විමුක්ති එස් රුද්‍රිගු
බදුවලින් බේරීම සඳහා ඇතැම් වෙළෙඳුන් දෙමුහුම් මැන්ඩරින්ද, දෙමුහුම් නොවන මැන්ඩරින් ආනයනය කරන එච්.එස් කේතය යටතේ ආනයනය කරන බව සොයා ගැනීමත් සමග මැන්ඩරින් ආනයනයෙන් රුපියල් මිලියන 225ක ආදායමක් උපයා තිබෙන බව ශ්‍රී ලංකා රේගුව පසුගියදා ප්‍රකාශ කළේය.
එලෙස බදුවලින් බේරෙන අවස්ථා හඳුනාගැනීමත්, මෙරට ආනයනයන් ඉහළ යාමත් හේතුවෙන් පසුගිය 3 වැනිදා රුපියල් ට්‍රිලියනයේ ආදායම් ඉලක්කය පසුකළ බවත්, පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන ආදායම් ඉලක්කය පසුකර යාමට මාස 9 ක කාලයක් ගතවූ බවත් ශ්‍රී ලංකා රේගුව පැවැසුවේය. මෙම වසරේදී රුපියල් බිලියන 2115 ක් ආදායම් ඉලක්කයක් රජය ලබාදී තිබෙන බවත්, එම ඉලක්කයෙන් සියයට 47.3 ක් මේ වනවිටත් සපුරා අවසන් බවත් ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේය.
මෙම වසරේ ඉලක්කය සපුරා ගැනීම සඳහා පසුගිය 3 වැනිදා වනවිට ඉපැයිය යුතු ආදායමට වඩා රුපියල් බිලියන 50 අදායමක් උපයා තිබෙන බවත්, ඒ හේතුවෙන් මෙම වසරේ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකිවනු ඇති බවට දැඩි විශ්වාසයක් තිබෙන බවත් ශ්‍රී ලංකා රේගුව පැවැසුවේය.
රජයේ බදු ආදායමෙන් සියයට 40 කට පමණ ශ්‍රී ලංකා රේගුව අතීතයේ සිට දායකත්වය ලබාදුන් අතර 2019 වසරේ සිදු කළ බදු කප්පාදුව සමග ශ්‍රී ලංකා රේගුවේ ආදායම සැළකිය යුතු මට්ටමකින් පහළ ගියේය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේගුව රුපියල් ට්‍රිලියනයේ ආදායම් ඉලක්කය පසුකරයි