
බත්තරමුල්ල රනෝමා ජුවලර්ස් හිමිකරු
වසන්ත කුමාර
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිරරෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසල් වෙත ගියෙමු. වෙළෙඳාමේ තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ බත්තරමුල්ල රන් ආභරණ වෙළෙඳසලක් වූ රනෝමා ජුවලර්ස් වෙතය. එහි හිමිකරු වූ වසන්ත කුමාර මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
මම මේ බිස්නස් එක පටන් අරගෙන දැනට අවුරුදු 27 ක් වගේ වෙනවා. සේවකයෝ හතර දෙනෙක් ඉන්නවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. පාරිභෝගිකයන්ගේ පැමිණීම හරිම අඩු තත්වයක තියෙන්නේ.
Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න බලපාන එක හේතුවක් තමයි රත්තරන් මිල වැඩිකම. පවුමක් 258000 ක් වගේ වෙනවා. මේකට තව හැදුම් කුලියකුත් එකතු වෙනවා.
මෙච්චර ගාණක් දීලා රත්තරන් මිලදී ගන්න මිනිස්සුන්ට වත්කමක් නෑ. මනුස්සයකුට රත්තරන් මිලදී ගන්න පුළුවන් මිලකට අඩු වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට වෙළෙඳාමක් කරගන්න පුළුවන් වෙන්නේ.
රටේ පවතින ආර්ථික තත්වයන් එක්ක පාරිභෝගිකයන්ට රත්තරන් භාණ්ඩ මිලදී ගන්න හැකියාව අඩුයි.
එදිනෙදා අත්‍යවශ්‍යම කාරණා ඉටු කරගන්න තමයි හැමෝම බලන්නේ. අනෙක් හේතුව තමයි රත්තරන් මිල දිනෙන් දින වෙනස්වීම. අපිට හරියට ගානක් පරිභෝගිකයන්ට කියන්න බෑ මිල වෙනස් වෙන නිසා. එක දවසක් ආව පාරිභෝගිකයා රත්තරන් ආභරණ බලලා ගිහින් මිලදී ගන්න වෙනත් දවසක ආවොත් කලින් කිව්ව මිල වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා පාරිභෝගිකයන්ට තියන විශ්වාසෙත් අඩු වෙනවා. ඔය වගේ හේතු නිසා අපිට බිස්නස් අඩුයි.
ශෂිකා අබේරත්න
ඡායාරූප: සුමුදු හේවාපතිරණ
2025 දෙසැම්බර් මස 18
581
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ දවස්වල බිස්නස් අඩුයි