කෝවිද ගුණසේකර මහනුවර ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ගුවන්තොටුපළේ කටයුතු වහා අරඹන්නැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බළධාරීන් හට උපදෙස් දුන්නේය. රාජපක්ෂ මහතා මෙසේ උපදෙස් ලබාදුන්නේ ගුවන්තොටුපොළ ඉදිකිරීමට වෙන්කර ඇති තෙල්දෙණිය මහඛෙරිතැන්න ප්‍රදේශයේ සිදු කළ සංචාරයකදීය.ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේදී පරිසරයට අවම හානියක් සිදුවන බවටද වගබලාගත යුතුයැයිද ජනපතිවරයා පැවැසීය. මහනුවර නගරය කේන්ද්‍රකරගෙන සංචාරක වැඩසටහන් ප්‍රවර්ධනය සදහා මෙසේ ගුවන්තොටුපොළක් ඉදි කිරීමට සැළැසුම් කර ඇත.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන්තොටුපොළක් තිබීම හරි. නමුත් එතන ඉන්න කෙනා හරියට සංඥාව දිය යුතුයි. (ස)
තව ටිකක් මදි ,අපි බදුල්ලට මුහුද අරගෙන යමු. අපේ අහසේ අනතුරු වැඩි වෙයි. නිල් අහස අපට, හුරේ ......! (නි)
මහබේරියතැන්න ගොල්ෆ් පිටිය හදනකොට පවුල් 400ක් ඉවත්කලා. එක හැදුවේ ජපන්නුන්ට ගොල්ෆ් ගහන්න. සිකුරාදා හවස වැඩ ඉවරවෙලා ජපන්නු රාත්‍රියේම ජපානෙ ඉඳල කටුනායක එනවා. ඊටපස්සේ සී ප්ලේන් එකෙන් මහබේරියතැන්න යනවා. සෙනසුරාදා ඉරිදා ඒ අය ගොල්ෆ් ගහලා ඉරිදා හවස ආපහු ජපන් යනවා සඳුදා වැඩට යන්න. එහෙමතමා ඒකෙ ආර්ථික හා වෙළඳපොළ ශක්‍යතාව පෙන්නුවේ. ඒ වගේ නුවර මහබේරියතැන්න ගුවන්තොටුපොළත් ඉතා හොඳ අර්ථික ව්‍යාපෘතියක්. මත්තල ගුවන් තොට වගේම වටිනා ව්‍යාපෘතියක් (දී)
කොමිස් ගැසිය හැකිය නිසා මේ වගේ වැඩකරන්න උනන්දුවෙනවා , කොමිස් නැති ඒවාට බාලගිරි දෝෂය.(නදී)
අද ඉන්දියාව අරගෙන බැලුවොත් ඒ රට අද ලෝකයේ රොකට් තාක්ෂණය අතින් ද න්‍යෂ්ටික තාක්ෂණය අතින්ද ඒ වගේම කාර්මික අතින්ද දියුණු වී ඇති නමුත් තවම ඒ රටේ දුප්පත්කම නැති කරන්න ඉන්දියාවට බැරි වී තිබෙනවා. නමුත් ඉන්දියාව තම රටේ සංවර්ධනය නවතා නැහැ.එය තමයි ලංකාවෙත් සිදුවිය යුත්තේ. (නි)
දැන් නුවර බඩු ලාබ වෙයි නේද? (නි)
මහනුවර මිනිස්සු නම් රතුපස්වල මිනිස්සු වගේ නෙමෙයි වගේ (නි)
පහු පහු වෙනකොට පාරෙන් යන්න බැරි වෙයි කියලා හිතලදෝ මන්දා මේ තරම් ගුවන් තොටුපොළවල් හදන්නේ. (නි)
මාර්ටින්, ෂෙහාන්ලා නම් ආවඩන්නෝ වගෙයි (නි)
මෝල් ගහේ දළු ලන තුරු, හම්බන්තොටට නැව් එන තුරු, මත්තලට ප්ලේන් එනතුරු, උසි කපුටෝ උසී.(දී)
අපේ වගේ පොඩි රටකට ඕනෑ හොද ප්‍රවාහන ක්‍රමයක් මිසක් ගුවන් තොටුපළවල් නෙමෙයි නේද? ගමනාගමනය මේ පුංචි රටේ කරන්න පුළුවන් හොද දුම්රිය සේවයක් තියනවා නම්...කෝ තවමත් දුවන්නේ අවුරුදු 50 පරණ කෝච්චිනේ. (නි)
මම හිතන්නේ ලංකාව බොහොම ඉක්මනින් වේගයෙන් දියුණු වන්න හොද වැඩ සටහනක්. (ස)
තවත් මත්තලක් හදන්ඩ සරසෙනවද ? දිරාගිය ලංගම බස් හදන්දද එතුමාගේ සැලැස්ම! (දී)
අනේ ජනාධිපතිතුමනි අපිට නුවරට වරායකුත් හදල දෙන්නකෝ ...! (ස)
අද මම විතරක් නෙමෙයි මගේ දරුවනුත් හොදට කනවා බොනවා, හොද ගෙයක් දොරක්, වාහනයක් තිබෙනවා. අපේ ආර්ථිකය ශක්තිමත් අල්ලපු ගෙදරට වඩා. (නි)
මම නං තද එජාප කාරයා. හැබැයි ලිං මැඩියෙක් නම් නොවේ.මේවා වෙන්ඩ ඕනෑ වැඩ.හම්බන්තොටට නම් මේවා ගැලපෙන්නේ නැහැ.හැබැයි නුවරට අත්‍යවශ්‍යයි. (නි)
දැන් ඕනෑ තැනකින් රටින් පැනගන්න පුළුවන්! (නි)
දේශපාලුවෝ හැමෝටම ඩියුටි ප්‍රී ගුවන්යානය බැගින් අනාගතේදී ලැබෙන්න පුළුවන්. ඔවුන්ට ජයවේවා! (නි)
ශේන් මෙතන ප්‍රශ්නේ මෙතන අදහස් දන බාගයක් හාල් කෑලි විපක්ෂයේ අය. මේ අයට ඕනේ ප්‍රබාකරන්න් ට බයේ කොළ කොටින්න්ට බයේ ඉන්න. මෙතන අදහස් දාන අය රටේ බහුතරය කියල හිතන්න එපා. මේ අය බාගයක් ඉන්නේ පිටරටවල .මේ අය දන්නේ පත්තරවල විස්තර විතරයි.(නදී) .
ඔහොම එයාපෝර්ට් දැම්මම පාරවල් වලින් අපි සල්ලි හොයන්නේ කොහොමද ?(නදී)
නුවර ගුවන් තොටුපලත් හරි,තව අඩු වාරයක් විතරයි (නි)
එතකොට ගුවන් පාලන අඩු කරන්න පුළුවන් - හොඳ වැඩක්.(නදී)
බස් ගාස්තු වැඩි කරපු අයට හොද පාඩමක් උගන්නන්න පුළුවන්.අපිට පුළුවන් හැමතැනටම ප්ලේන් එකේ යන්න.පයිලට් කෙනෙක් ප්ලේන් එකක දොරේ එල්ලිලා "කොටුව,පිටකොටුව" කියල සෙනග නග්ගගන්න දවස වැඩි ඇතක නෙමේ. (ස)
දැන් අපිට ගුවන් තොටුපොළවල් විතරද අඩු? මීට කලින් මහජන ප්‍රශ්න ටික විසදලා හිටියොත් අපි සතුටුයි. පේනවනේ රටේ දැවෙන ප්‍රශ්න මොනවද කියලා. එහෙන් අලි කරදර. විදුලි වැටවල් ප්‍රශ්න. මෙහෙන් මිනිස්සුන්ට බොන්න වතුර නැහැ. අනේ මන්දා? (නි)
ද සිල්වා බෙර්ලින් .., ඔයාගේ අදහස මමත් අනුමත කරනවා .මේ පුංචි රටට අවශ්‍ය දුගී දුප්පත් ජනතාවට පිළිසරණක් . (ස)
පිටකොටුවටත් එකක් දැම්මොත් නරකද. එතකොට උදේට ප්ලේන් එකෙන්ම වැඩට එන්ඩ යන්ඩ පුළුවන්.(නදී)
මහනුවර රෝහලට ඇදන් නැහැ. එහි සේවය කරන හෙදියන්ට වාට්ටුවට යාබද කාමර නැහැ. ගුඩ් ෂෙඩ් බස් නැවතුමේ ඉන්න බැහැ මුත්‍රා ගඳ. එහි වැසිකිළි පහසුකම් නැහැ,මාර්කට් බස් නැවතුමේ කිසිම ගොඩනැගිල්ලක් නැහැ. මධ්‍යම වෙළෙද පොළ අපායක් වගේ. අනෙක් නගර දියුණු වෙනවා. එහෙත් ලංකාවේ දෙවන අගනුවර තත්වය එහෙමමයි. (නි)
ලංකාවේ තාක්ෂණය උපයෝගී කරගන වැව් , ජලාශ , වනාන්තර, කෘෂිකර්මාන්තය වගේ දේවල් දියුණු කරන්න ආරක්ෂා කරන්න, කොළ එළි පත්තුවෙන්නේ කවදාද? (නි)
අතීතයේ හිටපු ගාල්ලේ මහත්තයෙකුත් කිවුවා බිබිලේදී, බිබිලේ ජනතාවට වරායක් හදලා දෙනවා කියලා. (නි)
අනේ! නුගේගොඩටත් එකක් දෙන්නකෝ.මට ඉතාලියේ ඉඳලා ප්ලේන් එකෙන්ම ගෙදර යන්න. (නි)
අධිවේගී මාර්ගය හැදුවා නම් හදිස්සිකාරයන්ට පැය 1 1/2කින් නුවර එන්න පුළුවන් (නි)
ඔය ගුවන් තොටුපොල හදන තැන තියෙන බීජ ගොවිපොළ තවදුරටත් වැඩි දියුණු කළා නම් ඔය මුදල් වලින්, ලංකාව කෘෂිකාර්මික රටක් නිසා මීට වඩා ප්‍රතිපලයක් ගන්න පුළුවන් බව සිකුරුයි (නි)
අනේ වාසනාවන්,අනේ බදුල්ලටත් පොඩි ගුවන්තොටුපොළක් හරි දෙන්නකෝ. (නි)
මේ ගුවන් තොටුපලත් සුදු අලියෙක් වෙන එක නොඅනුමානයි. ප්‍රශ්නය තියෙන්නේ මේ ගොවිපල ප්‍රයෝජනයකට ගන්න පුළුවන් කම තියෙද්දී ඒක නොකරන එකයි. (නදී)
අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මොකටද මන්දා මේ තරම් ගුවන් තොටුපොළවල් හදන්නේ. (නි)
මොනවද ඔට්ටු මෙයා නුවර වරායකුත් හදල තමයි පස්ස බලන්නේ.(නදී)
මමත් අපේ තාත්තට කියල ඉස්සරහ කුඹුර ගොඩකරලා පොඩි ගුවන් තොටුපලක් හද ගන්න ඕනේ. (නදී)
සෑම්,ලංකාවේ මිනිස්සු රැකියාව සදහා උදේට කෝච්චියේ එන්නේ හරියට ජෑම් පැක් කරලා වගේනේ. ඉතින් පිටකොටුවටත් ගුවන් තොටුපොළක් දැම්මොත් නරකද? (නි)
ගාමිණී-සිරි කියනවා වගේ මේ වැඩේ දේශපාලන ව්‍යාපෘතියක් හැටියට කළොත් නම් අපි අමාරුවේ. නිසි අධ්‍යයනයක් කරලා 'ආර්ථික ව්‍යාපෘතියක්' හැටියට කළොත් නම් හොඳක් වෙයි. (නි)
කෘෂිකර්ම පර්යේෂණ ආයතනය නැවත මත්තලට අරගෙන යමුද? මම යෝජනාවක් හැටියටයි මේ කියන්නේ. (නි)
අනේ මන්දා මේවා අහන අපිට මොලේ හොඳ නැද්ද, නැත්නම් වෙන මොකක්හරි ප්‍රශ්නයක්ද කියලා හිතාගන්න බැහැ (නි)
බස් ගාස්තු වැඩි කරපු ගැමුනුලට හොද පාඩමක් උගන්නන්න අපිට ප්ලේන් එකේම යන්න පුළුවන්.දවසක එයාලටත් වෙන්නේ බස් විකුණලා ප්ලේන් ගන්න.. (අ)
පයිලට් කෙනෙක් ප්ලේන් එකක දොරේ එල්ලිලා "කොටුව,පිටකොටුව".. කියල කෑ ගහනවා මට මැවිලා පේනවා. (අ)
මේ වැනි දේවලට වියදම් කරන මුදලින් ලංගමට බස් ටිකක් ගෙනවානම් , ජනතාවට විශාල ප්‍රතිලාභයක් වෙනවා , ලංකාවට එන සංචාරකයෝ කොළඹ ඉදන් නුවරයන්නේ පින්නවෙලත් බලාගෙන මගතොටේ සිරි නරබමින් , මේ වැඩෙන අපේ සංචාරක කර්මාන්තයට වෙන සෙතක් නැහැ මේ ගුවන්තොටුපල ප්‍රයෝජනයට ගන්නේ අපේ ඇමතිවරු (දී)
එක්සත් රටක් වුණහම දිනෙන් දින දියුණු වෙන්න ඕනෑ තමා. එහෙත් ලංකාවට ඇයි මෙච්ච්ර ගුවන් තොටුපලවල්? (නි)
දළදා මාළිගාවෙත් කැසිනෝ පාරක් දාමුද ? (ස)
අනේ රිස්වාන්, නුවර හෝගාන පොකුණක් නැතුව වරායක් හදන්නෙ කොහොමද? (නි)
උතුරේ සිට දකුණට අධිවේගී දුම්රිය මාර්ගයක් දැම්මා නම් හොද නැද්ද? (නි)
කෘෂිකර්ම පර්යේෂණ ආයතනය සමතල කරලා නේද මේක හදන්නේ,ලංකාවේ තියෙන බිජ ගොවිපල ද කොහෙද නේද,අනේ රටකට ගිය කලක්,කන්න වගාකරන්න තියෙන කුඹුර ගොඩකරලා පිට්ටනි හදනවා
හොද වැඩක්, අගය කරනවා ! (නි)
ලෝකේ තියන හැම ලෙඩකටම බේත් හොයාගෙන තිබෙනවා, එක ලෙඩකට හැර. (නි)
ගමගේට ස්තුතියි හොදම උත්තරය දුන්නට (නි)
එක පැත්තකින් පැයෙන් ගමන ඉවර කරන්න අධිවේගී මාර්ග හදනවා.තව පැත්තකින් ගුවන් තොටවල් හදනවා.ඔය තරම්ම හදිසියට යන්න ඕනෑ නම් හෙලිකොප්ටෙර් අංගන හැදුවා නම් හොදයි නේද? සමහර මිනිස්සු වැටි වැටි ලෑලි පාලමේ යනවා. සමහර පළාත්වල ලෙඩ්ඩු කරෙන් යනවා. අනේ මන්දා? (නි)
නුවර තවම අවුරුදු 100 කට එහා .වැසිකිලි නල පද්ධතියක් නැහැ.ළිං ජලය අපවිත්‍ර වෙලා .මේවා තමයි මුල් තැන දෙන්න ඕන. (ස)
ඉතාමත් හොඳ වැඩක්. අනේ පුලුවන් නම් පිටකොටුවටත් ගුවන් තොටුපලක් දාන්නකෝ. හැමෝටම කාර්යාල වලට යන්නත් පහසු වේවි (නි)
හැරෙන හැරෙනතන ගුවන්තොටුපල(අ) .. .
නුවරඑළියේ බියර් වගේ දේවලුත් මෙතනට ගෙනැල්ලා රට වටා , ලෝකෙටම ගෙනියන්න පුළුවන්. පළමුව ජීවිතය, ව්‍යාපාර දෙවනුව (නි)
සෑම් අනේ නිකන් සවුතු කරන්නේ නැතිව ඉන්න (අ)
මොනවා වෙන්න යනවද කියල හිතන්නවත් බැහැ. (ස)
විරාජ් කාලිංග 2013-08-07 09:22:12 කෘෂිකර්ම පර්යේෂණ ආයතනය සමතල කරලා නේද මේක හදන්නේ,ලංකාවේ තියෙන බිජ ගොවිපල ද කොහෙද නේද,අනේ රටකට ගිය කලක්,කන්න වගාකරන්න තියෙන කුඹුර ගොඩකරලා පිට්ටනි හදනවා. (අ)
මොකද හැමදාම සුනාමි එනව කියලද? (අ)
තිලක්-ඩුබායි, ඔන්න ඉතින් රතුපස්වලට යන්න හදනවා (නි)
වැඩේ හොදයි. නමුත් වැව් වල රොන්මඩ ඇල දොළ වැහිලා. ඉස්සෙල්ලා මේක නේද කරන්න ඕනා. මේක ගොවි රටක් තාම කාර්මික වෙලා නැහැ.(නදී)
හරියට මුල ඉඳන් කියවන්න මේ ගුවන් තොටුපල හදන්නේ කව්ද කියලා බලන්න. ඉතින් සහයෝගය දෙන්න..ජයවේවා....(නදී)
ලංකාවේ තිබෙන එකම කෘෂිකර්ම පර්යේෂණ ආයතනය සමතලා කරලා නේද මේක හදන්නේ. මේවා හෙන ගහන අපරාද?(නදී)
හදපු මත්තලට මෙලෝ විදේශීය ගුවන් යානයක් එන්නේ නැහැ ඒහෙම තියෙද්දී තවත් ගුවන් තොටුපොළවල්. (අ)
නාලක කටාර් 2013-08-08 04:15:20 ලෝකේ තියන හැම ලෙඩකටම බේත් හොයාගෙන තිබෙනවා, එක ලෙඩකට හැර.නාලක පිට රටවල එන්න අපි දන්නවනේ මොනවද සිද්ද වෙන්නේ කියල. (අ)
මේක නම් හොද දෙයක් නමුත් නුවරට ඕනේ ගුවන් තොටුපොල තෙල්දෙණියේ හදල වැඩක් තියනවද කියන එක හිතන්න වෙනවා, මොකද ඕක හැදුවෙත් කොළඹ ඉදලා මහ බෙරි තැන්නට එන වෙලාවට වඩා එතන ඉදන් නුවරට එන වෙලාව අනේ මන්දා.(නදී)
මෙය පුංචි රටට තව ගුවන් තොටුපොළවල් මොකටද? (දී)
ගමගේ 2013-08-07 15:22:18 අපේ තාත්තා කුලී වැඩ කරලා තුන් වේල කන්න අමාරුවෙන් හම්බ කරන තුට්ටු දෙකෙන් අම්මා ෂෝ එකට අල්ලපු ගෙදර පේන්න ලොකු පුටු සෙට් එකකුයි සද්දෙට වැඩ කරන සෙටප් එකකුයි පොලි සහිත ගෙවීමේ ක්‍රමයට ගත්තම මට තරහා යනවනේ. එහෙම වෙන එක සාදාරනයි නේද? ඒකයි අපි නම් කියන්නේ. තේරෙනවද දන්නේ නැහැ. කතාව සහතික ඇත්ත.(නදී)
රට යන විදිහ නම් එච්චර හොඳ නැහැ (නි)
ලංකාවේ ගැහැණු මැද පෙරදිග දහදුක් විදලා එවන මුදල් නැති නම් මේ වෙනකොටත් රටම හිගා කාලා ඉවරයි.(නදී)
මහනුවර රෝහලට මාතෘ වාට්ටුවට ඇදන් ටිකක් හදලා දෙන්නකෝ ඔය සල්ලි වලින්. (නි)
ලංකාවේ ජීවත් වෙන අයට තේරෙන භාෂාවෙන් කතා කරන්න දන්නවා එහෙනම්.(නදී)
පිටිගල මිලානෝ.කැත කතා කියන්න එපා .මේ රජය තරම් රටට,රටේ ජනතාවට සේවය කරපු රජයක් ඉතිහාසයේ තිබිලත් නැහැ.අනාගතයේදී ඇති වෙන්නෙත් නැහැ. (අ)
අපේ පාරේනම් 7 න් පස්සේ වැඩ ඇරිලා ගෙදර යන්න බස් එකක්වත් නැහැ...(අ)
අපිට මොකද. අපි සබරගමුවේ. ඔය ලංකාවේ වැඩක්නේ. (ස)
පේනවනේ හදපු මත්තල ගුවන් තොටුපොල.මම ලංකාවට යන්න කියල මත්තලට යන ගුවන් යානයක් හෙව්වා එකක්වත් නැහැ.අපරාදේ අපි ගෙවන පොලිය. (අ)
ශ්රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ට්‍රෝලර් යොදවා මාළු ඇල්ලීමට චීනයේ සමාගමකට අයිතිය හිමිවන ගිවිසුමකට අනුව ඉදිරි කාලයේදී චීන නැව් හතළිහක් ශ්‍රී ලංකා කොඩිය ද සහිතව මෙරට මුහුදේ මාළු ඇල්ලීමට පටන්ගනු ඇත. (ස)
සමහරුන්ගේ නම් මඩිය තරවෙනවා, අපේ බෙල්ල හිරවෙනවා, බඩ හැකිලෙනවා. සමහරුන්ට නම් මේවා හොද වැඩ වගේ පේනවා. ඒත් ලොකු විනාශයක් අතළග කියලා තමා මට පෙනෙන්නේ. (නි)
මේක හරියට - ලෝකෙට පොරකාසේ, ගෙදරට මරගාතේ - වගේ. (අ)
මේ වැඩේ හොද පැත්තකුත් තිබෙනවා. අනාගතයේදී ඇමති පුතාලට තමන්ගේම පුද්ගලික ගුවන් යානෙන් පිටරට ඉදලා කෙලින්ම මහ නුවරට එන්න පුළුවන් , එතකොට මගදී දොරවල් ඇරියා කියලා එක එක කතා අහන්න වෙන්නේ නැහැ (නි)
මේ වගේ වැඩ වලට පැනලා අනුමැතිය දෙන අයත් ඉන්නවනේ? (නි)
කඩුවෙලත් ගුවන් තොටුපොළක් හදන්න බැරිද ? (ස)
අපේ රටට ගුවන්තොටුපොළවල් තව ඕනද . මට තේරෙන්නේ නැහැ.(නදී)
මෙම ගුවන් තොටුපලවල් කුඩා ප්‍රමාණයේ ගුවන් යාන සඳහා පාවිච්චි කරන්නේ. දැන් ලංකාවට එන බොහෝ සංචාරකයන් ගුවනින් අපේ රටේ සිරි නැරඹීමට බොහෝ ආසාවක් දක්වනවා. මම මේ සම්බන්ධව පුද්ගලිකව දන්නා නිසාත් වැඩ කරන නිසාත් මෙය දනිමි. මෙයට දරන මුදල උපයා ගැනීම බොහොම සුළු දෙයකි. මගින් 4 සිට 12 දෙනෙකු දක්වා ප්‍රවාහනය කිරීමේ කුඩා ගුවන් යානා කිහිපයක් අපේ රට සතුව තිබෙන බැවින් එයින් ප්‍රයෝජනය ගෙන මුදලක් ඉපයීම සඳහා මෙය ඉවහල් වනවා ඇත (නි)
මොකුත් හිතන්න එපා මේ තරම් ගුවන් තොටවල් මොකටද මේ පුංචි රටට (දී)
වැඩේ නම් හොඳා..මෙවැනි ජාතික හෝ ජාත්‍යන්තර , ගුවන් තොටු පලක් හදන්න යන වියදමත්, වගේම, මෙයින් ලබා ගත හැකි ආදායමද ඉලක්ක කර වැඩේට බහින එක තමා හොඳ.මහබෙරි තැන්නේ බහින ගුවන් මගියා ,ගොඩවෙන්නේ කටුනායකින්ද?රත්මලානෙන්ද ?ගුවන් හමුදා මූලස්ථාන යෙන් ද ?ටිකට් පතෙහි මිල කීයද ?විස්තර කලොත් තමා හොඳ.(දී)
අලුත් නම එයාර් පෝර්ට් ලංකා. (නදී)
හැම නගරයකම ගුවන් තොටුපොලක් හැදුනට කමක් නැහැ.වැඩක් තියනවානම්. (අ)
හෂේන් මම ඔබ සමග සම්පුර්ණයෙන්ම එකඟයි. ලංකාවේ ඉන්නේ පුදුම මිනිස්සු. මොනවා හරි කරත් වැරදියි. නොකලත් වැරදියි. ඔබ කිවා වගේ මේවා මේ මිනිස්සු හරි නොකලොත් ආයි කරන්න පුළුවන් ආණ්ඩුවක් කවදා බිහි වෙයිද කියන්න බැහැ.(නදී)
මහබෙරිතැන්න තියන්නේ කුණ්ඩසාලේ නෙමෙයි. කලින් මේක හදන්න ගියේ කුණ්ඩසාලේ. එතන තමා කෘෂිකර්ම පර්යේෂණායතනය තියන්නේ. මහබෙරිතැන්නේ තියන්නේ පොඩි ෆාම් එකක්. (නි)
හෂාන් සමග මම එකඟ වෙනවා.රටක ආර්ථිකය දියුණු වෙන්නේ රටේ මිනිස්සුන්ගේ සංචරණය වැඩි වීමත් එක්ක.කොළඹ වරාය වගේම කටුනායක ගුවන්තොටුපොලෙත් වටිනාකම අපිට අද තේරෙනවා.රුවන්වැලි දාගැබ හදනකොටත් සමහර මිනිස්සු බැන්නලු.මොනවා නැතත් අපිට තේරෙනවා අපේ රටට ඉස්සරට වඩා වැඩක් කෙරෙනවා කියලා. (නි)
අසා එතකොට එන ගුවන්යානා බාන්නේ මාතෘ වාට්ටුවේ ඇඳන් උඩටද?(නදී)
මුළු මහනුවරටම මේක තමයි විශාල අඩුවකට තිබුනේ , ණයවෙලා හරි මේක හදමු, ණය පොලි සමග ගෙවන්නේ ජනතාවනේ , (අ)
ඇයි මෙපමණ ගුවන් තොටුපළවල්? (නි)
මාබෙරිය තැන්න බිජ ගොවිපලක් නෙවෙයි එතන තිබුනේ ෆාම් එකක් සහ පොල්වතු තැනිතලාවක් රටේ මැද නිසා මත්තලට වඩා ගොඩක් හොඳ ආයෝජනයක් වේවි.(නදී)
මට මේ මිනිස්සු ගැන හරි පුදුමයි. මොකක් කරත් වැරද්දක්. අනේ මන්දා මට නං අද වෙනකන් හොදක් මිසක් නරකක් නං වෙලා නැහැ. ඔය කියන තරං ප්‍රශ්න මිනිස්සු මවාගත්ත ඒවා මිසක් ඕව කොහෙද තියෙන්නේ කියල හිතාගන්න අමාරුයි. වෙන ආණ්ඩු කිසිම වැඩක් නොකර බොරුවට කෑ ගහපු එකේ පේන්න දෙයක් කරන එක හරි ලොකු දෙයක්. ණය ගෙවන්න හැකියාවක් නැත්තන් ණය දෙන්නේ නැහැ බොරුවට ප්‍රශ්න මවනවා. පිට රටක ගිහින් ලංකාවට ආවම දැනෙන දේ දන්නේ එහෙම අත්දැකීම් ඇති මිනිහෙක් විතරයි. වැරදි දේට පමණක් වැරදි කියන්න. කකුලෙන් ඇදල බිමට දාන්න හදන්නේ ඔය අපේම අනාගතයි. මේ මිනිස්සු බැනුම් අහන් ඕව නොකළ නම් ආයි ඕවා කරන මිනිස්සු ඉදීද කව්ද දන්නේ ?? (දී)
නුවරට ගුවන් තොටුපොළක් අත්‍යවශ්‍යයි . සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතු වෙනවා (නි)
අධිවේගී මාර්ගය හදන්නකෝ. ගෙදර ඉඳලා ගුවන් තොටුපොළට යන වෙලාවයි ගුවන්තොටුපලේ ඉඳලා යන්න ඕනෑ තැනට යන වෙලාවයි බැලුවම අධිවේගී මාර්ගයෙන් යන්න පුළුවන් ඉක්මනට. (නි)
අපේ තාත්තා කුලී වැඩ කරලා තුන් වේල කන්න අමාරුවෙන් හම්බ කරන තුට්ටු දෙකෙන් අම්මා ෂෝ එකට අල්ලපු ගෙදර පේන්න ලොකු පුටු සෙට් එකකුයි සද්දෙට වැඩ කරන සෙටප් එකකුයි පොලි සහිත ගෙවීමේ ක්‍රමයට ගත්තම මට තරහා යනවනේ. එහෙම වෙන එක සාදාරනයි නේද? ඒකයි අපි නම් කියන්නේ. තේරෙනවද දන්නේ නැහැ (නි)
රතුපස්වල මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් දෙන්න ඉක්මන් කරන්න ක්‍රමයක් කාටවත් නැ.නමුත් ගුවන්තොට හදන්න ඉක්මන් කරන්න උපදෙස් . අර මත්තලත් හදල වේලි වේලි තියෙන්නේ.(ත)
ලංකාවේ දිග සැතපුම් 240යි. පළල 140යි. ගුවන් යානයක් ගුවන් ගතවීමට සහ ගොඩබැස්සවීමට ගතවෙන කාලයට සාපේක්ෂව ගුවනේ ගමන් කරන්නේ ඉතාමත් කෙටි කාලයක්. රට දියුණු වීම ඉතාමත් හොඳ දෙයක්. නමුත් රටක දියුණුව මනින්නේ ගුවන් තොටුපොළවල් ගානෙන් නොවේ. අනිකුත් සියලුම දේවල් අංගසම්පූර්ණ නම් මේ වගේ දේවල් කලාට කමක් නැහැ (නි)
අපි ගම්පහ. අපිටත් ඕනෑ වරායකුයි ගුවන් තොටුපළකුයි. (නි)
මෙච්චරයි අඩුවකට තිබුණේ , දැන් ඉතින් ලංකාවේ කරන්න කියලා දෙයක් නැහැ. (නි)
ගමනක් යන්න බස් එකක් නැහැ? නමුත් ගුවන් තොටුපොළවල්? (නි)