IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


රීජන්සි නේවාසික පාසලට BWIO සම්මානය

ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවේදවලට අනුව නිදහස් පරිසරයක් තුළ අධ්‍යාපනය විධිමත්ව සපයන මහනුවර රීජන්සි නේවාසික පාසල BWIO 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී රීජන්සි පාසල් ජාලයේ නිර්මාතෘ සුජීව සම්පත් ලේකම්ගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
2023දී Global Consortium of Science and Technology විසින් සංවිධානය කරන ලද Business Icon Awards සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පුරෝගාමියා ලෙසද රීජන්සි නේවාසික පාසල සම්මානයට පාත්‍ර විය. එසේම ජාතික ව්‍යවසායක විශිෂ්ඨතා 2024 ජනාධිපති සම්මාන උළෙලේදීද සුජීව සම්පත් ලේකම්ගේ මහතා ජාතික ව්‍යවසායක විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ ඔස්සේ ජාත්‍යන්තරය ජය ගැනීමට සිසුන්ට අවස්ථාව සලසන කඩිනම් අධ්‍යාපන ක්‍රමවේද රීජන්සි පාසල් ජාලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. අඩු වයසෙන් සාමාන්‍ය පෙළ සඳහා ළමයින් සූදානම් කරන රීජන්සි නේවාසික පාසල උසස් පෙළ සඳහා ගත කරන්නේ වසරක කාලයකි. එමගින් ඉතා අඩු වයස් මට්ටමකදී විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මෙන්ම විවිධ වෘත්තීය ක්ෂේත්‍රවලට පිවිසීමට සිසුන්ට අවස්ථාව ලැබේ. සිසුන්ගේ පෞරුෂය වර්ධනය කිරීම කෙරෙහිද රීජන්සි නේවාසික පාසල විශේෂ අවධානයක් නිරන්තරයෙන් යොමු කරයි. රීජන්සි පාසල් ජාලයේ ශාඛාවක් කුරුණෑගල නගරයේද පිහිටා තිබේ. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වීම් කරන අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා විද්‍යාල ගණිතල වාණිජ, කලා, තාක්ෂණවේදය වැනි ඕනෑම විෂය ධාරාවක් ඔස්සේ රීජන්සි නේවාසික පාසලේ සිසුන්ට පෙනී සිටිය හැකිය.

 



අදහස් (0)

රීජන්සි නේවාසික පාසලට BWIO සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 705 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17882 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site