IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මේ වසරේ බිස්නස් වැඩිවීමක් වෙලා නෑ - කිරිබත්ගොඩ MITCHELLS JEWELERS හිමිකරු චන්දන රුක්මල් දැදිගම

 


රත්තරන් මිලේ වැඩිවීමත් එක්ක රත්තරන්වලට තිබූ ඉල්ලු‍ම මේ වෙද්දී අඩුවෙලා තියෙන්නේ. ගිය වසර සහ මේ වසර එක්ක බැලු‍වාම ගිය වසරෙයි මේ වසරෙයි කියලා බිස්නස් වැඩිවීමක් වෙලා නෑ. රත්තරන් මිල වැඩිවීම නිසා පාරිභෝගිකයෝ මිලදී ගැනීම්වලින් ඈත් වෙලා තියෙන්නේ.


මැයි, ජුනි මාසවල මංගල උත්සව සඳහා දින වෙන්වීමත් සමග පාරිභෝගිකයෝ මංගල ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට, රන් ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමට රුචිකත්වයක් දක්වති. මේ දිනවල රන් භාණ්ඩ නිෂ්පාදන වෙළෙඳපොළ කොයි ආකාරයෙන් ද පවතින්නේ යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී කිරිබත්ගොඩ වෙළෙඳ නගරයේ වසර විසිපහක කාලයක සිට රන් භාණ්ඩ අලෙවිය සම්බන්ධයෙන් පළපුරුද්දක් සහිත MITCHELLS JEWELERS වෙළෙඳ ආයතනයේ හිමිකරුවන චන්දන රුක්මල් දැදිගම මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

 

මේ දිනවල බිස්නස් කොහොමද?
රත්තරන් මිලේ වැඩිවීමත් එක්ක රත්තරන්වලට තිබූ ඉල්ලු‍ම මේ වෙද්දී අඩුවෙලා තියෙන්නේ. ගිය වසර සහ මේ වසර එක්ක බැලු‍වාම ගිය වසරෙයි මේ වසරෙයි කියලා බිස්නස් වැඩිවීමක් වෙලා නෑ. රත්තරන් මිල වැඩිවීම නිසා පාරිභෝගිකයෝ මිලදී ගැනීම්වලින් ඈත් වෙලා තියෙන්නේ.


බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
මේ වෙද්දී රත්තරන් පවුමක මිලක හැදුම් කුලියත් එක්ක 280000ක් වෙනවා. මාසෙකට රුපියල් 45000ක් 50000ක පඩියක් ගන්න කෙනෙක් කොහොමද එච්චර මුදලක් දරන්නේ. ඔවුන් මාසයකට උපයන ඒ මුදලින් අද වෙද්දී දෛනික අවශ්‍යතාවත් සපුරා ගන්න හැකියාවක් පාරිභෝගිකයන්ට නැහැ. 
රත්තරන් වෙළෙඳාමට කිසිදු පාර්ශවයකින් සාධාරණයක් නැහැ. ඒ කියන්නේ හොරකම් කරගෙන එන රන් භාණ්ඩයක් අපිට ගෙනත් විකුණලා සල්ලි අරගෙන යනවා. ඒ හොරකම සම්බන්ධයෙන් විමර්ශනය කරලා හොරා අල්ල ගත්තහම ඒ කෙනා අහවල් වෙළෙඳසලට විකිණුවේ කියලා කියනවා. එහෙම වුණාම අපි සල්ලි දීලා ගත්තු රන් භාණ්ඩය නැවත පොලිසියට භාරදෙන්න වෙනවා. එහෙම වුණාම අපි ඒ පුද්ගලයාට දුන්න මුදල නැවත අපිට ලැබෙන්නේ නැහැ. ඒකේ පාඩුවත් අපිටමයි විඳගන්න වෙන්නේ. 
පසුගිය රජය රුපියල් 6000ක ටැක්ස් එකක් ගහලා තියෙනවා. ඒකවත් තවම අඩුකරලා නැහැ. අපි රුපියල් 5000ක විතර ලාබයක් තියාගෙන තමයි රන් භාණ්ඩයක් විකුණන්නේ. එහෙත් රජයට රුපියල් 6800-7000 ක ටැක්ස් එකක් ගෙවලා තමයි රත්තරන් භාණ්ඩයක් ගන්නේ. රන් පවුමකින් අපිට වඩා ලාබයක් තියෙන්නේ රජයට. 
වසරක් පාසා රන් තාරදිය ලයිසන් අලු‍ත් කරන්න බලධාරීන් ආවට, රජයෙන් සහතිකයක් නිකුත් කළාට මේ වෙළෙඳාම කොහොමද කරගෙන යන්නේ කියලා නිසි පුහුණුවක් ලබා දීලා නැහැ. මේ බිස්නස් එකම අවුරුදු ගාණක් කරගෙන ඇවිත් ඒ පළපුරුද්දත් එක්ක තමයි යම් මට්ටමකට මේ බිස්නස් කරගෙන යන්නේ. 
භාණ්ඩයක් ගන්න කියලා කෙනෙක් ආවත් හරිම සෝදිසියෙන් ඉන්න ඕනේ. රත්‍තරන් මිලදී ගන්න ඇවිත් මොකක්ම හරි හොරාට අරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. ඒකේ පාඩුවත් අපිටමයි. මේ පරම්පරාවෙන් පස්සේ ඉදිරි පරම්පාරවක් මේ බිස්නස් කරන්න හුරුකරන්න පුළුවන් තත්වයක් දැන් දැන් රන් වෙළෙඳපොළේ නැහැ. ඊට හේතුව කිසිදු වගකිව යුතු බලධාරියෙක් මේ බිස්නස්එක ගැන බලන්නේ නැතිඑක.

මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා



අදහස් (0)

මේ වසරේ බිස්නස් වැඩිවීමක් වෙලා නෑ - කිරිබත්ගොඩ MITCHELLS JEWELERS හිමිකරු චන්දන රුක්මල් දැදිගම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site