නිමල කොඩිතුවක්කු
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙස සාමාජිකයන් ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහත්වරු කටයුතු කරති.
රජය සතු ව්‍යාපාරික සමාගම් මනා කළමනාකරණයකින් යුතුව හා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කර පවත්වා ගෙන යාමට අවශ්‍ය නව නෛතික රාමුවක් හඳුන්වා දීම සඳහා ‘රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත’ නමින් මූලික කෙටුම් පතක් මේ වන විට සකස් කර ඇත. එමගින්, රාජ්‍ය ව්‍යවසාය සම්පුර්ණයෙන්ම දේශපාලන බලපෑම්වලින් ඉවත් කිරීමටත්, එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වෘත්තීය සුදුසුකම් සහිත ක්ෂේත්‍රවල ප්‍රවීණත්වයක් ඇති වෘත්තිකයන් පත් කිරීමටත් හැකි වනු ඇත.
මහා භාණ්ඩාගාරයට සහ රටේ ආර්ථිකයට අඛණ්ඩව වැය බරක් නොවී දේශීය හෝ විදේශීය ආයෝජනවල සහාය ඇතිව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කර මනා පාලනයකින් යුතුව පවත්වා ගත යුතු බව හඳුනා ගෙන තිබේ.
ඒ සඳහා කාර්යක්ෂම සහ විනිවිද භාවයෙන් යුත් යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතු බව රජයේ ප්‍රතිපත්තිය වේ.
ඒ අනුව, එකී මූලික කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, එකී මූලික කෙටුම්පත සමාලෝචනය කර තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස විශේෂ කමිටුවක් පත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2038
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්