IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මේ දවස්වල බිස්නස් අඩුයි


මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟාවූයේ කිරිබත්ගොඩ රන් ආභරණ ‍වෙළෙඳසලක්වූ රන්මී ජුවලර්ස් වෙතය. එහි හිමිකරු වූ දිලීප් චතුරංග මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

මම මේ බිස්නස් එක පටන් අරගෙන දැනට අවුරුදු 10ක් වගේ වෙනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. පාරිභෝගිකයන්ගේ පැමිණීම හරිම අඩු තත්වයක තියෙන්නේ. 

බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද? 
බිස්නස් අඩු වෙන්න බලපාන එක හේතුවක් තමයි රත්තරන් මිල වැඩිකම. පවුමක් 2 40 000 ක් වගේ වෙනවා. මේකට තව හැදුම් කුලියකුත් එකතු වෙනවා. මෙච්චර ගාණක් දීලා රත්තරන් මිලදී ගන්න මිනිස්සුන්ට වත්කමක් නෑ. මනුස්සයකුට රත්තරන් මිලදී ගන්න පුළුවන් මිලකට අඩු වෙන්න ඕන. එහෙම වු‍ණොත් තමයි අපිට වෙළෙඳාමක් කරගන්න පුළුවන් වෙන්නේ. අනෙක් හේතුව තමයි කිරිබත්ගොඩ කියන්නේ විශාල වෙළෙඳ නගරයක්. කිරිබත්ගොඩ රන් භාණ්ඩ අලෙවිසල් බොහෝ සංඛ්‍යාවක් තියනවා. 

ඒ අතර නම ගිය ප්‍රධාන පෙළේ වෙළෙඳසල් කීපයක්ම තියනවා. ඒවාගේ තියන රත්තරනුත් අපි ළඟ තියන ඒවත් එකම වුණාට ඒවගේ සන්නාමය ප්‍රසිද්ධ නිසා ඒවට පාරිභෝගිකයෝ යනවා වැඩියි. අනිත් හේතුව තමයි රත්තරන් මිල දිනෙන් දින වෙනස් වීම. අපිට හරියට ගානක් පරිභෝගිකයන්ට කියන්න බෑ මිල වෙනස්වෙන නිසා. එක දවසක් ආව පාරිභෝගිකයා රත්තරන් ආභරණ බලලා ගිහින් මිලදී ගන්න වෙනත් දවසක ආවොත් කලින් කිව්ව මිල වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා පාරිභෝගිකයන්ට තියන විශ්වාසෙත් අඩු වෙනවා. ඔය වගේ හේතු නිසා අපිට බිස්නස් අඩුයි.

ශෂිකා අබේරත්න


ඡායාරූප -  ඉසුරු පෙරේරා



අදහස් (0)

මේ දවස්වල බිස්නස් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site