IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මේ ගෙවෙන්නේ බිස්නස් අඩු කාලයක්

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබදව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී මෙකී නොකී භාණ්ඩ අලෙවිසල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ගොඩවූයේ කොලොන්නාව පාවහන් වෙළෙඳසලක් වූ යුනික් ෆුට් වෙයාර් වෙතය. එහි අලෙවිකරුවකු වූ මොහොමඩ් අක්තාබ් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.


Q: මේ දිනවල බිස්නස් කොහොමද?
අපි මේ වෙළෙඳසල අරම්භ කරලා දැනට ලොකු කාලයක් නෑ. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. ආරම්භ කරපු කාලේ හොඳට බිස්නස් තිබ්බා.


Q:බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
ආරම්භ කරපු කාලේ බිස්නස් හොඳ වෙන්න හේතු වුණේ කොලොන්නාවේ ලොකු එකතුවක් තියන පාවහන් අලෙවිසලක් තිබ්බේ නෑ. ඒ නිසා පාරිභෝගිකයෝ හරි කැමැත්තෙන් පාවහන් තෝරලා මිලදී ගත්තා. එහෙත් දැන් ඉස්සර වගේ නෙමෙයි පාවහන් වෙළෙඳසැල් ගොඩක් තියනවා. ඒකත් එක හේතුවක් බිස්නස් අඩු වෙන්න. තවත් ප්‍රධානම හේතුව තමයි මේ පවතින ආර්ථික තත්වය. 
මේ ආර්ථිකෙත් එක්ක මිනිස්සුන්ට සල්ලි නෑ. අත්‍යවශ්‍ය වියදම් වන ආහාර, අධ්‍යාපන කටයුතු, සෞඛ්‍ය කටයුතුවලට වියදම් කළාම අමතර වියදම්වලට මිනිස්සු ළඟ සල්ලි නෑ. ඉස්සර උත්සව සමයට හරි ගෙදර හැමෝටම අලු‍තෙන් පාවහන් මිලදී ගන්නවා. දැන් ගොඩක් මවුපියන් තමන්ගේ දරුවන්ට විතරයි අලු‍තින් පාවහන් මිලදී ගන්නේ. සෙරප්පු, සපත්තු කැඩුණොත් මහලා දාන්න පුළුවන් තරම් කල් දාලා තමයි අලු‍ත් පාවහන් දෙකක් මිලදී ගන්නේ. 
අනෙක් හේතුව තමයි අපි පාවහන් ආනයනය කරන්නේ නෑ. පිටකොටුවෙන් තොග වශයෙන් අරන් තමයි අලෙවි කරන්නේ. එහෙම බිස්නස් කරද්දි අතරමැදි වෙළෙඳුන් තමයි ලොකු ලාබයක් ලබන්නේ. තොග වශයෙන් අරන් අපිත් ලාබයක් තියාගෙන විකුණද්දි අඩු මිලකට අලෙවි කරලා අපිට ලාබයක් ගන්න බෑ. ඒ නිසා පාරිභෝගිකයෝ දුර ගැන හිතන්නේ නැතුව පිටකොටුවටම ගිහින් භාණ්ඩ මිලදී ගන්නවා. ඔය වගේ හේතු නිසා අපිට බිස්නස් අඩුයි. 

ශෂිකා අබේරත්න



අදහස් (0)

මේ ගෙවෙන්නේ බිස්නස් අඩු කාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site