IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මේ දවස්වල නම් බිස්නස් ටිකක් අඩුයි

සිංහල හින්දු අලු‍ත් අවුරුදු සමය යනු බිස්නස් කරන කොයි කාටත් සරු කාලයයි. අවුරුදු මාසය නිමාවූ  මේ දිනවල බිස්නස් කටයුතු පිළිබදව දැන ගැනීමට අපි නුගේගොඩ බලා ගියෙමු. අපි ගොඩ වූයේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඇතුළු ගෘහ උපකරණ අලෙවිසැලක් වෙතය. එහිදී හිමිකරු වූ මොහොමඩ් රිෆ්ලාස් මහතා මේ දිනවල එනම් ප්‍රශ්චාත් අවුරුදු සමයේ බිස්නස් පිළිබදව අදහස් දැක්වූයේ මෙලෙසිනි. 

මේ දිනවල බිස්නස් කොහොමද? 
මම විකුණන්නේ ඉලෙට්‍රික් බඩු ඇතුළු තවත් ගෘහ උපකරණ. අවුරුදු 20 වගේ ලොකු කාලයක් මම බිස්නස් කරනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් අවුරුදු සීසන් එක ඉවර වුණා විතරයි. ඒ නිසා මේ දවස් වලනම් බිස්නස් ටිකක් අඩුයි. අවුරුදු සීසන් එකේ නම් බිස්නස්වල වැඩිවීමක් තිබ්බා. ගිය අවුරුද්දටත් වඩා මේ අවුරුද්දේ බිස්නස් තිබ්බා. තාම අවුරුද්දෙන් පස්සේ හරියට බිස්නස් එකක් වුණේම නෑ.

 

බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
මේ දිනවල බිස්නස් අඩු වෙන්න හේතුවක් තමයි අවුරුද්දෙන් පස්සේ තාම හරියට වැඩ පටන් අරගෙන නෑ. මිනිස්සු අවුරුදුවලට ගම්වල ගිහිල්ලා එහෙම දැන් තමයි ආයෙත් කොළඹට ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු කාලේ කාටත් වියදම් වැඩි නිසා දැන් මිනිස්සු අතේ සල්ලි නෑ. ඒ නිසා තමයි මේ දවස් වල බිස්නස් අඩු. අවුරුදු සීසන් එකේ මෙදා පාර බිස්නස් වැඩි වීමට හේතුවක් වුණා බඩු මිල අඩු වීම. 
කලින් අවුරුදු වලට සාපේක්ෂව මේ වසරේ බඩු මිල ගොඩක් අඩු වුණා. කොරෝනා, ආර්ථික අර්බුද එක්ක වැඩිවුණ බඩු මිල වසරෙන් වසර අඩු වෙලා මේ වසර වෙනකොට නැවත සාමාන්‍ය තත්වයට පත් වුණා. ඒක හැම ක්ෂේත්‍රයකම වගේ පොදුවේ සිදුවුණ දෙයක්. ඒ නිසා මෙදාපාර අවුරුද්දට බිස්නස් කාටත් සරු වුණා කියලා මම හිතන්නේ. ඉස්සරහට වෙසක් පොසොන් උත්සව එනවා. ඒවත් එක්ක ඉදිරි මාසවල බිස්නස් දැන් තියන තත්වෙට වඩා වැඩිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
 
ශෂිකා අබේරත්න
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

මේ දවස්වල නම් බිස්නස් ටිකක් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 547 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site