IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රජයේ ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගන්න සාකච්ඡා

රජයේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගය සහ එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්ද‌ා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

රජයේ නවතම ඩිජිටල් ආර්ථික උපාය මාර්ග සහ ඒවා ක්‍රියාත්මක කිරීම කෙරෙහි මෙම සැසිය අවධානය යොමු කළ අතර, රාජ්‍ය අංශයේ කාර්යයන් සඳහා කෘත්‍රිම බුද්ධිය ඇතුළත් කරගන්නා ආකාරය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්වී තිබිණි. රජයේ ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන්වී තිබූ අතර රාජ්‍ය සේවාවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල්කරණය භාවිත කිරීම මෙන්ම නාස්තිය හා දූෂණය තුරන් කිරීම කෙරෙහිද අවධානය යොමුවී තිබිණි.
අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රි, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ සහ විවිධ අමාත්‍යාංශවල ලේකම්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

රජයේ ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගන්න සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 84 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2023 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site