේ. දේශපාලන වේදිකාවේ කෙරෙන අධිභාරයක් සහිත චෝදනා ද සමහරවිට ඒ සඳහා බලපා ඇත. රාජ්‍ය සේවයේ ඇතැම් අංශ ඉතාම යහපත්ය. නිලධාරීහු ඉතා කැපවීමෙන් කටයුතු කරති. කෙසේ වෙතත් පොදුවේ චෝදනා කෙරේ. දේශපාලනඥයන් කෙරෙහි එය ඉතාම දරුණු ලෙස එල්ල වී ඇති අතර මැති ඇමැතිවරු කරන නියෝග පසුව කරන ප්‍රශ්න කිරීම් සමග ඒවා ඉතාම දූෂිත තීන්දු බවට ප්‍රකාශ වේ. ආණ්ඩුවක් පරාජය කර අලුත් ආණ්ඩුවක් බලයට පත් වූ පසු පරීක්ෂණ, අත්අඩංගුවට ගැනීම් හා අධිකරණ ක්‍රියාමාර්ග බහුලය. සංවර්ධනය පසෙක තබන අලුත් ආණ්ඩුව දූෂණ මර්දනය කරන පියවර සඳහා වෙහෙසෙන අතර එහි දී මහජන අවශ්‍යතා යටපත් වන බව ද මෙහි දී අමතක කළ යුතු නැත.
ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි පුරවැසියන්ගෙන් සියයට හැත්තෑ නවයක් රාජ්‍ය සේවයේ දූෂිත තත්ව ඉතාම හිරිහැරයක් බව විශ්වාස කරති. එය සුදුසු තත්වයක් නොවේ. දේශපාලන වේදිකාවේ දී කරන චෝදනා, දේශපාලන පක්ෂ ඇති කරන කැළඹිලි සහ අවසානයේ දී ඒවා විසුරුවාහරින ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මේවාට වගකිව යුතුය. සෑම රටකම අල්ලස හෝ දුෂණය යම් ප්‍රමාණයකින් තිබේ. නීතියෙන් පමණක් අල්ලස් හෝ දූෂණ මැඩලිය නොහැක. ලබාගන්නා කණ්ඩායම පමණක් නොව ඒවා ගෙවන ඇතැම් පිරිස් ද රට තුළ පවතින තත්වයට වගකිව යුතුවේ. අතරමැදියන්ට ගොදුරු නොවන අතර අත යටින් ගෙවීමක් නොකර කාර්ය කරගැනීමට උත්සාහ කරන සමාජයක් රටට අවශ්‍ය කෙරේ. අධ්‍යාපනය ද එහිලා සාධකයකි. තරගකාරී රටාව සහ කවර ක්‍රියාමාර්ගයකින් හෝ තමන්ගේ කාර්යය කරගැනීමට දක්වන ලැදියාව අවසානයේ දී විශාල අපකීර්තියක් රට කෙරෙහි ඇති කරන අතර සමස්ත සමාජයම දූෂිත තත්වයට ගොදුරුවීමට සලස්වයි.
ඉකුත් කාලයේ තිබුණ මතවාද සලකා බලන ලද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය ආධාර සපයන සැලැස්ම තුළට දූෂණ මර්දන පණත අනිවාර්ය කළේය. රට අභ්‍යන්තරයෙන් විසඳාගත හැකි දූෂිත තත්ව ගැන විපක්ෂ දේශපාලන කණ්ඩායම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පැමිණිලි කරන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම පනත සම්මත කෙරිණ. අල්ලස් හෝ දූෂණ කොමිසම ස්ථාපිත කිරීම හා දූෂණ මර්දන පනත සම්මත කිරීම අවසානයේ දී පවා රජයේ නිලධාරීන් හෝ දේශපාලනඥයන් ගැන තත්වයේ වෙනසක් නැත.
ලෝක සිතියමේ නරක තැනකට පත්වීම
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් දත්ත අනුව ඉතාම දූෂිත රටවල් ලැයිස්තුවේ 121 වැනි තැන ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. රටවල් 180 ක් අතර අවසාන භාගයට තල්ලුවීම නරක තත්වයකි. දූෂිත රටවල් තෝරාගැනීමේ 2024 ලකුණු ක්‍රමය අනුව ශ්‍රී ලංකාවට ලැබී ඇති ප්‍රමාණය ලකුණු තිස් දෙකකි. 2020 වසරේ දී ලකුණු සියයකින් තිස් හතරක් ලබාගැනීමට සමත්ව සිටියේය. 2023 වසරේ දී 115 වැනි ස්ථානයේ සිට පසුගිය වසරේ දී තවත් පහළට වැටීමෙන් පසු ඉරණම නරක බව වටහා ගත යුතුව තිබේ.
වත්මන් ආණ්ඩුව දූෂණ මර්දනය ගැන තද ස්ථාවරයක පසුවේ. අල්ලස් හෝ කොමිස් ලබාගැනීමට විරුද්ධය. ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය අනුව ද රට තුළ පිරිසුදු හා විනීත ක්‍රමවේද යෝජනා කරනන බව පෙනේ. දූෂිත තත්ව ගැන තිබෙන මතවාද බැහැර කිරීම පහසු නැත. අනෙක් අතට රාජ්‍ය සේවයේ කටයුතු අනුව සලකන පසු පිරිනැමීමකින් තොරව යමක් කරගැනීමට ඉඩක් නැත. අඩුම තරමින් සුළු සේවකයකුට හෝ ගෙවන්නට ජනතාවට සිදුවේ. සාමාන්‍ය සිද්ධි බහුල අතර ඉහළ තලයේ මහා පරිමාණ සිද්ධි ද තිබේ. පාත්ෆයින්ඩර් වටමේස සාකච්ඡාවට සහභාගී වූ ජපානයේ තානාපති අකියෝ ඉසොමාටා පසුගිය දා ශ්‍රී ලංකාවේ අල්ලස් සිද්ධි හේතුවෙන් ජපානය අපහසුතාවට පත් වූ බව හෙළි කළේය. මෙරටට පැමිණි ආයෝජන හැරී ගිය බව ද කියා සිටියේය. කෙසේ වෙතත් ඉතාම බරපතළ චෝදනා සම්බන්ධ පරීක්ෂණ පවත්වන පසු එම සිද්ධිවලින් බැහැර වූ ජපානය චෝදනා එල්ල වූ ඉහළම ඇමැතිවරු නිර්දෝෂී වන සේ ක්‍රියා කළ බව ද මෙහි දී මතක් කළ යුතුව තිබේ.
ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අවශ්‍ය අතර එයින් රටට විනිමය ලැබේ. කර්මාන්ත හා ව්‍යාපාර බහුල වූ පසු විරැකියාවට විසඳුමකි. ආයෝජන පරිසරය සක්‍රීය වූ පසු මහජනතාවගෙන් අය කරන බදු අඩු කළ හැකි වනු ඇත. දැනට පවතින විෂම බදු ක්‍රමය හා පිරිවැය වැඩි ස්වභාවය සමග ඇතැම් ආයෝජකයන් මෙරටින් ඉවත්වන අතරවාරයේ අල්ලස් හෝ දූෂණ හේතුකොටගෙන ව්‍යවසායකයන් බෙලහීන කිරීම සුදුසු තත්වයක් නොවේ.
දූෂිත තත්ව ලෝක ආර්ථිකය වනසා දමන හැටි
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අලුත් වාර්තාව අනුව ලෝකයේ රටවල් අතරින් තුනෙන් දෙකක් සියයට පනහකට වඩා අවම ලකුණු ලබාගෙන දූෂිත ලේඛනයේ පසුවේ. මෙම රාමුවට අයත් රටවල ජීවත්වන පිරිස ලෝක ජනගහනයෙන් සියයට අසූ පහක් වන අතර බිලියන අටක් වශයෙන් ගණන් බලා ඇත. දකුණු සුඩානය, සෝමාලියාව, වෙනිසියුලාව, සිරියාව, ලිබියාව, එරිත්‍රියාය, යෙමන් වැනි රටවල් ඉතාම දූෂිත අතර ඒවා අභ්‍යන්තර හෝ බාහිර ගැටුම්වලට ලක් වූ රටවල් වශයෙන් ද දක්වයි. ඩෙන්මාර්ක්, පින්ලන්තය හා සිංගප්පූරුව අල්ලස් හෝ දූෂණය ඉතාම අඩු රටවල් ලැයිස්තුවේ පසුවේ.
ඇමරිකානු ඩොලර් බිලියන 500 ක සිට ට්‍රිලියන දෙකක් දක්වා කොටසක් අනාවරණය කළ නොහැකි ධනය වශයෙන් ලෝකය පුරා සංසරණය වන බව දැක්වේ. සෑම රටක්ම අනුගමනය කරන බදු ක්‍රමවේදවලට හසු නොවන පරිදි ගැවසෙන මෙම ධනය උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි කොටසක් බව ජාත්‍යන්තර විශේෂඥයෝ දක්වති. බොරතෙල් වෙළෙඳාම, මත් ද්‍රව්‍ය ජාවාරම්, ඖෂධ වංචා, අවි ආයුධ වෙළෙඳාම හා මිනිස් ජාවාරම් මෙයට ඇතුළත්ය. මේවා අභ්‍යන්තරයෙහි අල්ලස් හෝ දූෂණ බහුලව තිබේ. ඉන්දියාව, චීනය හා රුසියාව මෙහි ප්‍රධාන කොටස්කරුවන් බව දැක්වේ. රටකින් රටකට ඉන්ධන වෙළෙදාම් කරන පසු ඒවා සැපයීමේ දී අතරමැදියන් විශාල වශයෙන් ධනය හුවමාරු කරන අතර ඒවා නිලධාරීන් හා මැති ඇමැතිවරු අතර බෙදී යන බව රහසක් නොවේ. ඖෂධ ඇණවුම ද එවැනි ය. ඕනෑම රටක ආරක්ෂක මෙවලම් හා අවි ආයුධ වෙළෙඳාම අතරමැදියන් ගැවසෙන තවත් මර්මස්ථාන වශයෙන් සැලකේ. මේවා මර්දනය කිරීම සඳහා නිති පනවන නමුත් අවසානයේ දී හුවමාරුවන ධනය දුප්පත් රටවල වගකිව යුතු අංශ නිහඬ කරවන්නට සමත්ව ඇත.
ගැටුම් පවතින අවස්ථාවල දූෂිත තත්ව ඉහවහා යන අතර එහි ආයුධ, බෙහෙත්, මත්ද්‍රව්‍ය, ඇතුළු සෑම අංශයක්ම සක්‍රීය වේ. පසුගිය වසර තිහ තුළ ශ්‍රී ලංකාවේ තිබුණ යුද පසුබිම පවා මෙම අකටයුතුකම් හේතුවෙන් පීඩා විඳි අතර අවසානයේ දී එහි අවශේෂ කොටස් තවමත් බරපතළ හානි ඇතිකරමින් තිබෙන බව පෙනේ.
ඩිජිටල් රාජ්‍යයක් බවට පරිවර්තනය විසඳුමකි
අල්ලස් හෝ දූෂණ අවම කරන පිළිවෙළක් වශයෙන් ඩිජිටල් ආර්ථිකයක් ගැන යෝජනා කෙරේ. මහජනතාව මුදල් පරිහරණය අඩුම අතර රාජ්‍ය සේවය අන්තර් ජාල භාවිතාවෙන් කටයුතු පහසු කෙරේ. වසර ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව මෙම උත්සාහයක පසුවේ. එසේ නමුත් විවිධ පාර්ශවවල බලපෑම් හා නිලධාරීන්ගේ තීරණ ගැනීමේ ප්‍රමාදය හේතු කොටගෙන ඩිජිටල් ක්‍රමවේද ස්ථාපිත නොවේ. රාාජ්‍ය සේවය කුඩා කරන අතර මහජනතාවටම සිය අයැදුම්පත් යොමු කිරීම, ඔන්ලයින් අනුමැතිය හා මුදල් ගෙවීමේ දී බැංකු ගිණුම් හරහා සෘජුව කරගෙන යා හැකි ක්‍රියාමාර්ග ඇති කළහොත් අල්ලස් හෝ දූෂණ අඩු කළ හැකිය.
වත්මන් ආණ්ඩුව ඩිජිටල් ආර්ථිකය ගැන සැලකිය යුතු උන්නදුවකින් පසුවේ. ඩිජිටල් අමාත්‍යංශයක් ස්ථාපිත කර තිබේ. රජයේ ගෙවීම් දොරටුවක් විවෘත කරන ලද අතර ජනතාවට එය ඔස්සේ පහසුවෙන් රජයේ ගෙවීම් සඳහා පියවර ගත හැකි බව දැක්වේ. කෙසේ වෙතත් මෙම ඩිජිටල් ක්‍රමවේද සඳහා රජයේ ආයතන ඇතුළත්වන වේගය අඩුය. රජයේ කාර්ය මණ්ඩලය තුළ ඇති තොරතුරු තාක්ෂණ දැනුම සහිත කණ්ඩායම කුඩාවන අතර එය ගැටලුවකි. අනෙක් අතට පරිගණක සහ දත්ත ගබඩා සඳහා නවීන උපකරණ වුවමනා කෙරේ. දැනට රජයේ ආයතන සතු පරිගණක පද්ධති වසර හත අට කට කලින් මිල දී ගත් ඒවා වන අතර භාවිතයේ දී ධාරිතාව ප්‍රමාණවත් නැත. ගනුදෙනුකරුවන් සැලකිය යුතු පිරිසක් ඇතුළුවන පසු ඒවා අක්‍රීය වේ. ගමන් බලපත්‍ර අංශය, ආදායම් දෙපාර්තමේන්තුව එයට උදාහරණය. පසුගිය කාලය තුළ අන්තර් ජාලයෙන් ගමන් බලපත්‍ර අයැදුම්කළ හැකි වූ අතර පසුව ඒවා ආපසු හරවා තිබේ. ටින් අංකය ගැනීමේ දී ඇති වූ අවහිරතා සලකා බලන ආදායම් දෙපාර්තමේන්තුව අංකය රහිතව ලිපිය පමණක් ප්‍රමාණවත් බව වාණිජ බැංකුවලට දැනුම් දී ඇත. කාර්ය පහසු කරගැනීමේ ක්‍රමවේද සකස් කරන පසු මෙම පැතිකඩ අවධානයට ගත යුතුවේ.
අල්ලස් හෝ දූෂණ අවම කරන සමාජයක් සඳහා විනිවිද පෙනෙන ක්‍රමවේද ඇති කළ යුතු අතර මර්දනය පමණක් නොව ජනතාවට තොරතරු දැනගැනීමට ද ඉඩ තිබිය යුතුවේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දක්වන පරිදි දූෂණ මර්දන පනතක් ඇති කරන ලද නමුත් රජයේ බදු සහන ලබාගත් ආකාරය දැක්වෙන ලේඛන අන්තර් ජාලයට මුදාහැරීම ප්‍රමාදය. මිල දී ගැනීමේ ක්‍රමවේද අන්තර් ජාල පැත්තට හැරවීම අතපසුකොට තිබේ. මේවා බහුලව අල්ලස් හෝ දූෂණවලට හේතු බව බලධාරීන් වටහා ගත යුතුය. ශ්‍රී ලංකාව පහතට වැටී අපකීර්තිමත්ව සිටින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වාර්තා දක්වයි. යහපත් ලකුණු සහිතව ලේඛනයේ හොඳ රටවල් අතරට වැටෙන සැලැස්මක් සඳහා විධිමත් ක්‍රියා පටිපාටියක් රටට අවශ්‍යය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රාජ්‍ය සේවයේ දූෂණ මර්ධනය ජනතා තීන්දුවක්