මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවල ඇදුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ කොට්ටාව රන් ආභරණ වෙළෙඳසලක් වූ තිලකරත්ත ජුවලර්ස් වෙතය.
එහි හිමිකරු වූ විමර්ශන් තිලකරත්න මහතා මේ දිනවල බිස්නස් පිළිබද දැක්වූයේ මෙවැනි අදහසකි.
මේ දිනවල බිස්නස් කොහොමද?
මේ ව්‍යාපරය පටන් අරන් මේ වෙද්දි වසර 12 ක් වගේ වෙනවා. බිස්නස් කාලයෙන් කාලයට අඩු වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්. මේ දිනවල බිස්නස්වල තත්වය ගැන කියනවා නම් බිස්නස්වල අඩුවක් තියනවා. කලින් සාමාන්‍ය පරිදි බිසනස් එක කෙරීගෙන ගියත් මාස 6ක 7ක වගේ කාලයක සිට බිස්නස්වල අඩුවක් තියනවා.
බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
බිස්‍නස් අඩු වෙන්න බලපාන ප්‍රධාන හේතුව තමයි රත්තරන්වල මිල ගණන් ඉහළ යෑම. එකවරම රත්තරන් මිල ගණන් විශාල මුදලකින් ඉහළ ගියා. රුපියල් ලක්ෂ දෙකක් පමණ වූ රත්තරන් පවුමක් රුපියල් 40,000ක වගේ විශාල මුදලකින් එකවර වැඩි වුණා. ඒක තමයි බිස්නස් අඩු වෙන්න බලපාපු ප්‍රධාන හේතුව.
මේ දිනවල කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 246,000 යි. කැරට් 24 පවුමක මිල රුපියල් 266,000 යි. මේ ගණන්වලට අමතරව හැදුම් කුලියකුත් එකතු වෙනවා. පාරිභෝගිකයන්ට දරගන්න අමාරුයි මේ මිල ගණන්. අගෝස්තු නැකත් මාසයක් නිසා විවාහ උත්සව වැඩියි. එහෙත් බිස්නස්වල වැඩිවීමක් නෑ.
අනෙක් රත්තරන් භාණ්ඩවලත් අලෙවිය අඩුයි. ඕක තමයි මේ දිනවල බිස්නස්වල තත්වය.
ශෂිකා අබේරත්න
ඡායාරූප - ඉසුරු පෙරේරා
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මේ දිනවල බිස්නස්වල තියෙන්නේ අඩුවක්