IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මේ දවස්වල බිස්නස් අඩුයි

ප්‍රධාන වීදියේ බෙස්ට් චොයිස් වෙළෙඳ ආයතනයේ හිමිකරු රිස්වි ෂෙරිෆ්

වෙනත් වෙළෙඳ නගරයකින් සොයා ගැනීමට නොහැකි භාණ්ඩයක් සොයා ගන්නටත්, භාණ්ඩයක් අඩු මිලකට ගන්න නම් යා යුත්තේ කොළඹ කොටුවට යන්න පාරිභෝගිකයාට ඒත්තු ගැන්වී තිබෙනුයේ වෙළෙඳ නගරයේ ආරම්භයේ සිටම ය. පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන පරිදි භාණ්ඩ මිලදී ගැනීමට විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පිටකොටුව වෙළෙඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද සැලකිය හැකිය. 
එළඹෙන උත්සව සමයත් සමඟ වෙළෙඳපොළේ සූදානම කෙබඳු ද යන්නත් මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී ප්‍රධාන වීදියේ බෙස්ට් චොයිස් (BEST CHOICE) වෙළෙඳ ආයතනයේ හිමිකරු රිස්වි ෂෙරිෆ් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q මේ දවස්වල බිස්නස් කොහොමද?
මේ දවස්වල බිස්නස් අඩුයි. සෑම වසරකම පෙබරවාරි මාසය කියන්නේ බිස්නස් අඩු මාසයක්. ආපහු බිස්නස් එකක් තියෙන්නේ මාර්තු දෙවැනි සතිය විතර වගේ වෙද්දී. රාමසාන් උත්සව සමයත්, සිංහල අලු‍ත් අවුරුදු සීසන් එකත් එක්ක තමයි ආපහු බිස්නස් එකක් තියෙන්නේ. 
Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
කාන්තා සහ පිරිමි පාවහන් සහ විශේෂයෙන්ම ළමා පාවහන් තමයි අපි වෙළෙඳාම් කරන්නේ. භාණ්ඩ තොග සහ සිල්ලර කියන දෙඅංශයෙන්ම වෙළෙඳාම් කරනවා. මේ දවස්වල රේගුව මඟින් බහාලු‍ම් නිදහස් කිරීමේ ප්‍රමාද වීමක් තියෙනවා නමුත් අපිට ලොකු බලපෑමක් වෙලා නෑ. මොකද අපි දේශීය භාණ්ඩ නිපැයුම්කරුවන්ගෙන් තමයි භාණ්ඩ ලබා ගන්නේ. ඊට අමතරව ඉතා සුළු ප්‍රමාණයක් ආනයනික වෙළෙන්දන්ගෙන් මිලට අරගෙන වෙළෙඳාම් කරනවා. 
මේ වෙද්දී පාවහන් මිලේ පෙර වසරවලට වඩා වැඩිවීමක් වෙලා තියෙනවා. කලින්ට වඩා භාණ්ඩයක් මිලදී ගැනීමේ දී වෙළෙන්ඳන් වන අපටත් ලොකු මුදලක් වැය කරලා තමයි භාණ්ඩ ගන්න සිදුවෙලා තියෙන්නේ. සේවා ගාස්තු වශයෙනුත් යම් මුදලක් යොදවන්න ඕනේ. මේ වෙද්දී කුඩා ළමයින්ගේ පාවහන්, මේස් ආදියේ මිල වැඩිවෙලා තියෙනවා. පොඩි දරුවන් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න පවුල්වල උදවියට හරි අමාරුයි භාණ්ඩයක් මිලදී ගන්න. පවතින ආර්ථික මට්ටමත් එක්ක පාරිභෝගිකයන්ට මූලික අවශ්‍යතාවලට අමතරව තවත් දෙයක් මිලදී ගන්න හැකියාවක් නෑ. භාණ්ඩයක් මිලදී ගන්න මුදලක් පාරිභෝගිකයා අතේ නැති වෙද්දී භාණ්ඩය මිලදී ගන්න පැමිණෙන පාරිභෝගිකයන්ගේ අඩුවක් නිර්මාණය වෙනවා. එනිසා තමයි මේ වෙද්දී බිස්නස් අඩුවෙලා තියෙන්නේ.
උත්සව සමයත් එක්ක භාණ්ඩවල මිලේ යම් වැඩිවීමක් වෙන්න පුළුවන්. එහෙත් අපි විශේෂයෙන්ම පොඩි ළමයින් වෙනුවෙන් පාවහන් අලෙවිකරන නිසා වැඩි මිලක් නියම කළොත් පාවහන් විකුණ ගන්න හැකියාවක් නැතුව යනවා. මම සේවකයන් හයක් සහභාගී කරගනිමින් තමයි මේ බිස්නස් එක පවත්වා ගෙන යන්නේ.
ශෂිකා අබේරත්න
ඡයාරූප-සුමුදු හේවාපතිරණ



අදහස් (0)

මේ දවස්වල බිස්නස් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site