බොරැල්ල චෙනාස් වෙළෙඳ ආයතනයේ හිමිකරු බී. ඒ. පියසේන
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, දෙමටගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු.
බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළගා වූයේ බොරැල්ල රෙදිපිළි වෙළෙඳසලක් වෙතය. එය බී. ඒ. පියසේන මහතාගේ චෙනාස් වෙළෙඳසැලය. ඔහු මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
මම අවුරුදු 48 ක ඉඳන් බිස්නස් කරන්නේ. සේවකයොත් ඉන්නවා. අපි පිටකොටුවෙන් රෙදි තොග වශයෙන් මිලදීගෙන අලෙවි කරන්නේ. මේ දවස්වල බිස්නස් ගැන කියනවානම් බිස්නස් අඩුයි.
උත්සව සමය කියන්නේ රෙදි බිස්නස්වල සීසන් එක නිසා උත්සව සමයේ හොඳට බිස්නස් තිබ්බා. උත්සව සමයෙන් පස්සේ බිස්නස් අඩුයි.
Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න බලපාන එක හේතුවක් තමයි ව්‍යාපාර අතර නිර්මාණය වෙලා තියන තරගකාරිත්වය. මම මුලින්ම බිස්නස් කරන කාලේ රෙදි කඩවල් හරිම අඩු ප්‍රමාණයක් තිබ්බේ. නගරයටම කඩ කීපයයි තිබ්බේ.
ඒ නිසා හොඳට බිස්නස් තිබ්බා. එහෙත් දැන් බලන බලන තැන රෙදි වෙළෙඳසල්. ඒ නිසා පාරිභෝගිකයෝ බෙදිලා යනවා. අනික හැම වෙළෙඳසලකම බලලා ගණන් අහලා අඩුම තැනින් තමයි මිලදී ගන්නේ.
අනෙක් දේ තමයි දැන් පාරිභෝගිකයෝ හුරුවෙලා තියෙන්නේ නම ගිය මහ පරිමාණ රෙදි වෙළෙඳසල් වෙත යන්න. ඒවගේ රෙදි, පාවහන්, තිර රෙදි, ඇද ඇතිරිලි, බෑග්, සෙල්ලම් භාණ්ඩ ආදී බෝහෝ දේ එකම තැනකින් මිලදී ගන්න පුළුවන් වීම ඒකට එක හේතුවක්.
ඒවගේම තෝරා ගැනීමට විශාල එකතුවක් තියන නිසා අපේ වගේ පොඩි වෙළෙඳසල් වෙත පාරිභෝගිකයෝ එන්නේ හරිම අඩුවෙන්. ඒ නිසා අපිට බිස්නස් අඩුයි.
ශෂිකා අබේරත්න
ඡායාරූප :
ඉසුරු පෙරේරා
2025 දෙසැම්බර් මස 18
554
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ දවස්වල බිස්නස් අඩුයි