IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මේ දවස්වල නම් බිස්නස් හොඳයි

බොරැල්ල Charli’s Sports හිමිකරු මොහොමඩ් උසාමා


මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල ආදී ප්‍රදේශවලට ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළගා වූයේ බොරැල්ල නගරය වෙතය. ක්‍රීඩා උපකරණ සහ ක්‍රීඩා ඇඳුම්, සපත්තු වෙළෙඳසැලක් වූ Charli’s Sports  වෙත අපි ගොඩ වූයෙමු. එහි හිමිකරු වූ මොහොමඩ් උසාමා මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
අපි විකුණන්නේ ක්‍රීඩා උපකරණ සහ ක්‍රීඩා සඳහා අවශ්‍ය ඇදුම් සපත්තු ආදිය. මම මේ ව්‍යාපාරය පටන් අරන් තවම කෙටි කාලයක්. මේ දවස් වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් හොඳයි. සාමාන්‍ය විදියට කෙරීගෙන යනවා. වෙසක් එකෙන් පස්සෙ බිස්නස් ටිකක් වැඩි වුණා. 


Q: බිස්නස් වැඩිවීමට බල පෑ හේතු මොනවාද?
අපි විකුණන්නේ ක්‍රීඩා උපකරණ නිසා අපිට බිස්නස් වැඩි කාලයක් සීසන් එකක් කියල නෑ. සාමන්‍ය විදියට තමයි බිස්නස් වෙන්නේ. අපි චීනෙන් ඉන්දියාවෙන් ක්‍රීඩා උපකරණ අානයනය කරනවා. පාරිභෝගිකයෝ ඉල්ලන විදියට තමයි අපි බඩු ආනයනය කරන්නේ. මොකද පාරිභෝගිකයාගේ ඉල්ලු‍මට අනුව සැපයුම කරන්න ඕන. එතකොට තමයි අපිට බිස්නස් එකේ සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන්. 
සමහර පාරිභෝගිකයෝ ඕන කරන ක්‍රිඩා උපකරණ සපත්තු එහෙම විවිධ සන්නාම වලින් ඇණවුම් කරනවා. අපි ඒ ඕන කරන ඒවා ආනයනය කරලා දෙනවා. බඩු මිලෙත් යම් අඩුවීමක් තියනවා. මිල අඩු වීමත්  බිස්නස් වැඩි වෙන්න බලපානවා. ඒවගේම පාරිභෝගිකයෝ කැමැති තෝරාගන්න හොද එකතුවක් වෙළෙඳසැල්වල තියනවට. අපි ළඟත් ලොකු එකතුවක් තියනවා. ඒකත් එක හේතුවක් බිස්නස් වැඩි වෙන්න.
ශෂිකා අබේරත්න

ඡායාරූප - ඉසුරු පෙරේරා



අදහස් (0)

මේ දවස්වල නම් බිස්නස් හොඳයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site